මෙම බලශක්ති පරිවර්තන කාර්යයේ දී අපගේ වටිනාකම් දාමය, ප්‍රවීනත්වය සහ කැපවීම හේතුවෙන් අප, අපගේ පාර්ශවකරුවන්ට පමණක් නොව සමස්ත සිවිල් සමාජයට ම ඵලදායි උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.

බලශක්ති කළමනාකරණය පිළිබඳව මහජනයව දැනුවත් කිරීම අපගේ අරමුණුවලින් එකකි. එමනිසා පර්යේෂණ වැඩසටහන්, බලශක්ති කාර්යක්ෂමතා විසදුම් සදහා නව ආකෘති සංවර්ධනය, හැසිරීම් අධ්‍යයනය, නව නිවාස ස්වයංක්‍රීයකරණ උපකරණ, උණුසුම් කිරීම, වාතාශ්‍රය යනාදිය සදහා සම්පත් යොදවා ඒවායින් ලැබෙන තොරතුරු සහ තාක්ෂණික ක්‍රම විධිමත් ලෙස මහජනතාව සමග බෙදාගැනීම සිදුකරයි.

 

  1. 1. ආයතනවල බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ දැමීම

කාර්මික සහ වාණිජ ක්‍ෂෙත්‍රයන් හි අඛණ්ඩව බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිකිරීම සහ සංරක්ෂණ වැඩසටහන් එකී ක්‍ෂෙත්‍රවල බලශක්ති පිරිමැසුම් හඳුනා ගැනීමට ඉතාමත් වැදගත් ය. මෙම අවශ්‍යතාවය සපුරාලීමට අප විසින් ක්‍රියාත්මක වී සිටිමු. ආයතනවලින් අදාළ රෙගුලාසි සහ විධිවිධානවලට අනුව පත්කරන බලශක්ති කළමනාකරුවන් විසින් අපගේ ආයතනයේ මෙහෙයවීම මත වැඩසටහන් සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම සිදු කරයි. ධාරිතාවය ගොඩනැගීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම අප විසින් සිදුකරයි.

විශාල වශයෙන් බලශක්තිය පරිභෝජනය කරන ආයතනවල බලය ලත් බලශක්ති විගණකවරැන් විසින් තාක්ෂණික සහය සහ උපදෙස් ලබා දෙයි. බලශක්ති සේවා සමාගම් (ESCos) විසින් බලශක්ති විගණනය සහ බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ දැමීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. අදාළ සේවාවන් සැපයීමට සුදුසුකම් ඇත්තේ අප හා සමග ලියාපදිංචි වී ඇති ESCos සමාගම්වලට පමණි. තවදුරටත් බලශක්ති කළමනාකරුවන්ගේ සහ බලශක්ති විගණකවරැන්ගේ, පෙර කී සේවා සපයන ආයතන ඔවුන්ගේ අදාළ විෂයයෙහි ඔවුන්ගේ ධාරිතාවය සහ පුහුණු වැඩසටහන් සාර්ථක ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ හැකියාව, ඔවුන් එවැන්නක් කිරීමට ලියාපදිංචි වී ඇත්ද යනන් තක්සේරු කෙරෙයි.

බොහෝ බලශක්ති කළමනාකරණ ක්‍රියාකාරකම් බලශක්තිය මැනීම සහ වාර්තා කිරීම හා සම්බන්ධ ය. එම නිසා ESCos සහ බලශක්ති පරිභෝජන ආයතනවලට දැරිය හැකි මිලකට සහ හිඟයක් නොමැතිව මැනීමේ උපකරණ ලබාගැනීම අතිශය වැදගත් ය. එම නිසා ආයතනවලට, උපදේශකයින්ට, වෘත්තිකයින්ට සහ ESCos හට අංගසම්පුර්ණමිණුම් උපකරණ බැංකුවක් අප විසින් පවත්වා ගෙන යනු ලබයි.

ක්‍රියාකාරකම්

  1. බලශක්ති කළමනාකරුවන් / බලශක්ති විගණකයින් සහ ESCos ලියාපදිංචි කිරීම.
  2. බලශක්ති කළමනාකරුවන් සඳහා අන්තර්ජාලය පාදක වු මෙවලම් සංවර්ධනය කිරීම.
  3. බලශක්ති වාර්තාකරණය අනිවාර්යය කිරීමට රෙගුලාසි සැකසීම.
  4. බලශක්ති කළමනාකරුවන් සඳහා සවස දේශන සහ පුළුල් වැඩසටහන් සංවිධානය කිරීම.
  5. උපකරණ පද්ධති පවත්වා ගැනීම සහ ඒවා උත්ශ්‍රේණිගත කිරීම.
  6. බලශක්ති පද්ධති මිනුම් දඬු සැකසීම.
  7. බලශක්ති විගණනයන් සහ අනෙකුත් උපදේශන සේවා සැපයීම.

 

  1. 2. විශිෂ්ට බලශක්ති භාවිතය (SEU) සඳහා පිල් ලකුණු ස්ථාපිත කිරීම

පිල් ලකුණු යනු යම්කිසි උපකරණයක, ක්‍රියාවලියක, පහසුකමක, සංවිධානයක ස්ථාපිත කරන ලද සමථයන් කාර්යයසාධනය ඉහළ දැමීමේ පරමාර්ථයෙන් සිදු කෙරෙන දැනුවත් කිරීමි සහ අභිප්‍රේරණය යි.

එය බලශක්තියට ආදේශ කිරීමේ දී පිල් ලකුණු යම් කිසි නිෂ්පාදනයක හෝ සේවාවක බලශක්ති කාර්යය සාධනය මැනීම සඳහා  යාන්ත්‍රණයක් ලෙස කටයුතු කරයි. අප විසින් ක්ෂේත්‍ර 5ක් සඳහා බලශක්ති පරිභෝජන පිල් ලකුණු ප්‍රකාශයට පත්කර ඇත. සමීක්ෂණ යෙදවුම්වලට අනුව, ඉලක්ක ගත ආයතන බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළට ගෙන යාමට මෙම පිල ලකුණු සංශෝධනයට ලක් කළ අතර සංශෝධිත පිල් ලකුණු මෙම වසරේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් කර්යයසාධන ප්‍රමිතියට වඩා අඩු නම් එයට යම් ප්‍රායෝගික බලශක්ති ඉලක්කයක් ලබා දෙයි. එවිට ක්‍රමානුකූල බලශක්ති කළමනාකරණය එනම්, ක්‍රියා සැලසුම පිහිටුවීම, උපායමාර්ග දියත් කිරීම, බලශක්ති පරිභෝජනය සහ අඛණ්ඩ වර්ධනය යනාදිය ක්‍රියාවට නැංවිය හැකිවේ.

ක්‍රියාකාරකම්

  1. දත්ත එකතු කිරීම, සැකසීම, විශ්ලේෂණය සහ වර්තා කිරීම.
  2. සංශෝධිත පිල ලකුණු ප්‍රකාශයට පත් කිරීම.

පිල ලකුණු රජයට, වත්කම් හිමියන්ට සහ සම්පත් හසුරුවන්නන්ට, කළමනාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ප්‍රයෝජනවත් ය. එමගින් බලශක්ති ගිණුම්කරණය, යම් නිමාවකට වැයවන බලශක්ති ප්‍රමාණය එවැනි අනෙකුත් නිමාවක් සඳහා වැයවන්නේ ද යන්න සොයා බලා ඒවා වැඩිදියුණු කිරීමේ අවස්ථා හඳුනා ගැනීමටත්, බලශක්ති ඉතිරිකිරීම් සහතික කර ගැනීමටත් ප්‍රයෝජනවත් ය.

බලශක්ති පරිභෝජන පිල් ලකුණු විශ්ලේෂණය කිරීම ලබා ගැනීමට මෙම බොත්තම ඔබන්න කරන්න

 

  1. 3. ආයතනික පරිසරයක් තුළ බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ දැමීම

වාණිජ ගොඩනැගිල්ලක බලශක්ති පරිභෝජන මිනුම් ලකුණු යනු ආයතනයේ බලශක්ති කළමනාකරණ උපාය මාර්ගවල මූලික අංගයකි. මන්ද කිසිඳු ක්‍රියාවලියක් මැනීමකින් තොරව කළමනාකරණය කිරීමට නොහැකිනිසාය. බොහෝ වාණිජ ගොඩනැගිලි වෙළෙඳපොළවල මෙම භාවිතාව සම්මත ක්‍රියා පටිපාටියක් බවට පත්ව ඇත්තේ බලශක්ති වියදම් සහ මේ සම්බන්ධ පාරිසරික සහ තිරසාර ගැටළු නිසා බලශක්ති කාර්යක්ෂමතාවයේ වැදගත්කම ඔවුනට ප්‍රත්‍යක්‍ෂව ඇති නිසාය.

මෙයට සහයක් ලෙස ගොඩනැගිලි සඳහා වන බලශක්ති කාර්යක්ෂමතා ගොඩනැගිලි කාර්ය සංග්‍රහය 2008 වර්ෂයේදී එළිදැක්විය. බලශක්ති කාර්යක්ෂමතා තාක්ෂණවේදය වේගයෙන් සංවර්ධනය වන බව හඳුනාගෙන වෙළෙඳපොළේ ඇති නවීනතම තාක්ෂණයන් සලකා බලමින් මෙම කාර්ය සංග්‍රහය සංශෝධනය කරන ලදී. එමෙන්ම බොහෝ විට ජාත්‍යන්තර ප්‍රමිති මත පදනම්ව සකසන අවම බලශක්ති කර්යසාධන වටිනාකම් දේශියව තහවුරු කර නොමැත. එමනිසා මෙම අගයන් තහවුරු කරගත යුතු අතර අදාළ පරාමිතීන් යාවත්කාලීන කර නව බලශක්ති කාර්යක්ෂමතා තාක්ෂණික ක්‍රම සමග සංස්ථාගත විය යුතුය. බලශක්ති කාර්යක්ෂමතා ගොඩනැගිලි කාර්ය සංග්‍රහය සංශෝධනයෙන් පසු එය අනිවාර්යය කිරීමට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කරන වෘත්තිකයන් හට ඒ පිළිබඳව මනා පුහුණුවක් ලබා දීම සිදුකරයි. නිවාස සඳහා වන බලශක්ති කාර්යක්ෂමතා උපදෙස් පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට ද මාර්ගෝපදේශයක් හඳුන්වාදීමටද නියමිතය.

ක්‍රියාකාරකම්

  1. සංශෝධිත බලශක්ති කාර්යක්ෂමතා ගොඩනැගිලි කාර්ය සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම.
  2. නිවාස සඳහා සුනිත්‍ය බලශක්ති මාර්ගෝපදේශන ප්‍රකාශයට පත් කිරීම.
  3. බලශක්ති කාර්යක්ෂමත ගොඩනැගිලි කාර්ය සංග්‍රහය 2020 සදහා දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  4. බලශක්ති කාර්යක්ෂමතා ගොඩනැගිලි කාර්ය සංග්‍රහය ලබාගැනීමට මෙම බොත්තම ඔබන්න

බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි කේතය බාගත කිරීමට මෙහි ක්ලික් කරන්න

 

  1. 4. ප්‍රවාහන බලශක්ති කළමණාකරණය

ප්‍රවාහන ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම බලශක්තිය වැයවන ක්ෂේත්‍රයයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ඇතැම් පියවරයන් ක්‍රියාත්මක වුමද. නිල වශයෙන් බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තවමත්  මුලික අදියරේ පවතියි. මෙම වසරේ දී පුළුල් වැඩසටහන් සැලැස්මක් හඳුන්වා දෙමින් සහ නව මැදිහත්වීමක් හරහා මෙම සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක වීමට සැලසුම් වෙමින් පවතියි.

ක්‍රියාකාරකම්

  1. බස් රථ මගීන් සඳහා අන්තර්ජාල පාදකවූ මෙවලම් නිර්මාණය.
  2. එකී මෙවලම් සංවර්ධනය සඳහා ආයතනයක් තෝරාගැනීම.
  3. අඩු ආදායම්ලාහී පවල් සඳහා බයිසිකල් බෙදා දීම.

 

  1. 5. තේ කර්මාන්තයේ බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම

අප විසින් පණතේ 35 (h) අනුව බලශක්ති කාර්යක්ෂමතාවය, සංරක්ෂණය සහ කළමනාකරණයට අදාළ ව විවිධ පැතිකඩයන්ට අදාළව පර්යේෂණ, සමීක්ෂණ සහ ප්‍රවර්ධන කටයුතු දියත් කිරීමෙහි නිරත වෙමු. ශ්‍රී ලංකාවේ සුවිශේෂී කර්මාන්ත අතරින් ප්‍රමුඛ කර්මාන්තයක් නම් තේ කර්මාන්තය යි. තේ කර්මාන්තයට ද නවීකරණය වීම වැදගත් ය. තේ වියළීමේ ක්‍රියාවලියට පමණක් ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 2% ප්‍රමාණයක් වැයවේ. කාර්යක්ෂම මෝටර් සවි කිරීම, සහ ප්‍රතිලොමක ආදිය මගින් බලශක්ති පරිභෝජනය අවම කර ගත හැකිය. කෙසේ නමුත් විවිධ වියළීම් වින්‍යාසයන් තුළිින් බලශක්තිය ඉතිරි කිරීම මැනීමට දුෂ්කරය. එමනිසා තේ පර්යේෂණ ආයතනයේ යෝජනාවකට නව තාක්ෂණය මගින් තේ වියළීමේ ක්‍රියාවලියට වැයවන බලශක්තිය නිශ්චිතව මැනිය හැකි ක්‍රමවේදයක සංවර්ධනය සිදුවේ. අපගේ සහයෝගය සමග තේ පර්යේෂණ ආයතනය මගින් එම සංවර්ධන ය ව්‍යාප්ත කිරීමට මුලපිරීමට නියමිතය. 

2017 වර්ෂයේදී මහා පියවරක් ලෙස, නිවැරදි ලෙස බලශක්ති කර්යසාධනය මැනිය හැකි සම්මත තේ වියළීමේ ආකෘතියක් නවීකරණය කරන ලද නළ, ක්‍රියාවලි පාලක සහ ව්‍යාප්ත යාන්ත්‍රණයක් තේ පර්යේෂණ ආයතනයේ සහය ඇතිව නිර්මාණය කරයි.

ක්‍රියාකාරකම්

  1. තාපන හුවමරුකරණයේ පිරිසැකසුම් කටයුතු.
  2. ප්‍රතිලෝමකය සහිත වියළීමේ පංකා ස්ථාපනය.
  3. සංවේදක සහ පාලන පද්ධති ස්ථාපිත කිරීම සහ ඒවා පරීක්ෂා කිරීම.
  4. කර්මාන්තශාලා නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් පුහුණු කිරීම.

 

  1. 6. කාර්මික පුරයන් හි ත්‍රෛජනනය පිළිබඳව ශක්‍යතා අධ්‍යනය.

ත්‍රෛජනනය නැතහොත් සංයුක්ත සිසිලනය, තාපය සහ බලය (CCHP) යන්නෙන් අදහස්වන්නේ එකවර විදුලිය, තාපය, සිසිලනය එක් ශක්ති ප්‍රභවයකින් ජනනය කිරීමයි. මෙම තත්ත්වයේ දී ප්‍රාථමික ඉන්ධනයෙන් 80%ක් ඵලදායිව යොදාගත හැකිය. මෙම ක්‍රමවේදය උපරිම බලශක්ති යොදාගැනීමක් සඳහා පවත්නා හොඳම විසඳුමකි. මෙම සන්දර්භයේදී දී අපගේ තීරණය වන්නේ ත්‍රෛජනනය, කර්මාන්ත සඳහා යොදාගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි.

ත්‍රෛජනනය, හෝටල් ක්ෂේත්‍රයට අදාළ කිරීම පිළිබඳව 2015 දී අප විසින් ශාක්‍යතා අධ්‍යයනයක නිරත වුනෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අප හඳුනාගත්තේ කාර්මික පුරවරයන්ට ත්‍රෛජනනය යොදා ගැනීමට ඉතා විශාල ඉඩ ප්‍රස්තාවක් ඇති බවයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ ත්‍රෛජනනය සංකල්පය පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමත්, දේශීය මට්ටමින් මෙය ක්‍රියාත්මක කිරීමට ඇති ශක්‍යතාවය පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීමත් ය. මෙම ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ කටුනායක සහ බියගම අපනයන සැකසුම් කලාපයන්හි දී ය. මෙම ව්‍යාපෘතිය කාර්මික සේවා කාර්යාංශයේ සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක වෙයි.

ප්‍රායෝගිකව, ත්‍රෛජනනය මගින් යම් ධාරා කුටියක නිෂ්පාදනය වන තාපය, වායු සමන පද්ධතියක හෝ ශීතකරණයක් සඳහා අවශ්‍ය සිසිල් ජලය බවට පරිවර්තනය කළ හැකිය. අවශෝෂක සිසිලකයක් මගින් තාපය සහ බලාගාරය සම්බන්ධ කර මෙම ක්‍රියාකාරිත්වය සිදුකළ හැකිය.

පහත ප්‍රතිලාභ ඇතුළත් ත්‍රෛජනනය මගින් ලබා ගත හැකි ප්‍රතිලාභ ගණනාවකි:

  • කාර්මික නිමාවක් තුල අධි කාර්යක්ෂමතාවයෙන් විදුලි බලය සහ තාපය ජනනය කිරීම.
  • ඉන්ධන සහ බලශක්ති වියදම් අවම කිරීම.
  • ඉහළ ඉල්ලුමක් පවතින කාලච්ඡේදයන්වල දී ජාලගත විදුලිබල භාවිතය අවම කර ගත හැකිවීම.
  • එන්ජිමේ උණුසුමෙන් බිහිවන උණුසුම් ජලය වෙනත් අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි වීම.
  • හරිතාගාර වායු විමෝචනයේ සැලකිය යුතු අඩුවීමක් සිදුවීම.
  • ශීතකාරකය ලෙස ජලය භාවිත වන නිසා අහිතකර රසායනික ද්‍රව්‍ය නොමැතිවීම.
  • අදාළ ගොඩනැගිල්ලේ සමස්ත බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීමට ධනාත්මක බලපෑම් ඇති කිරීම.

අප විසින් ත්‍රෛජනනය හඳුන්වා දීමට හෝටල්, රෙදිපිළි සහ ඇඟලුම්, කාර්මික පුරයන් වැනි ක්ෂේත්‍රයන් ගවේෂණය කරන අතර ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීමේ අවසන් අදියරේ පසු වෙමු.

call to action icon