පුනර්ජනනීය බලශක්ති උද්‍යාන හෝ බලශක්ති උද්‍යාන යනු විකාශනය වෙමින් පවතින සංකල්පයකි. එබැවින් එහි හැඳින්වීම වෙනස්වෙමින් පවතියි. නමුත් බහුලව භාවිත වන අර්ථය සුළං සහ සූර්යය බලය වැනි පිරිසිදු බලශක්ති සංවර්ධනය සඳහා යොදාගන්නා ප්‍රදේශයකි. මෙම පුනර්ජනනීය යටිතල පහසුකම මගින් අතිරික්ත කාර්මික දේපළ ඇති ප්‍රදේශ සඳහා තිරසාර වත්කම් සපයයි. පුනර්ජනනීය බලශක්ති උද්‍යාන විශ්වාසනීය,දේශීයව නිෂ්පදනය කළ පිරිසිදු බලශක්තිය සපයනවා පමණක් නොව, පරිසර හිතකාමී සංචාරය සඳහා ද දායකවෙමින් දේශීය පාසල්, විශ්විද්‍යාල සහ ව්‍යාපාර කණ්ඩායම් සඳහා අධ්‍යාපනය ද ලබාදෙයි.

අතීතයේ දී බලශක්ති අංගනයක ගල් අඟුරු හෝ ගස්, විදුලිබලය නිපදවමින් එක් අංශයකින් පමණක් ක්‍රියාත්මක විය. නිදසුනක් ලෙස අද පවතින බලශක්ති උද්‍යාන විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් සහ අරමුණු සමග මුසු වී ඇත. බලශක්ති උත්පාදනය සූර්යය බලය, සුළං, ජෛව ස්කන්ධ, භූතාප බලශක්ති, න්‍යෂ්ටික, පිරිසිදු ෆොසිල හෝ හයිඩ්‍රජන් විය හැකිය.

බලශක්ති උද්‍යාන සංකල්පය ශ්‍රී ලංකාවේ සූර්යය සහ සුළං බලශක්ති සංවර්ධනය සඳහා විකල්ප උපාය මාර්ගයකි. බලශක්ති උද්‍යාන පුද්ගලික-පොදු හවුල්කාරීත්වයකින් ක්‍රියාත්මක වේ. බලශක්ති උද්‍යාන බිහිකිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රශස්ත ආර්ථික කාර්යක්ෂමතාවය පවත්වා ගනිමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ආයෝජන ආකර්ෂණය කරගැනීමයි.

වර්තමානයේ සූර්යය සහ සුළං බලශක්ති සංවර්ධනයට පුද්ගලික ක්ෂේත්‍රයේ දායකත්වය ඉතාමත් මන්දගාමී ස්වරූපයක් ගනියි. පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ ව්‍යාපෘති ප්‍රාග්ධන වියදම් සංසන්දනාත්මකව ඉහළ අගයක් ගැනීමයි. මෙම අසමානත්වය වැඩි වශයෙන් බලපාන්නේ පහත හේතූන් නිසාය:

  • මහා පරිමාණ ආර්ථික බලපෑම- මෙගා වොට් 10 ව්‍යාපෘති වර්තමාන ගෝලීය ප්‍රවණතාවය වන මෙගා වොට් 50-100 ව්‍යාපෘති සමග සැසඳීම.
  • තරඟකාරී ලන්සු තැබීමේ ක්‍රමයක් නොමැති වීම. - මහා පරිමාණ සැපයුම්කරුවන් කුඩා පරිමාණ ව්‍යාපෘතීන් සඳහා ලංසු තැබීමට මැලිකමක් දැක්වීම.
  • සුළං ටර්බයින වැනි විශාල පරිමාණයේ ව්‍යාපෘතීන් සඳහා එසවීම සහ ප්‍රවාහනය කිරීම වැනි ඉංජිනේරු යටිතල පහසුකම් දුර්වල වීම. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ උපකරණ සාධාරණ අමතර පිරිවැයක් යටතේ විදේශ රටවලින් කුලියට ගැනීමට සිදු වීම.
  • විදුලි සම්ප්‍රේෂණ මාර්ග වියදම අවශෝෂණය කරගැනීමේ අවශ්‍යතාවය.

 

බලශක්ති උද්‍යානයන්හි මූලික උපාය මාර්ගයට අනුව සෘජුව හෝ වක්‍රව විදුලිබල වියදම අඩු කර පුනර්ජනනීය බලශක්තිය මූල්‍යමය වශයෙන් දැරිය හැකි බලශක්ති ප්‍රභවයක් බවට පත්කර ගැනීම අරමුණකි.

  • එක් මිනුමක් නම් දැනට පවතින සුළං සහ සූර්යය බල ව්‍යාපෘතීන් හි ධාරිතාවය වන මෙගා වොට් 10 ධාරිතාවය, මෙගා වොට් 75-100 ප්‍රමාණයට වැඩි කිරීම යි. මෙම පරිමාණයේ ව්‍යාපෘතියක ප්‍රාග්ධන වියදම පහත හේතු නිසා අවම කරගත හැක:
    • ආර්ථිකයේ පරිමාණ සාධකයේ බලපෑම
    • උපකරණ සපයන්නන්ගේ අතර ඇති තරගකාරීත්වය
    • සමානුපාතිකව බලාගාර වියදම් අඩු වීම

 

  • නිශ්චිත මිනිස් ශ්‍රමය සහ නඩත්තු කළ යුතු අමතර කොටස් ප්‍රමාණය නිසා මෙහෙයුම් සහ පවත්වා ගැනීමේ වියදම් අඩුවීම.
  • විශාල සුළං බල ව්‍යාපෘති සදහා ආයෝජනය කල යුතු වටිනාකම බොහෝවිට දේශීය මුල්‍ය ආයතනය සහ ව්‍යාපාර ආයතනයන්හි ශක්‍යතාවයට වඩා ඉහළ යාම නිසා යෝජිත ලෙස විශේෂ කාර්යය වාහනයක් (එස්.පි.වී.) හෝ දේශීය පුද්ගලික සමාගම් කිහිපයක් සමග අප සහ විදුලි බල මණ්ඩලය සමග සම හවුල්කරිත්වයෙන් ව්‍යාපාරික ගිවිසුමක් යටතේ යම් කිසි භූගෝලීය ප්‍රදේශයක පිහිටි බලශක්ති උද්‍යානයක් වටා සුළං බලශක්තිය උත්පාදනය කිරීමට හැකි වීම.
  • ඩෙන්මාර්කය, ජර්මනිය, නොර්වේ වැනි ඇතැම් යුරෝපා රටවල අඩු පොළි ණය හෝ ණය පහසුකම් සඳහා අඩු පොළී ප්‍රතිශතයක් ලබාදෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාපෘති සඳහා සහය ලබා දෙයි. එය ලබා ගන්නා රටට වාසිදායක වනමුත් සාමාන්‍ය වාණිජ කොන්දේසි යටතේ මෙම පහසුකම් නොපවතියි. මෙවැනි අවස්ථා බොහෝවිට ආධාර වැඩසටහන් හා බැඳී පවතින අතර භාණ්ඩ සහ සේවා සදහා දායක රටෙන් අරමුදල් සපයයි.
  • එස්.පී.වී. කුවයේදී රජයේ සහකරුවා ව්‍යාපෘති නායකයා ලෙස පහත ක්‍රියාකාරකම්හි නිරත වේ:
    • යම් සම්පත් ප්‍රභවයකට අදාළව යොමු දත්ත සහ අදාළ වැඩබිමේ දත්ත එකතු කිරීම.
    • දේශීය ආයෝජකයින්ට නිකුත් කරන දිගුකාලීන පුනර්ජනනීය බලශක්ති බැදුම්කර යනාදී පොළී රහිත මූල්‍ය ක්‍රම සෙවීම.
    • භූමිය සමීක්ෂණය, මිල දී ගැනීම සහ අදාළ පැවරුණු කාර්යයන් හි නිරතවීම.
    • දුම්රිය මාර්ග වැනි දේශීය යටිතල පහසුකම් දියුණු කිරීම.
    • මධ්‍යම විභව සම්ප්‍රේෂණය ශක්තිමත් කිරීම / දීර්ඝ කිරීම.
    • අවශ්‍ය විදුලි උපපොළ සංවර්ධනය සහ එක් කිරීම.
    • රජයේ ආයතන සහ පරිසර අනුමැති කඩිනමින් ලබා ගැනීම.

 

බලශක්ති උද්‍යාන මගින් ලැබෙන වාසි

බලශක්ති උද්‍යාන යනු නිපදවනන්ගේ සහ භාවිත කරන්නන්ගේ සහයෝගයේ සංකලනය වූ බලශක්ති පරිසර පද්ධතියක් බඳු ය. එකිනෙකාගේ අපද්‍රව්‍යවලින් ප්‍රයෝජන ගනිමින් උද්‍යානයේ පදිංචිකරුවන් තමන්ගේ බලශක්ති අවශ්‍යතා සපුරා ගනියි. ඔවුන් බලශක්තිය උපදවා ගන්නේ දේශීය ව නිපදවූ, සම්ප්‍රේෂණ අලාභ වළක්වා ගත්, පුනර්ජනනීය, ෆොසිල ඉන්ධන අවශ්‍යතාවය ඉවත්කරන බලශක්ති ක්‍රියාවලියකිනි.

විමධ්‍යගත කිරීම සහ පිහිටීම අනුව බලශක්ති උද්‍යාන විසින් ආර්ථික සහ පාරිසරික වශයෙන් තිරසාරත්වය කරා යාමට පදනමක් සපයයි.

බලශක්ති උද්‍යානයක ප්‍රධාන ප්‍රතිලාභ පහත පරිදි වේ:

  • පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ බලශක්ති උත්පාදන වියදම් අවම වීම.
  • වඩා යහපත් ජාලගත ඒකාබද්ධකරණය.
  • පුනර්ජනනීය ව්‍යාපෘති සදහා පුළුල් හිමිකාරිත්වයක් ඇතිවීම.
  • ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්තියට විශාල ස්ථානයක් හිමි වීම.
  • ව්‍යාපෘති සඳහා පොදු පිළිගැනීම වැඩි දියුණු කිරීම.
  • පුනර්ජනනීය බලශක්තිය සඳහා යෝග්‍ය අයෝජන පරිසරයක් නිර්මාණය වීම.

 

මන්නාරම් දූපතේ මෙගා වොට් 100ක සුළං උද්‍යානය

ශ්‍රී ලංකාවේ පළමු සුළං බලශක්ති සංවර්ධනයක් සිදුවුයේ 1990 දශකයේ මැද භාගයේ පමණ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මගින් හම්බන්තොට දී පළමු ජාලගත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙනි. මෙම ව්‍යපෘතිය 2018 මැද භාගය වනතෙක් ම මෙගා වොට් 3ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය.

රජය විසින් කුඩා ජල විදුලි බලාගාර සමග ම සුළං බලශක්ති සංවර්ධනයට පුද්ගලික අංශයට ද අවස්ථාව ලබාදෙන ලදී. ඒ මග හැරුණු පිරිවැය මූලධර්ම මත පිහිටා සකස් කළ අයකුම පදනම්ව ය. කෙසේ නමුත් පුද්ගලික සුළං බලශක්ති ව්‍යාපෘති කිසිවක් සාර්ථක නොවූයේ වයනොවූ පිරිවැය පාදක අයකුම ප්‍රතිපත්තිය නිසා ය.

ඇමරිකා එක්සත් ජනපදයේ පුනර්ජනනීය බලශක්ති පර්යේෂණාගාරය (NREL) චන්ද්‍රික දත්ත පදනම් ව මෙරට සතු සුළං බලශක්තියට අදාළව සිදුකළ සමීක්ෂණයක දී එළිදරව් කළ පරිදි ශ්‍රී ලංකාවට මෙගා වොට් 25,000 බලශක්ති ධාරිතාවයක් සංවර්ධනය කර උත්පාදනය කළ හැකි සුළං සම්පත් හිමි ය. එම අධ්‍යයනයෙන් ම තවදුරටත් පැහැදිලි වූයේ මෙගා වොට් 2,500 උසස් තත්ත්වයේ සුළං බලශක්තියක් සංවර්ධනය කළ හැකි ප්‍රදේශයන්හි ස්ථානගතව ඇති බවයි. කෙසේ වූවත් මෙම සංඛ්‍යා දත්ත දෙස බැලිය යුත්තේ ජාතික විදුලිබල අවශ්‍යතා දෘෂ්ටි කෝණයෙනි. අද වනවිට පවතින විදුලි බල ඉල්ලුම මෙගා වොට් 2,600කි.

කෙසේ නමුත් පුද්ගලික අංශය මගින් සංවර්ධනය කළ මෙම ව්‍යාපෘති සඳහා මෙගා වොට් 10ක ධාරිතා සීමාවක් සහ අඩු මිලට විදුලිය සැපයීමට ආර්ථිකයේ ජරිමාණ සාධකයෙන් බාධා පවතියි. මෙම ව්‍යාපෘති එකතු කර මෙගා වොට් 100ක ධාරිතාවයෙන් යුතු එක් සුළං උද්‍යානයක් ආරම්භ කළ හැකිනම් ඉඩම් පරිහරණ බලපෑම් අඩු කරගත හැකි සේම අඩු වියදමකට විදුලිය සපයා ගනු හැකිව තිබිණ.

මෙම ව්‍යාපෘතියේ උත්සාහය වන්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති අනාගතය හඳුන්වාදීමට යි. වර්තමානයේ සුළං බලශක්ති ව්‍යාපෘති මෙහෙයවන්නේ පුද්ගලික අංශය වන අතර රාජ්‍ය අංශය විසින් සීමාසහිත මැදිහත්වීමක් සිදුකරයි. නමුත් මෙම ව්‍යාපෘති සඳහා යොදවන සම්පත් අයිතිය ඇත්තේ රජය සතුව ය. සුළං බලශක්ති ක්ෂේත්‍රයේ යෙදවුම් (සුළං සහ ඉඩම් වත්කම්) රජය සතු ය. එමෙන්ම ඒවායේ නිෂ්පාදිතය (විදුලිබලය උත්පාදනය) සඳහා වෙළෙඳපොළ පාලනය කරන්නේ ද රජයට අයත් ආයතනයක් වන ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසිනි. නීතිගත කර ඇති ලෙස ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබලය මිල දී ගැනීමට අවසරලත් එකම මිල දී ගන්නා වේ.

ප්‍රමාණයෙන් කුඩා රටක් වන ශ්‍රී ලංකාවට ඉඩම් භාවිතය ඉතා තදින් බලපායි. තැනින් තැන විසිරුණු සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා ඉඩම් යෙදවිය නොහැකිය. එනමුත් රටේ පවතින සම්පත් විසින් එවැනි ව්‍යාපෘති සදහා දිරිමත්වීමක් ලබා දෙයි.

යෝජිත ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මගින් මෙහෙයුම් කාලච්ඡේදය ඇතුළත වාර්ෂිකව ගිගා වොට් පැය 400ක පිරිසිදු බලශක්තියක් ජනනය කිරීමට නියමිත ය. මේ වනවිට පවතින විදුලිබල ඉල්ලුමෙන් 3%ක් එම දායකත්වයෙන් ආවරණය කරගත හැකිය. රටේ ස්වභාවික සම්පත් යොදාගනිමින්, සුළං ආශ්‍රිත විදුලිබලය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් ලබා දේ. බලශක්තිය ප්‍රතිස්ථාපනය කිරීමේ අගය ලාභ ෆොසිල ඉන්ධන හරහා ලබාගැනීමේ විකල්පය සලකා බලමින් පවතියි. සුළං විදුලිබලයේ අඩු වියදම විසින් ප්‍රධාන ධාරාවේ සුළං විදුලිබල නිෂ්පාදනයක් සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට සැලසුම් ක්‍රියාවලිකය නිරතවීමට මග සකසයි.

මෙම ව්‍යාපෘතිය තවදුරටත් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයන් ශක්තිමත් කරමින් බලශක්ති කර්මාන්තයේ නියුතු සියලුම ආයතන හට නිසිලෙස සම්බන්ධ වීමට පසුබිමක් සාදයි.

මෙම ව්‍යාපෘතිය මගින් ඌණ සංවර්ධනයක් සහිත ප්‍රදේශවලට අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගනිමින් එම ප්‍රදේශවල මහා මාර්ග දියුණු කරමින්, විදුලිබල සැපයුම වැඩිකරමින් වටිනා කර්තව්‍යයක් ඉටු කරයි. මෙයට අමතරව ව්‍යාපෘතියේ ප්‍රධාන ප්‍රතිලාභයක් ලෙස ප්‍රදේශයේ රැකියා නියුක්තිය ඇතිවීම දැක්විය හැකිය.

 

මෙගා වොට් 100 සූර්යය උද්‍යානය - සියඹලාණ්ඩුව, මොණරාගල

අනාගතයේ පැන නැගෙන බලශක්ති අර්බුදයට බලාපොරොත්තු සහිත ම බලශක්ති ප්‍රභවය සූර්යය ශක්තිය යි. සූර්යය බලශක්ති සංවර්ධනයේ වාර්තමාන සංසිද්ධිය වසර 2000 මැද භාගයේ පමණ ආරම්භ වූ අතර එහි මුලාරම්භය ඇතිකරනු ලැබුවේ පුද්ගලික ආයතනයක් විසිනි. රජය විසින් 'වෙනත්' යන විභේදනය යටතේ පුද්ගලික අංශය සදහා සූර්යය බලශක්ති සංවර්ධනයට දොර විවෘත කරන ලදී. ඒ ප්‍රකාශයට පත් නව පුනර්ජනනීය බලශක්ති පිරිවැය මත පදනම් වූ අයකුම ප්‍රතිපත්ති අනුව ය. කෙසේනමුත් පුද්ගලික අංශයේ කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවූයේ අඩු අය ක්‍රම නිසා මේ සියලු ව්‍යාපෘති මුල්‍යමය වශයෙන් ප්‍රයෝගික නොමැති නිසාය.

අප විසින් සැකසු සූර්යය බල ඇට්ලසය මගින් නියම තත්වයෙන් යුතු සුර්යය බලය රටේ සංවර්ධනය කළ යුතු ප්‍රදේශයන්හි ඇති බව පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව සූර්යය සම්පතින් බොහෝ පොහොසත්ය.

සියඹලාණ්ඩුවේ මෙගා වොට් 100ක සූර්යය උද්‍යානයක් සඳහා අවසර ලබාදෙමින් කෘෂිකර්මය සහ අනෙකුත් ආර්ථික සංවර්ධන කාර්යයන් සඳහා යොදාගත නොහැකි ඉඩම් සූර්යය බලශක්ති උත්පාදනයට භාවිත කිරීමට එකඟවිය. පළමු මෙගාවොට් 100 සූර්යය උද්‍යානය සියඹලාණ්ඩුවේ දියත් වේ. මෙම ව්‍යාපෘතිය අප අධිකාරියේ සහ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සාමුහික ක්‍රියාන්විතයකි.

මෙම ව්‍යාපෘතිය මගින් මෙහෙයුම් කාලච්ඡේදයේ දී පිරිසිදු බලශක්තිය ගිගා වොට් පැය 200ක් ජනනය කිරීමට යෝජිත ය. එමෙන්ම තරඟකාරී මිලකට උසස් තත්ත්වයෙන් යුතු නිෂ්පාදන සහිත ඉහළ මට්ටමේ අයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නියමිත ය.

 

සුළං සහ සූර්යය බලශක්ති උද්‍යාන - පුනරින් අර්ධද්වීපය

පුනරින් හී සූර්යය සහ සුළං බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට යෝජිත ය. ඇස්තමේන්තුවට අනුව සුළං මගින් මෙගා වොට් 240 ධාරිතාවයකුත්, සූර්යය ශක්තිය මගින් මෙගා වොට් 150 - 200 ධාරිතාවයකුත් ලබා ගැනීමට හැකිය. මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.

call to action icon