නිතර භාවිත වන ගෘහස්ත උපකරණ මිල දී ගැනීමේ දී ඔබ දැනගත යුතු කරණු කිහිපයකි. එමෙන්ම ඒවායේ භාවිතය සැලසුම් කිරීම ද වැදගත්ය. පහත කරුණු මගින් කාර්යක්ෂම භාවිතයක් සඳහා ඔබට සහාය සපයයි.

සංවහන උඳුන

සැමවිටම ඇම්පියර් 13 සම්මත පෙනුව උපකරණය සමග ලබා දෙයි. එසේ නොලැබුණහොත් එය ලාංකික වෙළෙඳපොළට ගැලපෙන ලෙස නිර්මාණය කරන ලද්දක් නොවේ.

කාර්යක්ෂමතාවය අත්කර ගැනීමට උඳුනේ ධාරිතාව සම්පූර්ණ වෙන ලෙස ආහාර ද්‍රව්‍ය ඇතුළත් කරන්න.

නිතරම දොර විවෘත නොකරන්න. මන්ද දොර විවෘත කරන සෑම අවස්ථාවක ම ෆැරන්හයිට් අංශක 25ක ප්‍රමාණයකින් උෂ්ණත්වය පහළ යයි.

නියම වේලාවට වඩා විනාඩි 10කට පෙර උඳුන නිවා දමන්න. උඳුන සම්පුර්ණයෙන් ම සිසිල්වන තෙක් ඇතුළත ඇති දේ පිළිස්සීමට සහ තැම්බීමට ලක්වේ. විකල්පයක් ලෙස අමතර උණුසුමෙන් අනෙක් ආහාර අයිතමයන් ද උණුසුම් කර ගත හැකිය.

මයික්‍රෝවේව් උඳුන් භාවිතයෙන් වේගවත්ව ආහාර පිසිය හැකි නිසා බලශක්ති සංරක්ෂණයට දායක වේ. නමුත් එයට අවශ්‍ය ප්‍රාග්ධනය ඉහළ ය. ගෑස් භාවිතයෙන් ක්‍රියාත්මක වූ උඳුන් වෙනුවට මෙම මයික්‍රෝවේව් උඳුන් පහසුවෙන් ප්‍රතිස්ථාපනය කළ හැකිය.

ඇතැම් නිෂ්පාදකයන් උඳුන කලින් උණුසුම් කිරීම යෝග්‍ය බව පවසයි. මෙම උණුසුම් කිරීමේ කාලය අවම මට්ටමකින් තබා ගන්න, නොමැතිනම් එයින් වළකින්න.

මිශ්‍රකයන් සහ යුෂ යන්ත්‍ර

ඒ ඒ කාර්යය සඳහා නිවැරදි බ්ලේඩය භාවිත කරන්න. නිෂ්පාදකගේ පිරිවිතර පරික්ෂා කරන්න.

යළි යළිිත් කුඩා කාර්යයන්ට මිශ්‍රණය යොදාගැනීම වෙනුවට එකවර එහි ප්‍රශස්ත භාවිතය ලබා ගන්න. සතිපතා අවශ්‍ය වන කුළු බඩු, සීනි, මිරිස්, තුනපහ කුඩු සතියට වරක් ඇඹරීමට හෝ ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස බලශක්තිය අඩුවෙන් වැයවන ලෙස එය සූදානම් කරගන්න.

භාජනය උතුරා යන තෙක් ද්‍රව්‍ය ඇතුල් නොකරන්න. මන්ද මත්ගෑමට ලක්වූ ද්‍රව මිශ්‍රකය පිටතට ගලා ඒමට පුළුවන. එසේ ගලා එන ද්‍රව, මෝටරය තුළට කාන්දු වී අලාභවීමට ද පුළුවන.

කිසිවිටෙක ධාරිතාවය ඉක්මවා හෝ පිරෙන තුරු හෝ මිශ්‍රකය නොපිරවිය යුතුය. එසේ කිරීමෙන් මිශ්‍රකයේ මෝටරය අනවශ්‍ය බරක් දැරීමට සිදුවේ.

ශීතකරණය හෝ වෙනත් විද්‍යුත් උපකරණයක් සඳහා යොදාගන්නා කෙවෙනියක් මිශ්‍රකය සඳහා යෙදීමෙන් වළකින්න. ක්ෂණික අධි විදුලියක් නිසා උපකරණයට හානිවීමේ සම්භාවිතාවක් පවතියි.

ගිසරයන් සහ බොයිලේරු

සූර්යය ජල තාපකයන් සැමවිට ම නුවණැති තෝරාගැනීමක් වන්නේ අවශ්‍ය ඉන්ධනය නොමිලයේ ලැබෙන නිසාය. පද්ධතිය සවි කළ පසු මෙහෙයුම් පිරිවැයක් නොමැත.

විදුලි බලයෙන් සහාය වන සූර්යය උණුසුම් ජාල තාපකයන් යනු ශ්‍රී ලංකාවේ ඇති ගෙවන මුදලට උපරිම වටිනාකම ලබාදෙන කදිම විසඳුම යි.

ජල කරාමයකින් නෑමට වඩා ෂවරයක් උපයෝගී කර ගෙන නෑම පිරිමැසුම්දායක ය. මාස කිහිපයක් තුළ එක්වරකට වැයවන පිරිවැය ආපසු ලබා ගත හැකිය.

හීටර් සහ ගිසර් තුළ ජලය රත්කිරීමට සැළකිය යුතු බලශක්තියක් වැයවේ. විද්‍යුත් ගිසරයක් වොට් 2000-3000 අතර වේ. වොට් 3000ක ගිසරයක් මගින් ජල ලීටර් 50ක් සෙල්සියස් අංශක 35 දක්වා රත් කිරීමට විනාඩි 50ක කාලයක් වැයවේ. එම කාර්යය සඳහා ම වොට් 2000ක ගිසරයක් සඳහා විනාඩි 75ක් වැයවේ.

ක්ෂණික ගිසරයකට වඩා ගබඩා කළ හැකි ගිසරයක් තෝරාගැනීම යෝග්‍ය වේ. බලශක්ති කාර්යක්ෂමතාවයක් සහිත තාපකයන් සදහා මුලික අවධියේ දී වැඩි පිරිවැයක් දැරීමට සිදුවූවත් එය මෙහෙයුම් වියදම් අවම කරයි.

ගිසරයේ උෂ්ණත්ව පාලකය පරීක්ෂා කරන්න. නිෂ්පාදකයන් විසින් පරිභෝගිකයින් හට ජලය ක්ෂණිකව උණුසුම් වන බව ඒත්තු ගැන්වීමට එය වැඩිම උෂ්ණත්වයට දමා තිබීමට හැකිය.

නෑමට උණු වතුර භාවිතයේ දී සාමාන්‍යයෙන් පිළිගත් උෂ්ණත්ව මට්ටම් වනුයේ පිරිමින් හට සෙල්සියස් අංශක 40ත්, ස්ත්‍රීන් හට සෙල්සියස් අංශක 50ත් ය. තාපකය ඔබට අවශ්‍ය උෂ්ණත්වයට තැබීමේ හැකියාවක් ඇත්නම් ඔබගේ විදුලි කාර්මිකයා මාර්ගයෙන් එය සිදු කර ගත හැකිය.

පිටතින් නිසි පරිවාරකයක් ඇති ගීසරයක් මිලදී ගන්න. ගීසරයේ සිට ජල කරාමය වෙත දිවෙන පයිප්ප නිසි දුව්‍ය යොදා මගින් පරිවරණය කරන්න, නැතහොත් බිත්ති තුළ ඇතුළතින් ඒවා සවි කරන්න. ඔබ සතුව ඇති ජල තාපකය මනාව පරිවාරණය වී නොමැති නම් තවත් එය වටා පරිවාරණ යොදවන්න.

ජල තාපකය දුරින් ස්ථානගත කරන්න.

ගීසරය තුළ පිරිසිදු වීම සිදු නොවේ. ජලයේ තත්ත්වය අනුව කලින් කලට අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් කාර්යක්ෂම භාවිතයක් අත්කර ගත හැකිය.

ගීසරයේ ප්‍රතිරෝධක ඇතිවන නිසා තාපකය සෑම අවුරුදු 5කට හෝ 6කට වතාවක් මාරු කළ යුතුය.

දැව ඉන්ධන හෝ ගෑස් උදුන් මගින් ජලය රත් කිරීම ඉලෙක්ට්‍රොනික් ගීසර්වලට වඩා ආර්ථික වශයෙන් වාසිදායකය.

සූර්යය බල ජල තාපකයන් සැමවිට ම නුවණැති තෝරා ගැනීමක් වන්නේ ඒ සඳහා අවශ්‍ය ඉන්ධනය නොමිලයේ ලැබෙන නිසා ය. පද්ධතිය සවි කළ පසු භාවිත කිරීමේ දී වියදමක් නොමැති තරම්ය.

call to action icon