පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නිපුණතා විශ්ලේෂණය සහ වෘත්තිය සංගණනය

GIZ Sri Lanka ආයතනය හා ශ්‍රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය මගින් රාජ්ය ආයතන, බලශක්ති සේවා සපයන ආයතන, JVET අධ්යාපනය හා පුහුණුව සපයන්නන්, විෂය නිර්දේශ සංවර්ධකයන්, පර්යේෂකයන්, විශ්වවිද්යාල අධ්යයන කාර්ය මණ්ඩලය, සිවිල් සමාජය හා වෘත්තිකයන්ගේ සහයෝගය ඇතිව මෙම සංගණනය සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ වර්තමාන හා අනාගත රැකියා අවස්ථා සහ නිපුණතා අවශ්යතාවයන් මෙම අධ්යයනය හරහා සාකච්ඡාවට බඳුන් වේ.

පසුගිය දශක දෙක පුරාවට ජාතික බලශක්ති ගිණුම්කරු ලෙස කටයුතු කරමින්, අනෙකුත් නියෝජිතායතන විසින් නිතරම අපගෙන් බලශක්තියට අදාළ දත්ත ලබා ගැනීම සඳහා උපදෙස් ලබාගන්නා ලදී. අප විසින් විවිධ සමීක්ෂණ සහ විමර්ශන ක්‍රියාත්මක කරමින් විවිධ ක්‍ෂෙත්‍ර ආවරණය කරමින් බලශක්තියට අදාළ තත්ත්වයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දීමට කැප වී සිටිමු. බොහෝ අවස්ථාවල දී අප ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා එක්ව මෙම උත්සාහයන්හි නිරත වෙමු.

ආහාර කර්මාන්තය පිළිබඳව සමීක්ෂණය - ආහාර වටිනාකම් දාමයක බලශක්ති කාර්යක්ෂමතාවය සහ පුනර්ජනනීය බලශක්ති කාර්යක්ෂමතා ධාරිතාවය

ආහාර වටිනාකම් දාමයක බලශක්ති ආර්ථිකය රටේ බලශක්ති ඉල්ලුමට ප්‍රභල බලපෑමක් ඇති කරයි. ආහාර වටිනාකම් දාමය තුළ ගැබ්ව ඇති බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාවය, පුනර්ජනනීය බලශක්ති ශක්‍යතාව යනාදියට ළඟා වීමට පුළුල් අධ්‍යයනයන් අවැසි ය.

අප විසින් වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් අධ්‍යයනාංශය, ධීවර හා පෝෂණ අධ්‍යයනාංශය හා එක්ව තෝරා ගත් ආහාර වටිනාකම් දාමයන්හි ගොවිපලේ සිට කෑම මේසය දක්වා ගැබ් වී ඇති බලශක්තිය මැනීමට අධ්‍යයනයක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම දාමය නිෂ්පාදනය, හැසිරවීම සහ ගබඩාකරණය, සකස් කිරීම සහ ඇසුරුම්කරණය, බෙදාහැරීම සහ අලෙවිකරණය, පරිභෝජනය යන විවිධ අවධීනගෙන් සමන්විත ය. ගොවිපලේ සිට කෑම මේසය දක්වා වූ විවිධාකාර වූ අවධීන්වලදී ෆොසිල ඉන්ධන භාවිත කිරීම නිසා ආහාර අයිතමයන්හි බලශක්තිය සමුච්චිතව ඇත. මෙම බලශක්තිය අප හඳුන්වන්නේ ගැබ්වු බලශක්තිය ලෙසයි. ආහාර වටිනාකම් දාමයේ කිනම් අදියරක දී වුවද ආහාර අපතේ යාම බලශක්තිය අපතේ යාමට බලපායි. ආහාර වටිනාකම් දාමයේ බලශක්තිය අපතේ යාම අවම කරගත යුත්තේ කෑම මේසය දක්වා සමස්ත ක්‍රියාවලියේ ම බලශක්තිය අපතේ යාම අවම කිරීම සඳහා යි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පලතුරු සහ එළවළු වටිනාකම් දාමයේ කෙන්ද්‍රස්ථානය යි. එම ආර්ථික මධ්‍යස්ථානය මගින් විශාල ප්‍රමාණයේ එළවළු සහ පලතුරු තොග වෙළෙඳපොළ ඇතුළතට සහ පිටතට ගලා ඒම සහ ගලා යාම සිදුවන නිසා මෙම අධ්‍යයනය සඳහා මෙම ස්ථානය තෝරා ගතිමු. ශ්‍රී ලංකාවේ පලතුරු සහ එළවළු වටිනාකම් දාමයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ කුඩා ගොවීන්, ගෙවතු වැවිලි, වාණිජ ගොවිපොළ / ව්‍යාපාර සමූහයන්, කෘෂිකාර්මික කලාප ව්‍යාපෘති, සමෝධානික කෘෂිකර්ම ව්‍යාපෘති, කේන්ද්‍රීය එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය තොග වෙළෙඳපොළ යන මේවා ය.

 

මෙම අධ්‍යයනයේ විශේෂිත ක්‍රියාකාරකම් වූයේ;

  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇස්තමේන්තු ගත අභ්‍යන්තර සහ බාහිර බැඳීම් ඇතුළත්ව ආහාර ප්‍රමාණයන් සහ නාස්ති වන ප්‍රමාණය සහ අපද්‍රව්‍ය බැහැරකිරීම් ප්‍රමාණයන්.
  • තෝරාගත් පලතුරු / එළවළු / කොළ වර්ගයන්ට අදාළ ආහාර වටිනාකම් දාමයේ ගැබ් වී ඇති බලශක්ති ප්‍රමාණයන් ගණනය කිරීම.
  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සමස්ත ආහාර නාස්තිය සාම්පල ඛණ්ඩන ප්‍රවේශය ඇසුරින් ප්‍රමාණකරණය.
  • ප්‍රධාන අරම්භක ස්ථානයේ (ගොවිපොළ) පටන් අවසාන ගමනාන්තය දක්වා (නිවස) සැපයුම් දාමය අධීක්ෂණය සහ නාස්ති වන ප්‍රමාණය ගණනය කිරීම සහ එහි ගැබ්වී ඇති විභව ශක්තිය ගණනය කිරීම.
  • විවිධ ඇසුරුම් / නාස්තිය අවම කිරීම යන විවිධ ක්‍රම ඔස්සේ බලශක්තියට සිදුවිය හැකි බලපෑම නාස්තිය අවම කිරීම යන දෘෂ්ටි කෝණයෙන් ගණනය කිරීම.

 

මෙම ව්‍යාපෘතිය 2015 ජුනි මස සිට 2016 දෙසැම්බර් දක්වා මස 18 කාලයක් පුරා ක්‍රියාත්මක විය.

මෙම අධ්‍යයනයෙන් අපට මෙන්ම ආහාර කර්මාන්තයට ම විවිධ ප්‍රතිලාභ ඇත. මෙම අධ්‍යයනයෙන් අප ලබාගත් ප්‍රධාන ප්‍රතිලාභය වන්නේ ආහාර වටිනාකම් දාමයක බලශක්ති කාර්යක්ෂමතාවය ගණනය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවය ප්‍රමාණකරණය කිරීමයි. අනෙක් ප්‍රතිලාභ වන්නේ,

  • ආහාර කර්මාන්තයේ ක්‍රියාකරුවන්ගේ පුළුල් සංධානයක් ගොඩනැගීම.
  • ආහාරවල බලශක්ති බලපෑම අවම කිරීම.
    • යෙදවුම් සම්පත් විශාල වශයෙන් නාස්ති වීම.
    • විශාල වශයෙන් අපද්‍රව්‍ය උත්පාදනය (බලශක්ති සම්පත)
  • ආහාර නාස්තිය අවම කිරීම, සුරක්ෂිත කිරීම සහ පෝෂණයට අදාළ පසු අස්වනු ක්‍රියාවලිය සමීක්ෂණය කිරීම. (බලශක්ති බලපෑම සමග)
  • බලශක්තියට බාධා කරන සහ පරිසර බලපෑම අවම කිරීමට මැදිහත් වන බලශක්ති මැදිහත්වීම් හඳුනා ගැනීම.
call to action icon