සුළං බලය යනු වේගයෙන් වර්ධනය වෙමින් පවතින පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයක් ය. වියදම් අවම වීම නිසා ලෝකය වටා ම මෙය වැඩි වශයෙන් භාවිත කිරීමේ ප්‍රවණතාවයක් ඇත.

පළමුවරට සුළං ටර්බයින බිහි වූයේ දැනට ශත වර්ෂයක් පමණ පෙර කාලච්ඡේදයේ ය. වර්ෂ 1830 අවධියේ විදුලි ජනකය හඳුන්වාදීමෙන් පසු ඉංජිනේරුවරු සුළං බලයෙන් විදුලි බලය නිපදවීමට උත්සුක වූහ. සුළං විදුලි උත්පාදනය ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූයේ වර්ෂ 1887 සහ 1888 දී ය. නමුත් නවීන සුළං බලශක්තිය පළමුවරට සංවර්ධනය කරන ලද්දේ ඩෙන්මාර්කයේ ය. තිරස් අක්ෂයන්ගෙන් යුතු සුළං ටර්බයින 1891 දී නිපදවූ අතර මීටර් 22.8 සුළං ටර්බයින භාවිතය 1897 දී ආරම්භ විය.

සුළං බලයෙන් විදුලිය නිපදවීමේ දී සුළඟේ ඇති චාලක ශක්තිය ඒ සඳහා යොදා ගනියි. සුළං ටර්බයින හෝ සුළං ශක්තිය පරිවර්තනය පද්ධතියක් මගින් විදුලි බලය බවට පත් කෙරේ. සුළං ටර්බයිනයේ තටුමත වැදුණු විගස ඒවා කැරකීමට පටන් ගෙන ඒ සමග ටර්බයිනය භ්‍රමණය වීමට පටන් ගැනේ. එමගින් චාලක ශක්තිය භ්‍රමණ ශක්තියට පරිවර්තනය වීමෙන් විදුලි ජනන යන්ත්‍රයකට සවිකර ඇති අක්‍ෂය චලනයෙන් විද්‍යුත් චුම්බකයක් හරහා විදුලි බලය ජනනය වෙයි.

සුළඟින් ලබා ගත හැකි බලශක්ති ප්‍රමාණය තීරණය වෙන්නේ ටර්බයිනයේ ප්‍රමාණය සහ එහි තටුවල දිග අනුව ය. නිපදවෙන බලය භ්‍රමකයේ පරිමාණයට සහ සුළං වේගයේ ඝණයට සමානුපාත වේ. න්‍යායාත්මකව සුළඟේ වේගය දෙගුණ වනවිට, සුළඟේ බලශක්තිය අට ගුණයක ප්‍රමාණයකින් වැඩිවේ. කාලයත් සමග සුළං ටර්බයින වල ධාරිතාවය ඉහළ ගොස් ඇත. 1985 දී සාමන්‍ය ටර්බයිනයක ධාරිතාවය මෙගා වොට් 0.005 සහ භ්‍රමක විෂ්කම්භය මීටර් 15කි. වර්තමානයේ නව සුළං බලශක්ති ව්‍යාපෘතීන්වල ටර්බයින ධාරිතාවය ගොඩබිමේ දී මෙගා වොට් 2ක් සහ වෙරළ තිරයේදී එය මෙගා වොට් 3-5 අතර වේ.

වාණිජ වශයෙන් ඇති සුළං ටර්බයිනහී ධාරිතාවය මෙගා වොට් 8 දක්වා සහ භ්‍රමක විෂ්කම්භයමීටර් 164 දක්වා වැඩි වී ඇත.

කර්මන්තශාලාවක යම් කාර්යයක් සඳහා සුළං බලය යොදාගත් පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී භාවිත කළ යකඩ උණුකරන උදුන යි.

An all island Wind Energy Resource Atlas of Sri Lanka was developed by National Renewable Energy Laboratory (NREL) of USA in 2003, indicates nearly 5,000 km2 of windy areas with good-to-excellent wind resource potential in Sri Lanka.  About 4,100 km2 of the total windy area is on land and about 700 km2 is in lagoons. The windy land represents about 6% of the total land area (65,600 km2) of Sri Lanka.  Using a conservative assumption of 5 MW per km2, this windy land could support almost 20,000 MW of potential installed capacity.  If the windy lagoons are included, the total theoretical wind potential increases to approximately 24,000 MW.

 

සුළං මැනීමේ ස්ථාන

අප විසින් ජාතික සමුද්දේශස්ථාන ජාලයක් ක්‍රියාත්මක කරමු. ඒ හරහා සුළං සම්පත් අඩවි පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. අප විසින් සියලුම තොරතුරු එක දත්ත සමුදායකට එකතු කරන අතර එමගින් සුළඟට අදාළ අතීත සහ වර්තමාන දත්ත ලබාගත හැකිය.

සුළං මිනුම් ස්ථාන සිතියම
ලබාගන්න
call to action icon