මතා ලෙස හැද පැළඳීම

ඔබ පුදුම වේවි, පබාගේ රෙදි සේදීම යනු බලශක්තිය විශාල වශයෙන් කාර්යයක් බව දැනගතහොත්. රෙදි සේදීමට මෙන්ම වියළීමට ද ඉතාමත් වැඩි බලශක්තියක් අවැසි වේ.

හොඳම ක්‍රමය ගවේෂණය කිරීම

තත්ත්වයෙන් උසස් රෙදි මැදීමේ යන්ත්‍ර මිල දී ගැනීමට උපදෙස්.

  • රෙදි සේදීම සහ රෙදි මැදීම. (අයන් කිරීම.) කෙතරම් අසීරු සහ නීරස වුවත් එය සිදුකිරීම අත්‍යවශ්‍ය ය.
  • වාෂ්ප මගින් රැළිවැටීම් සුමුදු කරයි. ජල පුරවනයට ජලය දැමීම පහසු ය.
  • නොඇලවෙන සහ මළ නොබැදෙන පතුල් තහඩුව - මැදීම පහසු කරවයි.
  • නම්‍යශීලි වයරය මගින් පරිහරණය පහසු කරයි.
  • රෙදි පිළි සඳහා ගැළපෙන විචල්‍ය උෂ්ණත්වය.
  • නිවැරදි උෂ්ණත්වයට පැමිණි විට එය විසින් ම ස්වීචය නිවා දමන තාපස්ථිතික පාලනයක් සහිත රෙදි මදින යන්ත්‍රයක් භාවිත කරන්න.

 

හොඳ රෙදි සේදීමේ යන්ත්‍රයක් මිල දී ගැනීමට අදාළ කරුණු කිහිපයක්.

අර්ධ ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය යන්ත්‍ර වොට් 230 -725ක් භාවිත කරයි. ස්වයංක්‍රීය යන්ත්‍රයක් එය සම්පූර්ණයෙන් පිරී තිබුණත්, අර්ධ වශයෙන් පිරී තිබුණත් විනාඩි 30ත් - 45ත් අතර මෙහෙයුම් කාර්යය අවසන් කර රෙදි කිලෝග්‍රෑම් 4.5-5ක අතර ප්‍රමාණයක් සෝදයි. නමුත් අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රයක් විනාඩි 3-5 අතර කාලයක් ක්‍රියාත්මක වී රෙදි කිලෝග්‍රෑම් 3-5ක අතර ප්‍රමාණයක් සෝදයි. සිව් දෙනෙක් සිටින පවුලකට රෙදි කිලෝග්‍රෑම් 5-6ක ප්‍රමාණයක් සේදෙන රෙදි සෝදන යන්ත්‍රයක් මනාව ගැළපෙයි.

ඉදිරිපසින් රෙදි දැමීමට හැකි (ෆ්රන්ට් ලෝඩින්) රෙදි සෝදන යන්ත්‍රයක් මිලදී ගන්න. එහි ධාරිතාවය වැඩි නිසා එකවර රෙදි විශාල ප්‍රමාණයක් සේදීමේ හැකියාව ඇත.

මධ්‍යස්ථ මන්තකයක් (ඇගිටෙටර්) නොමැති රෙදි සෝදන යන්ත්‍රයක් තෝරා ගන්න. මන්ද එක් වට රවුමක් සඳහා මධ්‍යස්ථ මන්තක සහිත යන්ත්‍ර විශාල බලශක්තියක් පරිභෝජනය කරයි. ඉහළින් රෙදි ඇතුළත් කරන යන්ත්‍රවල (ටොප් ලෝඩින්) බොහෝවිට ඇත්තේ මෙම ක්‍රමය යි.

 

රෙදි මැදීම

මුල සිටම අරඹන්න. හැකි සැමවිට ම මැදීම අඩුවෙන් කළ යුතු හෝ මැදීම අවශ්‍ය නොවන රෙදි මිල දී ගන්න.

නිදන කාමරයේ සිට රෙදි මැදීම සිදු කරන්න. එවිට ඔබේ රෙදි වෙන්කර ගැනීම සඳහා ඔබට ඇඳ භාවිත කළ හැකිය. හැන්ගරයන් තබා ගන්න.

සියලුම රෙදි එකවර මැද ගන්න. සියුම් රෙදිවලින් පටන්ගෙන මැදීමට අපහසු කපු රෙදි දක්වා පිළිවෙළින් රෙදි මැද ගන්න. පිළිවෙළින් අවශ්‍ය පරිදි උෂ්ණත්වය වැඩි කර ගන්න.

අයර්න් බෝඩයේ කවරය යටින් ඇලුමිනියම් කොළයක් අතුරන්න. ඇලුමිනියම් කොළය මගින් උණුසුම පරාවර්තනය කිරීම නිසා දෙපැත්තෙන්ම එකවර රෙදි මැදීම සිදුවේ. අවම උෂ්ණත්වය අවැසි ඇඳුම්වල සිට වැඩි උෂ්ණත්වය අවැසි ඇඳුම් තෙක් මෙසේ කරන්න.

ඝනත්වය වැඩි රෙදි පිළි පළමුව ඇතුළතින් ද, දෙවෙනුව පිටතින් ද මදින්න.

සිදුරු සහිත හෝ එම්බ්බ්‍රෝයිඩර් කළ ඇදුම් මත තුවායක් එලා මැදීම සිදුකරන්න.

වාෂ්ප රෙදි මැදීමේ යන්ත්‍ර සඳහා පෙරන ලද ජලය භාවිත කරන්න. එය එහි ආයු කාලය වැඩි කරයි.

වැසී ඇති වාෂ්ප රෙදි මදින යන්ත්‍ර අවශ්‍ය ප්‍රමාණයට වාෂ්ප නිකුත් නොකරයි. වාෂ්ප විවරයන් බාධා වීම වළක්වන්න. නිෂ්පාදකගේ උපදෙස් පිළිපදින්න.

පතුල් තහඩුව පිරිසිදු කිරීමට නැවුම් කෙසෙල් කොළයක් මදින්න. රැදී ඇති දෑ ඉවත් කිරීමට කොටර්න් බඩිස් හෝ පයිප්ප පිරිසිදුකරණයක් භාවිතා කරන්න. තියුණු කිසිවක් මේ සඳහා භාවිත කිරීමෙන් වළකින්න.

රෙදි මැදීම නතර කරන සෑම මොහොතක ම රෙදි මදින යන්ත්‍රය සිරස් ලෙස තබන්න

 

රෙදි සෝදන යන්ත්‍ර

අර්ධ ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය යන්ත්‍ර වොට් 230-725ක ප්‍රමාණයක් භාවිත කරයි. සම්පුර්ණයෙන් ම ස්වයංක්‍රීය යන්ත්‍රයක් මගින් රෙදි සම්පූර්ණයෙන් හෝ අඩක් පිරී තිබුණත් විනාඩි 30-45ක් ඇතුළත සියලුම මෙහෙයුම නිම කර සාමාන්‍යයෙන් රෙදි කිලෝග්‍රෑම් 4.5 - 5 අතර ප්‍රමාණයක් සෝදයි.

 

පහත කරුණු පිළිබඳව දැනුවත් වන්න:

  • ජල මට්ටම් එකක් හෝ කිහිපයක් ඇති රෙදි සෝදන යන්ත්‍රයක් භාවිත කරන්න. මන්ද සෝදන රෙදි ප්‍රමාණය අවම අවස්ථාවක ජල මට්ටම ඒ අනුව වෙනස් කළ හැකිය.
  • ජලය අඩුවෙන් භාවිත කරන රෙදි සෝදන යන්ත්‍රයක් දිගු කාලීනව පිරිමැසුම්දායක ය. සේදීමට අවශ්‍ය වන විට රවුම් ප්‍රමාණය ද ඔබට තීරණය කළ හැකි නම් එය තවත් වාසියකි.
  • තාපකයන් සහිත රෙදි සෝදන යන්ත්‍ර, ජලය උණුසුම් කිරීමට වැඩි බලශක්තියක් භාවිත කරයි.
  • රෙදි ප්‍රමාණය අඩුවෙන් දමා යන්ත්‍රය ක්‍රියාත්මක නොකරන්න.මන්ද අඩක් රෙදි දැමුවත්, සෝදන යන්ත්‍රය පිරෙන තෙක් රෙදි දැමුවත් වැයවන්නේ එකම බලශක්ති ප්‍රමාණයකි.
  • රෙදි වියළීම යන්ත්‍රයේ ම නොකරන්න, ඒ සඳහා සැලකිය යුතු ශක්තියක් වැයවේ. නිදසුනක් ලෙස රෙදි සෝදන යන්ත්‍රයට වොට් 550ක් අවශ්‍ය නම් රෙදි වියළීමට වොට් 5,000 වැයවේ. රෙදි සූර්යය රශ්මියේ වියළන්න.
  • වර්ණ සේදී යාම වළක්වා ගැනීම.
  • රෙදිවල ඇති ස්වභාවය සහ අපිරිසිදු ප්‍රමාණය යන සාධක මත සේදීමේ ක්‍රමය තීරණය කරන්න. කෙටි වට රවුම් ප්‍රමාණයක් සඳහා අවශ්‍ය වන්නේ අඩු බලශක්තියකි. සේදීමට අවශ්‍ය වට රවුම් ප්‍රමාණයට අනුව රෙදි වෙන් කර ගන්න.
  • භාවිතයෙන් පසු ෆිල්ටරය පිරිසිදු කරන්න. ෆිල්ටරය පිරිසිදු නම් ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගත හැකිය.
call to action icon