ජෛව ස්කන්ධ නැතහොත් ජෛව බලශක්තිය නමින් ද හඳුන්වන මෙය කාබනික ද්‍රව්‍ය දහනය මගින් නිපදවන බලශක්තියයි. මෙය පුනර්ජනනීය බලශක්තියක් සහ තිරසාර බලශක්ති මුලාශ්‍රයක් ය. එය ප්‍රධානකොට විවිධ දේ උණුසුම් කිරීමට යොදා ගත්තත් සුළු වශයෙන් බලශක්ති උත්පාදනයටද යොදාගැනෙයි.

ජෛව බලශක්තිය සාම්ප්‍රදායික සහ නවීන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකි. සම්ප්‍රදායික ක්‍රමවේදයේ දී දැව, සත්ත්ව අපද්‍රව්‍ය, අඟුරු වැනි ජෛව ස්කන්ධ දහනයෙන් බලශක්තිය නිපදවයි. නවීන ක්‍රමවේදයේ දී රොට සහ අනෙකුත් ශාකවලින් ලබාගන්නා ද්‍රව ජෛව ඉන්ධන;ජෛව පිරිපහදු; අවශේෂ නිර්වායු මගින් ලබාගන්නා ජෛව ඉන්ධන; ලී තට්ටුව උණුසුම් කිරීම සහ අනෙකුත් තාක්ෂණයන් ය.

පුනර්ජනනීය බලශක්තියෙන් හතරෙන් තුනක් ම ලබාගන්නේ ජෛව ස්කන්ධ මගිනි. එයින් අඩකටත් වඩා සම්ප්‍රදායික ජෛව ස්කන්ධ භාවිතයෙනි. 2015 දී ජෛව බලශක්තිය සම්පූර්ණ බලශක්ති භාවිතයෙන් 10% වූ අතර එය ගෝලීය බලශක්ති ජනනයෙන් 1.4ක කොටසකි.

ජෛව බලශක්තිය ට ඇති ඉහළ ඉල්ලුම නිසා බ්‍රසීලය,ඉන්දියාව සහ චීනයේ බලශක්ති සැපයුම්කරුවන් ඉතාමත් බහුලය. එම සැපයුමෙන් සෘජුව ම දහනයෙන් තාපය ලබාගෙන බලශක්තිය නිපදවයි. නැතහොත් ඉන්ධන හෝ ගෑස් ආදේශකවලට පරිවර්තනය කරයි. ගැසොලින් සඳහා පුනර්ජනනීය ආදේශකයක් වන ද්‍රව ජෛව ඉන්ධන ප්‍රවාහන ක්ෂේත්‍රයේ බහුලව භාවිතා කරයි.

ද්‍රව ජෛව ඉන්ධන සම්බන්ධව ප්‍රධාන වන්නේ බ්‍රසීලයයි. බහු ඉන්ධන වාහන සහිත දිගම නෞකාව ඇත්තේ බ්‍රසිලයේ යි. එය සීනි හෝ කොන්, උක් දඬු, පැණිරස සෝගම් වැනි පිෂ්ට බෝගවලින් ලබා ගන්නා කබෝහයිඩ්‍රේට් නිපදවන මද්‍යසාරයක් වන බයෝ එතනෝල් මගින් ධාවනය කරයි.

ශ්‍රී ලංකාවේ මූලික බලශක්ති සැපයුමේ දී ජෛවස්කන්ධ ප්‍රධාන ස්ථානයක් ගනියි. ග්‍රාමීය ප්‍රදේශවල ආහාර පිසීමේ කටයුතු සහ අනෙකුත් කාර්යයයන් සඳහා දැව සහ අනෙකුත් ජෛව ස්කන්ධ භාවිත කළත් නාගරික මට්ටමින් ජෛව ස්කන්ධ භාවිතා වන්නේ සුළු වශයෙනි.තවමත් රටේ බලශක්ති අවශ්‍යතා සපුරාගැනීමට ජෛව ස්කන්ධ භාවිත කිරීමේ අවස්ථා බහුලව පවතී. ඒ අතරින් කර්මාන්ත ක්ෂේත්‍රයේ තාප ශක්තිය යොදා ගැනීම සුවිශේෂී ය.

call to action icon