ජලවිදුලි බලශක්තිය හටගන්නේ ගලා හැලෙන ජලය මගිනි. වසර 2000කට පෙර පුරාතන ග්‍රීකයෝ ජලයේ බලය මගින් ධාන්‍ය කුඩු කිරීමට යොදා ගත්හ. අද වන විට වඩාත් ම පිරිවැය අඩු විදුලිබල ජනනය කරන ක්‍රමය මෙය වනවා මෙන් ම එය හැකි සෑමවිට ම යොදාගනියි. ලෝකයේ විශාලම විදුලි බලාගාරය ගිගා වොට් 22.5කි. එය චීනයේ ඇති ත්‍රී ගෝජස් ඩෑම් බලාගාරයයි. එම බලාගාරයේ වසරකට ටෙරාවොට් 80 සිට 100 දක්වා ප්‍රමාණයක් නිපදවයි. මිලියන 70 - 80 ජනගහනයක ගෘහස්ත අවශ්‍යතා සපුරාගැනීමට එය ප්‍රමාණවත් ය.

කුඩා පරිමාණ ජලවිදුලි ව්‍යාපෘති මගින් ග්‍රාමීය ප්‍රදේශවලට විශාල වෙනසක් ඇති කිරීමට හැකිය. ජල විදුලි බලයේ මූලික සිද්ධාන්තය වන්නේ ටර්බයින ක්‍රියාත්මක කරවීමට ජල විභවය භාවිත කිරීමයි. ජලවිදුලි බලාගාර ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. ඒ ජලාශ, අමුණු සහිත සහ එසේ නොමැති වශයෙනි. විශාල ජලාශ සහිත ජලවිදුලි බලාගාරයන් කෙටි හෝ දිගු කලකට ජලය ගබඩා කර තබා ගෙන ඉහළ ඉල්ලුමක් ඇති අවස්ථාවල අවශ්‍යතාවය සපයා ගනියි. විදුලි බලාගාරවලින් ලබාගන්නා පහසුකම් විවිධ අරමුණු සඳහා යොදාගත හැකිය. ඒවා නම් රාත්‍රී කාලයේ හෝ දවල් කාලයේ භාවිතය සඳහා, සෘතුමය ගබඩා, ආපසු හැරවිය හැකි පොම්ප ගබඩා, පොම්ප කිරීමට සහ ගබඩා කිරීමට යනාදිය යි. අමුණු සහ ජලාශ නොමැති බලාගාරයන් විදුලි බලය නිපදවන්නේ කුඩා පරිමාණයෙනි. එය බොහෝ විට ගංගාවක ගලා යාමට බාධා නොකර නිර්මාණය කරන ලද්දකි. එම ව්‍යාපෘති ගංගාශ්‍රිත ජනනය නමින් හඳුන්වයි. බොහෝ විට කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර පරිසර හිතකාමී විකල්පයක් ලෙස හදුන්වයි.

ශ්‍රී ලංකාවේ විදුලි බලය උත්පාදනය කිරීමට භාවිත වන ප්‍රධාන බලශක්තිය වන්නේ ජලවිදුලිය යි. 1990 වන විටත් රවේ සම්පූර්ණ විදුලි බලය ජනනය කරන ලද්දේ එලෙස යි. විශාල ජලවිදුලි බලාගාර දැනටමත් සංවර්ධනය කර අඩු වියදමකින් යුතු විදුලි බලය රටට දායාද කරමින් පවතියි. මේ වන විට මූලික විදුලිබල ජනන අවශ්‍යතා සඳහාත්, අධි අවශ්‍යතා සඳහාත් විදුලි බලාගාර ක්‍රියාත්මක වෙයි. සම්මත බලශක්ති මිලදී ගැනීම් ගිවිසුම  යටතේ ක්‍රියාත්මක වන කුඩා විදුලිබලාගාර සැලකිය යුතු ප්‍රමාණයක් ඇති අතර එම ප්‍රමාණය ඉදිරි වසර කිහිපයේදී තවත් වැඩිවීමට නියමිතය.

call to action icon