1. 1. සුළං බලශක්තිය ඇගයීම

සුළං බලශක්තිය මනින මධ්‍යස්ථාන

ජාතික සමුද්දේශස්ථාන පද්ධතිය මගින් සුළං බලශක්තිය ඇගයීම සහ බලශක්ති කාර්යය සාධනයට අදාළ ප්‍රධාන පද්ධතිය ලෙස කටයුතු කරයි. සුළං වේගය මැනීමට, සුළං දිශාව නිර්ණය කිරීමට, වායු ඝනත්වය මැනීමට, සුළඟේ උෂ්ණත්වය සහ සූර්යය විකිරණය පිළිබඳව දැනගැනීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණය මෙම මධ්‍යස්ථාන සතු ය.

අප විසින් ජාතික සමුද්දේශස්ථාන පද්ධතිය ක්‍රියාත්මක කරමින් සුළං බලශක්ති ප්‍රදේශ පිළිබඳව දත්ත රැස් කිරීම දැනුවත්වීම් සිදුකරයි. අප විසින් සියලුම තොරතුරු එක් දත්ත පද්ධතියකට ගොනුකර ඇති අතර එමගින් සුළං සම්බන්ධව අතීත සහ වර්තමාන තොරතුරු දැනගත හැකිය.

සිතියම සඳහා බොත්තම ඔබන්න

යාවත්කාලීන සහ සත්‍යය තොරතුරු සහිත ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවශ්‍ය උපාය මාර්ගික තීරණ සඳහාත් සංවර්ධකයින් හට බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහාත් වැදගත් ය. ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පත් ඇගයීම් සිදුවන්නේ wasp මෘදුකාංගයේ ඇතුළත් චන්ද්‍රිකා දත්ත මගිනි. ලැබෙන ප්‍රතිඵල භුමියේ සිදුකරන මිණුම් සමග සැසඳීම සිදුවේ.

ක්‍රියාකාරකම්

  • අවශ්‍ය යෙදවුම් දත්ත සහ දෝෂ නිවැරදි කිරීම.
  • WASP මෘදුකාංගය මත පදනම් වන දත්ත සහ ආකෘති විශ්ලේෂණය කිරීම.
  • ගොඩබිමේ සිදුකරන මැනීම් දත්ත ප්‍රතිඵලයන් තහවුරු කර ගැනීම.
  • වාර්තා ප්‍රකාශයට පත් කිරීම.

 

  1. 2. ජල සම්පත් ඇගයීම

ජල සම්පත් ඇට්ලසය ජල බලශක්තිය සම්පත්වලට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහ සංවර්ධනයට වැදගත් ය. මෙමගින් නිසි ස්ථාන සොයාගැනීමට දත්ත විශාල ප්‍රමාණයක් සපයයි. පවතින සම්පත් දැනටමත් සිතියම් ගත කර ඇත. දිවයින පුරා පවතින ජල සම්පත පිළිබඳව ඇගයීම ළඟදීම ප්‍රකාශයට පත්වනු ඇත. ජලවිදුලි සම්පත් ඇට්ලසය රටේ ජල විදුලියට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහ සංවර්ධනයට වැදගත් ය. මෙය අදාළ ස්ථාන තෝරා ගැනීම සඳහා උපකාරී වන දත්ත ගබඩාවක් ලෙස කටයුතු කරයි. සම්පත් ලබා ගැනීමේ හැකියාව දැනටමත් සිතියම් ගත කර ඇති අතර සමස්ත ජලවිදුලි සම්පත් ඇගයීම නුදුරේ දී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ක්‍රියාකාරකම්

  • සංවර්ධනය කරන ලද ආකෘතිය කාර්යයසාධන අධීක්ෂණ ප්‍රතිඵල භාවිතයෙන් තහවුරු කිරීම.
  • වාර්තාව සම්පාදනය සහ එය ප්‍රකාශයට පත්කිරීම.

 

  1. 3. තරංග ශක්ති සම්පත් ඇගයීම

ශ්‍රී ලංකාව දූපතක් නිසා තරංග ශක්තියට කදිම පසුබිමක් ඇත. තරංග ශක්ති සම්පත් පිළිබඳව පේරාදෙණිය සරසවිය හා එක්ව තක්සේරුවක් සිදු කරන ලදී. දේශීය විදේශීය ආයතනවලින් ලබාගත් ක්‍ෂෙත්‍ර දත්ත අනුසාරයෙන් මුහුදු රළ අධ්‍යනය සිදුවේ. තවදුරටත් ශ්‍රී ලංකාවේ මුහුදු රළ ලක්ෂණ සහිත ආකෘතියක් සංවර්ධනයකර එකී ආකෘතිය භාවිතයෙන් සම්පත් ශක්‍යතා අධ්‍යයනය සිදුකරනු ඇති.

ක්‍රියාකාරකම්

  • ශ්‍රී ලංකාවේ මුහුදු රළ ලක්ෂණ සහිත ආකෘතිය සුදානම් කිරීම
  • ආකෘතියේ වලංගු භාමය තහවුරු කිරීම
  • රළ බලශක්ති සම්පත් ඇගයීම ක්‍රියාත්මක කිරීම

 

  1. 4. සුර්යය කෝෂ - පර්යේෂණය සහ සංවර්ධනය

සුර්යය බලශක්තිය ඉහළ නැංවීමට අදාල කටයුතු මෙහෙයවන ලද්දේ පේරාදෙණිය සරසවියේද සහයෝගය ඇතිවය. එම පර්යේෂණ කටයුතු සම්පුර්ණ වීමට ආසන්නවෙමින් පවතී. තවදුරටත් සෘජු ධාරා ක්ෂුද්‍ර ජාලයක් හරහා බලශක්ති කාර්යක්ෂමතා පරිභෝජනය සඳහා සංවර්ධනය කරන ලද සුර්යය කෝෂ නියමු ආකෘතිය පිළිබඳව විශ්ලේෂණය ද මෙම ව්‍යාපෘතියේ ම ඉදිරියේ දී සිදුකරයි.

ක්‍රියාකාරකම්

  • සෘජු ධාරා ජාලයක් සහිත සුර්යය කෝෂ ආකෘතියේ කටයුතු අවසන් කිරීම සහ ප්‍රදර්ශනය.
  • පුරෝකථනය කළ සුර්යය කෝෂ ආකෘතියේ වැඩ කටයුතු අවසන් කිරීම.
  • ක්ෂුද්‍ර ජලයේ නිමැවුම යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බැලීම.

 

  1. 5. සුළං බලය සංවර්ධනය කිරීම

මෙරට සතුව ඉහළ සුළං බලශක්ති ධාරිතාවයක් ඇති බව වටහා ගනිමින් සහ සුර්යය බලය යොදාගැනීමට විවිධ නවප්‍රවණතාවන් බිහිවීමෙන් සුර්යය බලශක්තිය ප්‍රයෝගිකව භාවිතා කිරීමේ අවස්ථාවන් ඉහළ යාමත් නිසා, සුළං බලය සංවර්ධනය කිරීමට ඇති අනෙකුත් මාර්ගයන් ගවේෂණය කාලෝචිත ය. ඇතැම් පියවරයන් දැනටමත් කුඩා පරිමාණයේ සුළං ටර්බයින යොදාගෙන සිදුකර ඇත. ඇතැම් දීර්ඝ කාලීන මැදිහත්වීම් ලෙස වෙරළබඩ සුළං බලශක්ති සංවර්ධන පියවරයන් දැක්විය හැකිය. ඉදිරියටත් මෙයට අදාළව යම් යම් මැදිහත්වීම් සිදුකරන්නේ සුළං බලශක්තිය සංවර්ධන සඳහා විවිධාකාර ප්‍රවේශයන් ලබා ගැනීමට ය.

ක්‍රියාකාරකම්

  • කුඩා සුළං ටර්බයින සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.
  • සුළං මැනීමේ කුඹයක් හම්බන්තොට ක්‍රියාත්මක කිරීම.
  • උත්පාදක දත්ත සහ මැන ලබා ගත් දත්ත විශ්ලේෂණය කිරීම.
  • අක්වෙරළ සුළං බලශක්ති නිෂ්පාදන සංවර්ධනය පිළිබඳව මූලික අධ්‍යයනයක් දියත් කිරීම.
  • සුළං බලශක්ති බලාගාර කාර්යය සාධනය පිළිබඳව විශ්ලේෂණ පැවැත්වීම.

 

call to action icon