"

අප අධිකාරියට පෙරමග සලසන්නේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සහ එහි උපායමාර්ග මගිනි. අපගේ මූලික පරමාර්ථ වන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිත්තාව තහවුරු කිරීම, දේශීය බලශක්ති සංවර්ධනය සහ බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිකිරීම යි. මෙම අරමුණු ඉතාමත් පැහැදිලිව අපගේ නිරවුල් දැක්ම වන බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් යන්නෙන් විද්‍යමාන වේ.

"

 

බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම

බලශක්ති සුරක්ෂිතතාවය ගල්  අඟුරු සිට ඉන්ධන දක්වා ජාතික ප්‍රතිපත්තියේ තිබෙන ප්‍රශ්නයකි. කෙසේ වුවත් බලශක්ති සුරක්ෂිතතා සංකල්පය පාරිසරික සහ සමාජ ආර්ථික බලපෑම් ඇතිකරන අවිනිශ්චිත ඉන්ධන සැපයුම මත රඳා පවතින්නේ ඉතාමත් අඩු වශයෙනි. තවදුරටත් ආනයනික බලශක්තිය මත රඳාපැවතීම මගින් විශාල විදේශ විනිමය වියදම්, මිල අධික බලශක්තිය, ඉහළ නිෂ්පාදන පිරිවැය, අඩු තරඟකාරීත්වය, අධික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, මානසික පීඩනය වැනි ප්‍රතිඵල ඇතිවේ. ආනයනික ඉන්ධන මත යැපීම අවම කිරීමත්, විදුලිබලය උත්පාදනයට විවිධ බලශක්ති ප්‍රභවයන් යොදාගැනීමත්, බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීමත්, එමගින් විමෝචනය අවම කරගනිමින් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත් වැදගත් ප්‍රතිපත්තිමය දිශාවක් පෙන්නුම් කරයි. කුඩා සහ මධ්‍ය පරිමාණ ක්‍රියාත්මක කිරීම් පුනර්ජනනය කිරීමෙහි ලා වැදගත් වන්නා සේ ම විකල්ප බලශක්ති ජාලයක් ලෙස ද යොදා ගත හැකිය. මෙම අදහස පෙරදැරිව SLSEA මිල අධික ආනයනික බලශක්ති ප්‍රභවයන් වෙනුවට මිල අඩු පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමුකරන්නේ එමගින් රටේ සමාජ-ආර්ථික සහ පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීමට ය.

බලශක්ති සුරක්ෂිතතාවය අත්පත් කර ගැනීම විශාල වශයෙන් ශක්තිමත් ප්‍රතිපත්ති සූත්‍රගත කිරීම, දැනුම වෙළෙඳපොළ සහ පද්ධති හි සිදුවන වෙනස්වීම් මත රඳා පවතියි. කාර්යක්ෂම ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී ම නූතන බලශක්ති මුලාශ්‍රයන් භාවිත කිරීම SLSEA ආයතනයේ අභිප්‍රායයි.

 

දේශීය බලශක්ති සම්පාදනය ඉහළ නැංවීම

ලෝකය පුරාම විවිධ ආර්ථිකයන් විසින් මුහුණදෙන අර්බුදයක් නම් වේගවත් ආර්ථික සංවර්ධනයේ දී ඇතිවන අධික බලශක්ති ඉල්ලුමයි. අභියෝගය නම් ඉහළ යන ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දීම පමණක්ම නොව, ක්ෂය වෙමින් පවතින පරිසරයට ද හානිකර ෆොසිල ඉන්ධන මත අඩුවෙන් රඳා පැවතෙමින් කටයුතු කිරීමයි. නිතරම උච්චාවචනය වෙන විදුලිබල ඉල්ලුමේත් සැපයුමේත් ඇති පරතරයත් නිසා පිරිවැය ඵලදායි, පරිසර හිතකාමී සහ විශ්වාසනීය බලශක්ති මුලාශ්‍රයන් වෙත යොමුවීමට නිරන්තර පෙළඹවීමක් ඇති කරයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වඩාත් යොමුවීමට මෙකී කරුණු හේතු වෙයි.

අප ඉලක්ක කරන්නේ ජාතියේ සමස්ත බලශක්ති සැපයුමෙන් 10% ක් සම්ප්‍රදායික නොවන මුලාශ්‍ර ඇසුරින් ලබාගැනීමටත්, විදුලිබලය, ප්‍රවාහනය සහ ගෘහස්ත කටයුතු යන අංශ වෙත දේශය සම්පත් විධිමත්ව යොදාගැනීමත් ය.

 

තීව්‍ර බලශක්ති ඉල්ලුමක් ඇති ආර්ථිකයත ඉල්ලුම් කළමනාකරණය

පරිභෝජන දෘෂ්වි කෝණයෙන් බැලුවිට පසුගිය විසිවසර තුළ ශ්‍රී ලංකාවේ බලශක්ති ඉල්ලුමෙහි සැලකියයුතු වැඩිවීමක් නිරීක්ෂණය කළ හැකිය. පර්යේෂණ ඇසුරින් අපගේ නිගමනය වන්නේ  දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුම සපුරාගැනීමට පුනර්ජනනීය බලශක්තිය මගින් විශාල දායකත්වයක් ලබාගත හැකි බවයි. ආර්ථික සංවර්ධනයද දිරිමත් කරවන අතර පරිසර හානියද අවම කිරීමට මෙයින් හැකිවේ. පුනර්ජනනීය බලශක්ති සම්පාදනය සඳහා විවිධ බලශක්ති මුලාශ්‍රයන් හදුනාගත හැකිවන අතර එය දීර්ඝකාලීන බලශක්ති සැපයුමට පිළියමක් වන අතරම බලශක්ති සුරක්‍ෂිතතාවටද දායක වේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ග්‍රාමීය ප්‍රදේශයන් හි බලශක්ති අවශ්‍යතා සපුරාගැනීමටද පහසුවෙන් යොදාගත හැකි නිසා රටේ සංවර්ධනයටද දායකවේ.

වේගවත් කාර්මික සංවර්ධනයට අවැසි බලශක්ති ඉල්ලුම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව අප අධිකාරිය අනාගතයේදී ආර්ථිකයේ බලශක්ති තීව්‍රතාව 500toe/XDRM මට්ටමේ පවත්වා ගනිමින් බලශක්ති ඉල්ලුම් කළමනාකරණය කිරීමට සැලසුම් කරයි.

call to action icon