ලෝකයේ රටවල් ආර්ථික සංවර්ධනය කරා යාමේ දී බලශක්තියට ඇති ඉල්ලුම තව තවත් ඉහළ යන අතරම ආර්ථික ගම්‍යතාවය පවත්වා ගැනීමට අදාළ ධාරිතා නඩත්තු කිරීම සිදුවෙයි. තාක්ෂණික පිරිවැය පහළ වැටීම සහ ෆොසිල ඉන්ධන මිල ඉහළ යාම සමග පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් ඉතාමත් තරගකාරී ය. ප්‍රධාන පෙළේ ඛනිජ ඉන්ධන අපනයනකරුවන් පවා පුනර්ජනනීය බලශක්ති විකල්පයන්ට යොමුවන්නේ ගෘහස්ත ෆොසිල ඉන්ධන පරිභෝජනය අවම කරගනිමින් ඉන්ධන සහ ගෑස් සංචිත අපනයන සඳහා ඉතිරි කර ගැනීමට ය. පුනර්ජනනීය බලශක්තිය දේශීය වශයෙන් ස්ථාපිත කිරීමෙන් ස්ථිර සහ අවම මිලකින් යුත් විදුලි බල සම්බදනයක් සාක්‍ෂාත් කරගත හැකිවේ. මේ මැදිහත් වීම හරහා පුළුල් ජාලගත යටිතල පහසුකම්, සුරක්‍ෂිතතාව, අවම කාබන් විමෝචනයක්, නව ආයෝජනයන් සහ රැකියා අවස්ථා යන ප්‍රතිලාභ හිමිවේ.

මෙම අවස්ථාවන්ට ළඟා වීම සඳහා අප විසින් මුලික උපායමාර්ග 4ක් ක්‍රියාත්මක කරයි.

 

අනාවැකිය

බලශක්ති විශේෂඥයින් පවසන ලෙස මීළඟ වසර 15තුළ දී පරිසරය සුරැකීමේ ව්‍යායාමයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් වීමට නියමිතය. මෙයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ බලශක්ති මුලාශ්‍ර හඳුනාගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ඉතාමත් වැදගත් වේ. අපේක්ෂිත අවස්ථා සහ ගෝලීය ප්‍රවණතාවලට අනුව නව සංකල්ප, නව විසඳුම් සහ තාක්ෂණික උපක්‍රම සංවර්ධනය කරමින් පුනර්ජනනීය බලශක්තිය භාවිතය සහ යොදාගැනීම ගැන අවධානය යොමු කිරීම අපගේ අභිප්‍රායයි.

 

ගමන් මාර්ගය සැකසීම

ශ්‍රී ලංකාවේ විශේෂිත අවශ්‍යතා සහ ප්‍රමුඛතා සලකා බලමින්, සම්පත් ඇගයීම, ජාතික සහ ප්‍රාදේශීය සැලසුම්කරණය, ආයෝජනය සඳහා පසුබිම සැකසීම, ධාරිතා වර්ධනය, පුරවැසියා දැනුවත් කිරීම සහ රජයේ සහයෝගය යන කරුණු මූලික හර පද්ධතිය සැකසීමට පාදක වී ඇත. අප අරමුණු අතර කාලීන සහ ප්‍රමාණවත් මුල්‍ය සම්පත් ආකර්ෂණය කරගැනීම, පිරිවැය ඵලදායි පුනර්ජනනීය බලශක්ති විකල්පයන් හදුනාගැනීම සහ සංවර්ධනය එමෙන්ම ප්‍රධාන සැපයුම් දාම සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම යන අරමුණු ප්‍රධානය.

 

බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවක් කරා

අප විසින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට සහය වෙනු පිණිස දැනටමත් ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ වෙනත් ව්‍යාපෘතීන්ට අදාළ දැනුම, අවබෝධය සහ දත්ත බෙදාගනුයේ අත්දැකීම් තුළින් අධ්‍යාපනය සහ අවබෝධය ලබාදීමට ය. වාර්තා, ප්‍රකාශන, මග පෙන්වීම්, ආකෘති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සම්මේලන, වෙබ් අඩවි, ක්ෂේත්‍ර චාරිකා, සමාජ ජාලා වෙබ් අඩවි තුලින් දැනුම ලබාගැනීම යන සියල්ලම අපගේ අනාගත ආයෝජනයන්ය.

දැනුම සම්පාදනය කරන, එකතුකරන, විශ්ලේෂණය කරන, දැනුම භාවිතකරන හෝ බෙදාගන්නා පිරිස් සමග අප සම්බන්ධ වෙයි. දැනුමි කළමණාකරණය ම ලෙස ම විවිධ ක්‍රියාකාරකම් මගින් එකට එක් වී කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ සංධාන ගත වීමට හැකිය.

 

අපගේ අනාගතය

තිරසාරත්වය යන සංකල්පය යනු යම් කාර්යයක් කිරීමේදී අනාගත පරපුරටද එකී කාර්යය හෝ සම්පත් භුක්තිවිදීමේ හැකියාව සුරක්ෂිතකරමින් එම කාර්යය කිරීමයි. තිරසාරත්වය ලගකරගැනීමට අපට පවත්නා සම්පත් සහ නැගීඑන ඉල්ලුමට අදාල අතීතය, වර්තමානය සහ අනාගතය පිලිබදව අවබෝධයෙන් පියවර කිහිපයක් ගැනීමට සිදුවේ. අප විසින් දැනුම් කළමණාකරණය සහ ක්‍රියාමාර්ගයන් සැලසුම්කරන්නේ තිරසරතාවය යන සංකල්පය අනාගතයේදී ජිවිත රටාවක් ලෙස ගොඩනැගීමටය.

call to action icon