බලශක්ති ප්‍රමිති මගින් සැලසුම් සහගත ලෙස බලශක්තිය කළමනාකරණය කිරීමත් බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිකිරීමත් පිළිබඳව විස්තර කරයි.

ප්‍රමිති ක්‍රියාත්මක කිරීමට, බලශක්ති සැලසුම්කරන ක්‍රියාවලියක් පවත්වා එය ලේඛන ගත කළ යුතුය.

පහත සඳහන් වෙන්නේ වැදගත් කරුණු කිහිපයකි:

  • නිෂ්පාදන සහ සේවා මිල දී ගැනීම ආයතන සිය බලශක්ති කළමනාකරණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ යුතුය.
  • බලශක්තිය පිළිබඳව මුලික අදහසක් ගොඩනැගිය යුතු මෙන්ම බලශක්ති කර්යසාධනය මැනීමේ මිනුම් දඬුද නිර්මාණය කළ යුතුය.
  • නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ගොඩනැගිල්ලේ නඩත්තු ක්‍රියාවලිය සහ බලශක්ති කාර්යක්ෂමතා සැලැස්ම අර්ථ දැක්විය යුතුය.

ප්‍රමිතියට අනුව අප විසින් පහත දැක්වෙන නියාමනයන්ට දායක වී ඇත:

සම්පූර්ණ අන්තර්ගතය බැලීම සඳහා

විස්තරය ප්‍රමිති අංකය නියාමනය ප්‍රගතිය
සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (CFL) එස්එල්එස් 1225:2002 2009 ජුලි 22කේ 1611/10 සීඑෆ්එල් බලශක්ති ලේබල්කරණයට අදාළ සංශෝධිත ප්‍රමිතිය පළකර ඇත.
සිවිලිම් විදුලි පංකා එස්එල්එස් 1600: 2009 2013 ජනවාරි 22 කේ 1794/15 ප්‍රමිති පවතී.
තුලබරු එස්එල්එස් 1200:2012 2016 ජුනි 15වේ 1971/12 අනිවාර්යය බලශක්ති ලේබල් පවතී.
රේඛීය ප්‍රතිදීප්ත පහන් එස්එල්එස් 1625: 2013 2016 ජුනි 15වේ 1971/12 එල්ඊඩි පහන් සඳහා ස්වෙච්ඡා බලශක්ති ලේබල් සංවර්ධනය කර ක්‍රියාත්මක කර ඇත. අනිවාර්ය පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිත නියාමන කෙටුම්පත සම්පාදනය කරමින් පවතියි.
ශීතකරණ එස්එල්එස් 1230:2003 අදාළ නොවේ ප්‍රමිති සංශෝධනය කරමින් පවතී. මෙයට සමගාමීව අවම බලශක්ති කර්යසාධන ප්‍රමිති (එම්ඉපිඑස්) කෙටුම්පත් කෙරෙමින් පවතියි.
වායු සමන යන්ත්‍ර තවමත් නියමකර නොමැත අදාළ නොවේ බලශක්ති ලේබලකරණ ප්‍රමිතිය කෙටුම්පත් කෙරෙමින් පවතියි.
පරිගණක තවමත් නියමකර නොමැත අදාළ නොවේ බලශක්ති ලේබලකරණ ප්‍රමිතිය කෙටුම්පත් කරමින් පවතියි. මෙම ප්‍රමිති සකස්කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යොමුකර ඇති අතර නුදුරු අනාගතයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ආලෝක විමෝචක ඩයෝඩ (LED) පහන් එස්එල්එස් 1530: 2016 අදාළ නොවේ අවම බලශක්ති කාර්යසාධන ප්‍රමිති පවතියි.

 

ශ්‍රී ලංකාවේ බලශක්ති භාවිතා කරණ ගොඩනැගිලි පිළිබඳ ප්‍රමිති හා රෙගුලාසි නියම කිරීම සඳහා ඇති විධිවිධාන යටතේ අතිරේක පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති නිවාස සඳහා මාර්ගෝපදේශ සකස් කරන ලදී.

 

call to action icon