බලශක්තිය සූර්යයාගෙන් සෘජුව බලය ලබා ගත හැකිය. නමුත් ඒ මඳ වලාකුළු සහිත දේශගුණයේ දී ය. සූර්යය බලය ලෝකය පුරා ම භාවිත වෙයි. එය වඩාත්ම යොදාගන්නේ ධාන්‍ය වියලා ගැනීමට විදුලි බලය ජනනය සඳහාත්, ජලය උණුසුම් කිරීමට සහ කරදියෙන් ලුණු ඉවත් කිරීමටත් ය.

සූර්යය බලය ප්‍රධාන ක්‍රම දෙකකට ජනනය කළ හැකිය:

ෆොටෝවොල්ටෙයික්ස් (PV) නොහොත් සූර්යය කෝෂ මගින් සූර්යාලෝකය සෘජුව ම  විදුලි බලයට පරිවර්තනය කරයි. බොහෝ දෙනා නූතන සූර්යය කෝෂ දුටු පමණින් හඳුනයි. ඒ නිවෙස් උඩ සවි කර ඇති පැනල ලෙසිනි. වර්තමානයේ සූර්යය කෝෂ යනු වේගයෙන් දියුණුවන පුනර්ජනනීය බලශක්ති තාක්ෂණවේදයකි. අනාගතයේ දී එය ගෝලීය විදුලිබල නිෂ්පාදන අංශයේ වඩාත් ආකර්ශනීය වනු ඇත.

සූර්ය කෝෂ වාණිජ මට්ටමින් හෝ කුඩා පරිමාණයෙන් පුද්ගලික ප්‍රයෝජනය සඳහා ද භාවිත කළ හැක. කුඩා විදුලි පද්ධතියක් යනු විදුලිබල සම්ප්‍රේෂණ මාර්ගයක් අවට ජීවත් නොවන අය සඳහා විදුලි බලය ලබාදීමට කදිම විසඳුමකි.

සුර්ය පැනල නිෂ්පාදන වියදම පසුගිය දශකයන්වල දී සැලකිය යුතු මට්ටමකින් අඩු වූ නිසා එය දැරිය හැකි මිලකට විදුලිබලය ලබාගැනීමේ විසඳුමක් ලෙස පවතියි. සූර්ය පැනල සඳහා වන ආයු කාලය දළ වශයෙන් අවුරුදු 25ක් පමණ වන අතර නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමු ද්‍රව්‍යය මත ආයු කාලය වෙනස් වීමට හැකිය.

සංකේන්ද්‍රිත සූර්යය බලය යනු කැඩපත් භාවිතයෙන් සූර්යය බලය සංකේන්ද්‍රණය කිරීමයි. මෙම කිරණ මගින් තාප හුවමාරුවක් මගින් දිවෙන තරල උණුසුම් කරමින් ටර්බයිනය ක්‍රියාත්මක වීමට අවශ්‍යය වාෂ්ප නිපදවා ටර්බයිනය ක්‍රියාත්මක කර විදුලිබලය නිපදවයි. සංකේන්ද්‍රිත සූර්යය බලය විශාල පරිමාණයේ බලාගාර සදහා විදුලි බලය ජනනය කිරීමටද යොදාගනියි.

සී.එස්.පි. (CSP) බලාගාරයක් සාමාන්‍යයෙන් උස සිහින් කුලුණකට දර්පණ ක්ෂේත්‍රයකින් කිරණ පරාවර්තනය කරයි. සී.එස්.පි. බලාගාරයක PV සූර්ය බලාගාරයකට සාපේක්ෂව ඇති ප්‍රධාන ප්‍රතිලාභය වන්නේ එය තාපය ගබඩා කළ හැකි දුවිකෘත ලවණවලින් සන්නද්ධ වීමයි.

ශ්‍රී ‍ලංකාවේ සෑම ප්‍රදේශයකට ම හිරු එළිය සැලකිය යුතු විභාවතාවයකින් ලැබෙයි. වාර්ෂික ගෝලීය තිරස් විකිරණය වර්ග මීටරයකට කිලෝ වොට් පැය 1,247 සිට 2,106 දක්වා ලැබෙයි. සැලකිය යුතු කරුණක් නම් කඳුකර ප්‍රදේශයට සාපේක්ෂව පහතරට ප්‍රදේශයට සූර්යාලෝකයේ තීව්‍රතාව ඉහළ වීමයි. මෙයට හේතුව වන්නේ  කඳුකරයේ වලාකුළු සහිත බව සහ කඳුවල සෙවනැලි පතිත වීමය. සෘජු සාමාන්‍ය විකිරණයේ තීව්‍රතා විචලනය ගෝලීය තිරස් විකිරණයට සමානුරූපීය වේ.

 

සූර්යය බලශක්ති ඇට්ලසය

සූර්යය බලශක්ති ඇට්ලසය සූර්යය බලශක්තිය පිළිබඳව පවතින දැනුමට වැදගත් එක්වීමකි. ශ්‍රී ලංකාවේ පළමු සූර්යය බලශක්ති සිතියම සූදානම් කරන ලද්දේ වර්ෂ 2005 දී ඒ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සුළං සහ සූර්යය බල ඇට්ලසය ලෙස ඇමෙරිකානු ජාතික පුනර්ජනනීය බලශක්ති පර්යේෂණාගාරයේ ය. සූර්යය ශක්තියේ ශක්‍යතාවය පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට එමගින් හැකියාව ලැබිණි. කෙසේ හෝ එම තොරතුරු නව සූර්යය බලය ඵලදායිවයෙදවීම් පිළිබඳව නිශ්චය කර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. මේ නිසා ශ්‍රී ලංකාවේ සූර්යය බලශක්තිය සංවර්ධනය පිළිබඳව නිශ්චිත සූර්යය බලශක්ති යෝජනාවක් යනු ඉතාමත්තීරණාත්මක සාධකයකි. ශ්‍රී ලංකාවේ සූර්යය බලශක්ති ඇට්ලසය මෙම අවශ්‍යතාවය පිළිබඳව උනන්දු ඇති කරවයි.

 

පියැසි පාදක සුර්ය බල ව්‍යාපෘති නොහොත් ක්ෂුද්‍ර බලශක්ති නිෂ්පාදකයින්

අප අධිකාරිය වසර 2010 දී හඳුන්වා දුන් ශුද්ධ මිණිත සූර්යය පියැසි කර්මාන්තය මහා පරිමාණයෙන් රට පුරා ව්‍යාප්ත වී ඇත.

2016 සැප්තැම්බර් මස 6 වන දින 'සූර්යය බල සංග්‍රාමය' නමින් වැඩි දියුණු කළ සූර්යය පියැසි වැඩසටහනක්  දියත් කරන ලදී. එය සුර්ය බල සංග්‍රාමය නමින් හැඳින් වේ. මේ වැඩසටහන යටතේ ජාලයට එකතුවන අමතර බලය ඉදිරියට ගෙන යා හැකි සංකල්පයකි. නැතහොත් එකතුවන අමතර සූර්යය බලය කිලෝ වොට් පැයකට රු.22 බැගින් පළමු වසර 7 තුළත් ඉන්පසු පැමිණෙන අවුරුදු 13 දී කිලෝ වොට් පැයකට රු.15.50 මිලකටත් විකිණීමට හැකිය.

මෙම වැඩසටහන යටතේ  ක්ෂුද්‍ර බලශක්ති නිෂ්පාදකයින්ගේ යෝජනා ක්‍රමය නමින් ඒ හඳුන්වා දෙන තෙවැනි ක්‍රමයක් ඔස්සේ ආයතනික පාරිභෝගිකයන් ධෛර්යමත් කිරීමට යොදවා ඇත. මෙම ක්‍රමයේ දී සමස්ත උත්පාදනය වෙනත් මීටරයක් හරහා නිර්යාත කිරීම සිදුවන අතර විදුලි පාරිභෝජන මණුවට කිසිදු වෙනසක් සිදු නොවේ.

සූර්යය කෝෂ උපාංග වල මිල අඩුවීම හේතුවෙන්, මෙම සේවාව සපයන්නන් ඉක්මනින්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින මෙම පද්ධතියක් සවිකිරීමට තම කර්මාන්තශාලා ගොඩනැගිලිවල විශාල ඉඩකඩක් හිමි ගනුදෙනුකරුවන්ව මේ සඳහා  පොළඹවා ගන්නට විය.

 

call to action icon