නිසිලෙස වාහන පදවන්න!

ඔබ ප්‍රවාහනය සඳහා කාර්යක්ෂම තෝරාගැනීමක් සිදුකළහොත් ඔබගේ ප්‍රවාහන වියදම් ඔබ නොසිතන අයුරින් අවම වේ. ඔබගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය, වාහනය පැදවීමේ පුරුදු ඉහළ නංවාගෙන නිසි පරිදි වාහනය නඩත්තු කරන්න.

නිසිලෙස සැලසුම් කරමු

  • අනවශ්‍ය ගමන් බිමන් අඩු කරමු.
  • කෙටි දුර ගමන් කරන අවස්ථාවල දී පයින් යාමට හෝ බයිසිකලය පැදීමට පුරුදු වන්න. එය ඔබගේ සෞඛ්‍යයට හිතකර ය.
  • හැකි සැමවිට ම පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්න. සිතන්න මිනිසුන් 60 දෙනෙකුට එකම ගමනාන්තයකට යාමට අවශ්‍ය බව. පහත රූපය දෙස බලන්න. මෙම 60 දෙනා ම වාහනවල ගමන් ගතහොත්, මහා මාර්ගයේ කෙතරම් ඉඩක් ඔවුන්ට අවශ්‍ය වෙනවා ද? තදබදය! නමුත් මෙම හැම දෙනා ම පොදු ප්‍රවාහන සේවය භාවිත කළහොත් ඔවුන්ට අවශ්‍ය වන්නේ එක් බස් රථයක් පමණි.

 

 

  • කාර්යාල නිසා ඇතිවන වාහන තදබදය වැනි වාහන තදබදය වැඩි අවස්ථා මග හරින්න. ඔබ ලබාගන්නා සෑම සේවාවක ම කාර්යය බහුල වේලාව මග අරින්න.
  • කාර් පුලින් ක්‍රමවේදය ප්‍රචලිත කරන්න. (කණ්ඩායමක් එකතු වී එකම වාහනයකින් සැමගේ අවශ්‍යතාවය සපුරා ගැනීම. දිනෙන් දිනට කණ්ඩායමේ අය තම තමන්ගේ වාහනය සැමගේ අවශ්‍යතාවය සඳහා යොදවයි).
  • අනවශ්‍ය ගමන් වළකාගන්න. බිල් ගෙවීම් සඳහා ඔන් ලයින් බැංකු සේවා භාවිත කරන්න. අද වන විට සියලුම බිල්පත් ගෙවීම් ඔබගේ පරිගණකයෙන් හෝ ජංගම දුරකථනය භාවිත කළ හැකිය.
  • ක්ෂණිකව වේගය වැඩි කිරීමෙන් වළකින්න.
  • ආරක්ෂාව පිණිස මිස එකවර තිරිංග තද කිරීමෙන් වළකින්න.
  • වාහන තදබදය පිළිබඳ අවබෝධයෙන් රථයේ අවස්ථිතියෙන් ප්‍රයෝජනය ලබා ගන්න. (හැකි සැමවිටම ගම්‍යතාවයෙන් ප්‍රයෝජනය ලබාගන්න).
  • අධිවේගී මාර්ගවල ගමන්කිරීමේ දී කල්පනාකාරී වන්න. අවම ඉන්ධන ප්‍රමාණයකින් වැඩිම දුරක් යා හැකි ප්‍රශස්ත වේගය වන පැයට කිලෝ මීටර් 70 - 80 ධාවනය සඳහා සුදුසු ය. වෙනත් ලෙස පැවසුවහොත් මෙම වේග මට්ටමේ වාහනය පැදවීමෙන් ලීටරයකින් වැඩි කිලෝ මීටර් ගණනක් ගමන් කළ හැකිය.

 

 

  • වාහන තදබදය පිළිබඳ අවබෝධයෙන් රථයේ අවස්ථිතියෙන් ප්‍රයෝජනය ලබා ගන්න. මාර්ගයට පිවිසීමට පෙර වාහන තදබදය පිළිබඳව තොරතුරු ලබා දෙන ගූගල් මැප්ස් මගින් සහාය ලබාදෙන අනෙකුත් මෙරට ඇප් සහාය ලබා ගන්න.

 

අනවශ්‍ය ධාවනයෙන් වළකින්න

  • වාහන අනවශ්‍ය ධාවනයෙන් වළකින්න. එන්ජිමේ ධාරිතාවය, වායුසමීකරණ භාවිතාව යන කරුණු මත පදනම් ව වාහනයක් අනවශ්‍ය ලෙස ධාවනය වීමෙන් ඉන්ධන ලීටර් 1 - 2ක් පමණ වැයවේ.
  • වාහනය ගමන් නොකරන විට හෝ විනාඩි දෙකකට වැඩි කාලයක් වාහනය නවතා තබන විට වාහනය අක්‍රීය කරන්න.

 

නිසි ලෙස නඩත්තු කිරීම

  • නිසි පරිදි එන්ජිම සුසර කරන්න. නිසි ලෙස සුසර කර නොමැති එන්ජිමක් යථා තත්ත්වයට ගැනීමෙන් 4%කින් ඉන්ධන පිරිමැස්ම ළඟා කර ගැනීමට හැකිවේ.
  • නිසි කාලයේදී / දුර ප්‍රමාණයේ දී ෆිල්ටර්, ලිහිසි තෙල්, සිසිල්කාරක මාරු කරන්න.
  • නිසි වේලාවට වීල් එලයින්මන්ට් පරීක්ෂා කරන්න. එමගින් ඉන්ධන 10%කින් සහ ටයර් පීඩනය නිසි ලෙස තබා ගැනීමෙන් ඉන්ධන පරිභෝජනය 3% අඩු කරගත හැකිය.
  • කාබියුරිත එන්ජිමක් සහිත වාහනයක එයාර් ෆිල්ටර් මාරු කිරීමෙන් ඉන්ධන පිරිමැසුම් 2 - 6% පමණ ය.
  • නිසි ලෙස ඉන්ධන පිරවීමෙන් පසු පියන වසන්න. එමගින් ඉන්ධන වාෂ්පීකරණය වළක්වා දෙයි.

 

ගුණත්වයෙන් ඉහළ ලිහිසි තෙල්

  • වාහනයේ "භාවිත කරන්නාට උපදෙස්" හී සඳහන් පරිදි නිවැරදි දුස්ස‍්‍රාවිතා ශ්‍රේණිය සහිත උසස් තත්ත්වයෙන් යුතු ලිහිසි තෙල් වාහනය සදහා යොදාගන්න.
  • නිසි කාලය හෝ දුර ප්රමාණය ඉක්මවීමට පෙර ලිහිසි තෙල් මාරු කරන්න.

 

වාහන පැදවීමේ දී යහපත් පුරුදු

  • නිසි පරිදි සවි නොකරන ලද රූෆ් රැක් (රූෆ් රැක්) ඇදගෙන යාමට අවශ්‍ය වන නිසා ඉන්ධන දහනය 10% කින් වැඩිවේ. පුරුද්දක් ලෙස නොව අවශ්‍ය විට දී පමණක් රූෆ් රැක් සවි කර ගන්න. ස්පොයිලර් සහ බොඩි කිට් මගින් වාහනවලට අමතර බරක් එකතුවනවා පමණකි. එමගින් වාහනයේ කාර්යක්ෂමතාවයට කිසිදු බලපෑමක් ඇති නොවේ.
  • සැමවිට ම සූට් කේස් ඇතුළු සියලුම ගමන් මලු රථයේ පිටුපසින් තබන්න (රථයේ බූට් තුළ).
  • සෑමවිට ම පළමු ගියරයේ සිට වාහනය පැදවීම ආරම්භ කරන්න. මඩ හෝ බෑවුමක ගමන් ගන්නේ නම් පමණක් දෙවෙනි ගියරයේ පදවන්න. එන්ජිමට අරගලයක් නැතැයි දැනුණු විට ඉහළ ගියරයකට දමන්න. වාර ලැබුණු පසු ඉහළ ම ගියරයට දමන්න.
  • නිවැරදි මොහොතේ ගියර් මාරු කිරීම මගින් රථයේ ඉන්ධන පිරිමසයි. එන්ජිමේ භ්‍රමණය වේගවත් වන අතර පහළ ගියරයක පැදවීමේ දී වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැයවේ.
  • නිශ්චල වීමට ක්ලචය (වාහනය පදවන විට) භාවිත කිරීමෙන් වැඩි වශයෙන් ඉන්ධන දහනය වේ. රථය උදාසීන කිරීම (නියුට්‍රල්) හෝ හෑන්ඩ් බ්රේක් තත්ත්වයේ තැබීම යෝග්‍ය වේ.
  • අනතියක් මත වාහනය නතරකරන විට තිරිංග යෙදීම අනිවාර්ය වන අතර, නැවත ධාවනයෙදී තිරිංග නිදහස් කල යුතුයි.
  • නිරතුරු රථය හිස් කිරීමට මතක තබාගන්න. අප බොහෝ දෙනා බොහෝ විට අනවශ්‍ය දෑ බොහෝමයක් රථයේ තබා ඇත. එමගින් රථයට අනවශ්‍ය බරක් එකතු වන බැවින් කාර්යක්ෂමතාවය නැතිවේ.
call to action icon