Energy Tip
of the Day!

Energy star rated compact fluorescent Lamp (CFL) should be the choice in household lighting applications From the extraordinary Gazette notification No. 1611/10 of July 22,2099, the display of the Energy Label  on every CFL was made mandatory. The energy label consists of star rating which varies from  1 star   to 5star higher the number of the star greater the energy efficiency of the CFL. Accordingly CFLs having an energy label with 5 star are  most energy efficient compared to the  CFLs having 1star to  4star rating. By repacking a 1star CFL with 5star CFL with 5-7 watts lower in wattage the same light out put can be gained. Purchasing a CFL with 5 star rating about 5-7 watts  can be cut down At present LED Lamp technology has improved rapidly end in parallel the price of LED lamps have come down to  an affordable Scale for the domestic consumer. Sri Lanka has already introduced performance stety and Minimum Energy performance  standers (MEPS) for LED Lamps introduce for which satisfy MEPS.

Recent Events

Recent Events

තිරසාර ජෛව බලශක්ති වගාවන් ස්ථාපනය කිරීමේ සමාරම්භක උළෙල 2017

ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ගේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්ත තාපබල සම්පාදනය සදහා දැව ඉන්ධන භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා ලංකාව පුරා ආදර්ශ දැව වගාවන් ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.  ඒ අනුව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් පෞද්ගලික ආයතන හා සංවිධාන මගින් හෙක්ටයාර් 550 ක ආදර්ශ දැව වගාවන් ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

මෙය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)  හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අනුග්‍රහයෙන්, ගෝලීය පාරිසරික පහසුකම් (GEF) අරමුදලේ ප්‍රතිපාදන යටතේ දියත් කොට ඇති ‘ශ්‍රී ලංකාව තුළ තිරසාර බලශක්ති නිෂ්පාදනය හා ජෛව ශක්ති තාක්ෂණයන් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය’  යටතේ ක්‍රියාත්මක කෙරේ .

මෙලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත වූ පළමුවන ආදර්ශ දැව වගා ව්‍යාපෘතිය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය 2017 පෙබරවාරි 12 වන ඉරු දින පෙරවරු 10.00 ට එප්පාවල, කෝන්වැව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. එම උළෙල ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ