ආලෝකය සදහා 20% ක විදුලි බලයක් සාමාන්‍ය නිවසක් සඳහා වැයවේ. එම නිසා කාර්යක්ෂම ආලෝකකරණයක් මගින් සැලකිය යුතු ඉතිරියක් කළ හැකිය. වෙනස ඔබ ම අත්විදින්න.

වොට් 15 සංයුක්ත ප්‍රතිදීප්ත විදුලි පහනක් මගින් වොට් 75 තාපදීප්ත බල්බයකට වඩා වැඩි ආලෝකයක් ලබා දෙයි. මෙම බල්බ මගින් ඔබගේ විදුලි බිලට ඇති කරන බලපෑම එකිනෙකට වෙනස් ය.

මෙම බල්බ දෙක දිනකට පැය හතර බැගින් මසක් පුරාවට දැල්වුවහොත්, වියදම වන්නේ...

බල්බයේ වොට් අගය වැඩිවන තරමට විදුලි බිලද වැඩි වේ.

 

සී.එෆ්.එල්. සහ එල්.ඉ.ඩි. පහන් මගින් බලශක්තිය පිරිමසයි.

  • සී.එෆ්.එල්. පහනක් සඳහා වැයවන්නේ තාප දීප්ත පහනකට වැයවන බලශක්තියෙන් පහෙන් එකක් පමණි.
  • පිරිවැය ඵලදායී ය.
  • ඉහළ කාර්යක්ෂමතාවය, වැඩි ආලෝකයක්.
  • තාප දීප්ත ලාම්පුවලට වඩා 6-12 ගුණයක කල් පැවැත්මක් ඇත.
  • වැඩි කලක් පවතින නිසා බැහැර කිරීම අවම වන බැවින් පරිසර හිතකාමී ය.

ඔබගේ කැමැත්ත අනුව විවිධ හැඩයන්, වර්ණයන් සහ ප්‍රමාණයෙන් බල්බ තෝරාගත හැක. වර්ණය රඳා පවතින්නේ සහසම්බන්ධිත වර්ණ උෂ්ණත්වය මතය (සී.සී.ටි.), එනම් සුදු වර්ණය මනින මිම්මක් වන (ක්රෝමටිසිටි) කෙල්වින් (කේ) ය. ඉහළ සී.සී.ටි. අගයක් මගින් නිල් පැහැයට හුරු සුදු පැහැයක් ද, පහළ සී.සී.ටි. අගයක් මගින් රතු පැහැයට හුරු සුදු පැහැයක් ද වස්තුවක් මත ඇති කරයි. උණුසුම් ආලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය කෙල්වින් 5,000 අඩු ය. සිසිල් ආලෝකයේ උෂ්ණත්වය කෙල්වින් 3,200 ට වැඩ වැඩිය. තාප දීප්ත බල්බයක කෙල්වින් 2,800ක සී.සී.ටි. අඩංගු ය.

අප විසින් ගැළපෙන ආලෝකය තෝරා ගෙන එය නිවැරදි ස්ථානයේ සවි කළ යුතුය. විවිධ කාමර සහ ස්ථාන සඳහා විවිධ ආලෝක තත්ත්වයන් අවශ්‍ය වේ. පහත වගුව මගින් නිතර භාවිත කරන විවිධ ආලෝක තත්ත්වයන් පිළිබඳව අදහසක් ලබා ගත හැකිය.

පහත දැක්වෙන වගුව මඟින් විවිධ ප්‍රදේශ වල ආලෝකකරණ මට්ටම් පිළිබඳ අදහසක් ලබා දෙයි.

උපකරණය ලුමෙන් / වර්ග මීටරයට
අසුන්ගන්නා ස්ථානය 50
කියවන කාමරය 300
මුළුතැන්ගෙය 200
නාන කාමරය 100
ඇතුල්වීම 100
කාර්යාලය 200
ගරාජය / එළිමහන් 50

කියවීම, ලීවීම සහ මැසිම වැනි ක්‍රියාකාරකම්වල දී ඉහළ මට්ටම්වලින් ආලෝකය අවශ්‍ය වේ. කෙසේ නමුත් රූපවාහිනී නැරඹීමට සහ ආහාර ගන්නා ස්ථානයට වැඩිපුර ආලෝකය අවශ්‍ය නොවේ.

ඔබට අලංකාරවත් ලෙස ඔබගේ ඉඩකඩ සකසා ගැනීමට විවිධාකාර ආලෝක පද්ධති භාවිත කළ හැකිය. එමෙන්ම බලශක්ති කාර්යක්‍ෂම ආලෝකකරණයට නිසි තැනක් ලබා දිය යුතුවේ.

ආලෝකකරණ ස්වභාවය භාවිත හැකි ආකාරය
රැහැන් බල්බ දිගු ප්ලාස්ටික් නම්‍යශීලි රැහැනක සවිකර ඇති මෙම බල්බ දූවිලි පිසීමට අපහසු ස්ථානවලට සහ අඩු ආලෝකයක් අවැසි ස්ථාන සඳහා යෝග්‍ය වේ.
කබර්ඩ් ලයිට් සිහින් බල්බ හෝ හැලජන් හැඩයෙන් යුතු මෙම බල්බ කබර්ඩ් තුළ ඇති වස්තුන් සඳහා ආලෝකය සැපයීමට යොදා ගනියි.
කබර්ඩ් යට ලයිට් මුළුතැන්ගෙය තුළ ඇති කිචන් ටොප් වැනි වැඩකරන ස්ථාන සඳහා අවශ්‍ය ආලෝකය සපයයි.
ලෝහ මෙමගින් ලෝහ හෝ ලෝහ ලෙස පෙනන පිට්ටර් ලෝහ, මල බැඳනු පෙනුමක් ඇති යකඩ, කැටයම්කරණ ලද වානේ, නිකල්, තඹ සහ මල නොකන වානේ. මේවා බොහෝ විට මුළුතැන්ගෙය සඳහා යොදා ගනියි.
ඩිමර් ස්විචයන් මේවා මගින් සියුම් මනෝභාවයක් ලබා දීමට ආලෝකය අඩුකරයි. මෙමගින් විදුලි බලය ඉතිරි කරයි.
ග්ලාස් බෙඩඩ් ශේඩ්ස් මෙමගින් සෑම අඩකට ම මද ආලෝකයක් ලබා දෙයි.
ඔලොඹූ රැහන් වලින් මේවා සිවිලිමෙහි එල්ලයි.
රීප්‍රඩක්ෂන් ෆික්ස්ශර්ස් කලාත්මක ස්වරූපයේ නිවෙස්වලට සහ අලංකාර තේමාත්මක නිමාවකින් යුතු ගෘහ භාණ්ඩ සඳහා.
වෝල් ස්කොන්ස් හඳ පලුවක හැඩය ගන්නා මෙම ලාම්පු අඩක් දුරට ආලෝකය ලබාදීමට, තරප්පු පෙළ ආලෝකකරණයට යොදාගනියි.
ගිල්වූ ලාම්පු මීටර් 2.5ට වඩා සිවිලිමේ උස අඩු වූ විට මෙම විකල්පය තෝරාගනියි. එල්ලෙන ලාම්පු වෙනුවට මෙය තෝරා ගත හැකිය.
ටෝචියර් පොළොවේ සවිකරන මෙම ලාම්පු ඉහළට ආලෝකය විහියි. විශාල ආලෝකයක් මෙමගින් උපදවයි.

 

ආලෝකකරණ පුහුණුව

ස්ථානය

භාවිතය
නාන කාමරය
  • ලුමිනර්ස්, කණ්නාඩියට පසෙකින් සවිකරන පහන්
  • වර්ණය සහ අවකාශය පිළිබඳ දනවන ස්පොට් ලයිට්
  • ජලයට සහ ස්ටීම් සඳහා ඔරොත්තු දෙන කාන්දු නොවන කෝඩ් ෆුල් ස්විචයන් පමණි.
නිදන කාමරය
  • අල්මාරි සහ කණ්නාඩි මේසය සඳහා ආලෝකය සපයන පහන්
  • ඇඳ වටා කියවීමට උදවු වන පහන්
  • කාමරයේ නිර්මාණාත්මක බව සහ මනෝභාවය වැඩි කරන සෞම්‍ය ආලෝකයක් ලබා දෙන පහන්
  • ආලෝක ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැකි ස්වීචයක් සහිත හිසට උඩින් සවි කරන
කෑම කාමරය
  • බිත්තියේ වර්ණයට ගැළපෙන වර්ණයක් සහිත හෝ සුදු පැහැයෙන් යුතු සෞම්‍ය හෝ උණුසුම් බිත්ති ලාම්පු
  • කැමති ම චිත්‍රයක් හෝ විසිතුරු භාණ්ඩයකට විශේෂිත ආලෝකයක් ලබා දෙන සපෝට් ලයිට්
  • කබර්ඩ් ඇතුළත වැනි කුඩා LED පහන්
  • උත්සවයක් සඳහා හෝ යම් කාර්යයකට ගැළපෙන ලෙස ආලෝකය වෙනස් කර ගත හැකි ස්වීචයක් සහිත ලාම්පු
කොරිඩෝ සහ පඩි
  • වැඩි වෙලාවක් දල්වා තබන නිසා, බලශක්තිය පිරිමසින පහන්
  • පඩි පෙළ හෝ කොරිඩෝව කෙළවර පිළිගැනීමේ හැගීමක් දනවන වැඩි
  • සෙවනැලි ඇති වීම වැළැක්වීම අවැසි නිසා සපෝට් ලයිට් භාවිත නොවේ.
මුළුතැන්ගෙය
  • මූලික තත්ත්වයේ ආලෝකයක් ලබාදීමට සිවිලිම් පහන් හෝ එල්ලෙන පහන්
  • කාර්යයයක් කරන ස්ථානවලට අවශ්‍ය ආලෝක දහරාවන් ලබා දෙන පහන්
  • බිත්තිවල සවිකර ඇති ඒකක යට සවිකරන ලුමිනෙයා
විසිත්ත කාමරය
  • ලේයර් කිහිපයක සැලකිය යුතු ආලෝකයක්
  • අවශ්‍යතාවට අනුව භාවිත කළ හැකි පැති ලාම්පු හෝ මේස ලාම්පු
  • ශෛලියකට අනුව හෝ අලංකාරත්වය ගෙනදෙන ස්පොට් ලයිට්
වැඩ කාමරය
  • වැඩ සඳහා හෝ විනෝදාංශ සඳහා දීප්තිමත් ආලෝකයක් සපයන LED බල්බ
  • යතුරු පුවරුවට අවශ්‍ය ආලෝකය සපයන හිසට උඩින් සවිකරන විදුලි පහන්
  • පරිඝනක තිරයේ පරාවර්තනය හෝ දිලිසීම වළක්වන ලාම්පු
call to action icon