අනාගතය අපට කුමක් දායාද කරයි ද?

අනෙකුත් භාණ්ඩ හා සසඳන විට බලශක්තියට ඇති ඉල්ලුම ඉහළ නිසා, එකී ඉල්ලුම ඉහළ යන වේගයෙන් ම ක්ෂණිකව ඉල්ලුමට සැපයුම ලබා දීම අතවශ්‍යය. එහි අර්ථය නම් ඉක්මනින් ළඟා වීමටත්, ඉක්මනින් බෙදාහැරීමටත් පහසුවන විශාල ඉල්ලුමකට නොසැලී සැපයුම ලබාදිය හැකි ප්‍රභවයක් මෙහිදී අවශ්‍ය වේ. ෆොසිල ඉන්ධන සහ ජෛව ස්කන්ධ විශාල ප්‍රමාණයෙන් සමුච්චය කර වෙනස්වන ඉල්ලුම සපුරාගැනීමට යොදාගන්නා නිසා මෙම අවශ්‍යතාවයට තරමක් දුරට සපුරාගැනීමට යොදා ගත හැක.

පුනර්ජනනීය බලශක්තියට අදාළව තත්ත්වය වෙනස්වන්නේ එය ජනනය වන වේලාව වෙනස්වීමත්, කාලයත් සමග වෙනස්වීමත් යන සාධක නිසාය.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව ගැටලුව වන්නේ කෙතරම් බහුලව සම්පත් ප්‍රභවයන් පවතිනවා ද යන්න නොව වෙනස්වන ඉල්ලුම සහ සැපයුම අතර පරතරයක් පැවතීම යි. ඉල්ලුම සහ සැපයුම අතර ඇති අසමතුලිතතාවය මෙන්ම විදුලි පද්ධති කාර්යක්ෂමතවය ද බලශක්ති කෝෂ පද්ධති (ඉ.එස්.එස්.) මගින් පාලනය කරගත හැකිය.

පුනර්ජනනීය බලශක්ති සම්පත් බහුල සහ වෙනස්වන සුලු ය. නිදසුනක් ලෙස සුළඟ, සූර්යය සහ ජල බලය වුව ද එසේම ය. යම් වේලාවක එය බහුල වුවත් ඇතැම් මොහොතක එය ඉතාමත් හිඟ ය. සම්පත්වල පවතින මෙම ස්වභාවයට ගැළපෙන කෝෂ. පද්ධතියක් මගින් ඉල්ලුම සපුරා ගැනීමට සහය ලැබේ. නුදුරු අතීතයේ දී බොහෝ කෝෂ. පද්ධති විදුලි, කාර්මික සහ තාපන බලශක්ති පද්ධති සඳහා උපකාරී වීම සඳහා සංවර්ධනය කර ඇත. උත්පාදනය කළ බලය විභව, චාලක, රසායනික සහ තාපන ලෙස ගබඩාකර නිකුත්කිරීමේ දී අවශ්‍ය අන්දමින් නිකුත් කළ හැකිය. බොහෝවිට නිකුත් කිරීම සිදුවන්නේ විදුලි බලය ලෙස ය. විදුලි බල ජාල හරහා බලශක්තිය සැපයීමේ දී ස්ථාවරත්වය සහ ගුණත්වය පවත්වා ගැනීමට ද මෙමගින් වැදගත් කාර්යයභාරයක් සිදුවේ.

ගෝලීය වශයෙන් බලශක්ති ගබඩා කිරීම් වෙළෙඳපොළ, ඇතිවෙමින් පවතින බලශක්ති පරිවර්තනයත් සමග දෙදරා යාමට ලක්ව ඇත. ඉදිරි වර්ෂයන්වල මේ සඳහා වෙළෙඳපොළ 40% කින් වැඩි වීමට නියමිත ය.

විවිධ වර්ගයේ කෝෂ පද්ධනි ඇත. බහුලව භාවිත වන තාක්ෂණයන් වන්නේ ජල විභව, බැටරි, තාපය, සම්පීඩිත වායු බලශක්ති ගබඩා කිරීම (CAES) සහ ජව රෝද (flywheel) යනාදිය යි. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ගබඩා ගත බලශක්තියෙන් 93%ක් ජල විභව ගබඩා ය.

CAES ගබඩාවක වාතය සම්පිණ්ඩනය කර අධි පීඩනයක් යටතේ ගබඩා කර ඇත. මෙම සම්පීඩක වාතය ගබඩා කර ඇත්තේ භූගත ගබඩාවක් තුළ ය. විදුලි බලය අවශ්‍ය වූ විට, සම්පිණ්ඩන වාතය ප්‍රසාරණ ටර්බයිනයක් හරහා ප්‍රසාරණය කර උත්පාදක යන්ත්‍රයක් හරහා බලශක්තිය ජනනය කරයි.

භූගත තාප බලශක්ති ගබඩා වැනි මහා පරිමාණ බලශක්ති ගබඩා සහ අදියර වෙනස් කිරීමේ මුලද්‍රව්‍ය නමින් හඳුන්වන ගලා යන තාප ගබඩා අයිති වන්නේ තාප බලශක්ති ගබඩා පද්ධති (TESS) ඝණයට යි. බහුල වශයෙන් ඇති තාප ගබඩා පද්ධති සඳහා නිදසුන් ලෙස බොර්හෝල් ටී.ඉ.එස්.එස්., ඇකුයිෆයර් ටී.ඉ.එස්.එස්, ටෑන්ක් ටී.ඉ.එස්.එස්. සහ පිට් ටී.ඉ.එස්.එස්. සඳහන් කළ හැකිය.

වර්තමානයේ ජවරෝද කෝෂ පද්ධනි අතර කැපී පෙනෙයි. එසේ වන්නේ අනෙක් බලශක්ති ගබඩා කිරීමේ ක්‍රමවලට වඩා ජවරෝද තාක්ෂණය වාසි වැඩි නිසා ය. එමගින් චාලක ශක්තිය වේගයෙන් ධාවනය වන ජව රෝද තුළ ගබඩා කරයි. ජවරෝද එහි වැඩිකල් පැවැත්ම, ඉහළ භාවිතාව, අධි බලශක්ති ඝනත්වය, වැඩි කාර්යක්ෂමතාවය, අවම පරිසර බලපෑම සහ ඇති විශාල බලශක්ති ජූල් මට්ටමක් ගබඩා කිරීමේ හැකියාව වැඩි වීම වැනි සාධක නිසා ව්‍යාප්තව ඇත.

විද්‍යුත් රසායනික ගබඩා පද්ධති යන යෙදුම සෑම වර්ගයකම බැටරි හැඳින්වීමට යොදාගනියි. බැටරි ක්‍රියාකරනුයේ එහි ඇති සක්‍රීය මුලද්‍රව්‍යන් හි අඩංගු රසායනික ශක්තිය, විද්‍යුත් රසායනික ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් මගින් විද්‍යුත් ශක්තිය නිපදවීමෙනි. වර්තමානයේ විවිධාකාර බැටරි වර්ග ඇත. ප්‍රමාණය, මිල, භාවිත වන කාර්යය මත ඒවා වෙනස් වේ. ලිතියම්-ලෝහ බැටරියේ ප්‍රතිලාභයක් ලෙස සලකන්නේ එය ගබඩාකරණ. තාක්ෂණයේ අති නවීන ප්‍රතිඵලයක් නිසා ය. ජංගම දුරකථන සහ ලැප් ටොප් පරිගණක සඳහා යොදා ගන්නා සියලුම බැටරි අදාළ වන්නේ මෙම ගණයට යි. විද්‍යුත් රසායනික කර්යයසාධනය වැඩිකර ගනිමින් එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යුත් රසායනික බලශක්ති ගබඩා අයිතමයන්ගේ ආයු කාලය, බලශක්ති ඝනත්වය වැනි තත්ත්වයන් ඉහළ දැමීමට ග්‍රැෆීන් සම්බන්ධව සිදුකළ මත කාලීන අධ්‍යයනයකින් ඉහළ කාර්යයසාධනයකින් යුතු ඉලෙක්ට්‍රෝඩ සංවර්ධනය කිරීමේ නව අවස්ථා ඇති බව පැහැදිලි විය. කෙසේ නමුත් විද්‍යුත් රසායනික ගබඩා පද්ධති සඳහා රසායනික ද්‍රව්‍ය යොදාගැනීමේ දී ආරක්ෂාව සහ පරිසරයට ඇතිවන බලපෑම සලකා බැලීම අත්‍යවශ්‍ය ය.

ජාලගත මෙහෙයුම් ක්‍රියාකාරකම්වල දී වඩාත් බලාපොරොත්තු සහගත ගබඩාකරණ අයිතමය ලෙස හැඳින්විය හැක්කේ ෆ්ලෝ බැටරි නැතහොත් රේඩ්ඕක්ස් බැටරි වර්ගය යි. අනෙකුත් බැටරිවලට සාපේක්ෂව රේඩ්ඕක්ස් බැටරි වැඩි ආයු කාලයකින් සහ අවම මිලකින් යුක්ත ය. මෙම බැටරි වර්ගයේ තවත් වාසිදායක තත්ත්වයක වන්නේ ඒවායේ ඇති බලය සහ ශක්තිය විසංයෝජනය කිරීමේ හැකියාවයි.

ජලවිභව ගබඩා පහසුව මගින් විභව ශක්තිය ඉහල රැඳවූ ජලය ආකාරයෙන් ගබඩා කරයි. පහළ ජලාශයක ඇති ජලය තවත් ඉහළ ජලාශයකට පොම්පකර අවශ්‍යතාවයට අනුව බලශක්තිය උත්පාදනය සඳහා නිකුත් කරයි. වර්ෂ 1890 සිට මෙම ක්‍රමය මනාව ක්‍රියාත්මක වන සංකල්පයක් වේ. ලෝකයේ පවතින විශාලම ජාලගත බලශක්ති ගබඩා පද්ධතිය මෙය වන අතර ලෝකයේ ගබඩාකර ඇති ඇති සමස්ත බලශක්ති ප්‍රමාණයෙන් 97% කි.

මෙම විභව ගබඩා ක්ෂුද්‍ර දෙමුහුන් සුර්යය-සුළං පද්ධති සදහා සහය වේ. මෙම ක්‍රමය මගින් සුළං සහ සූර්යය කෝෂ (ෆෝටොවෝල්ටික්) මගින් උත්පාදනය කරන බලය කාර්යක්ෂම ලෙස ගබඩා කරයි.

call to action icon