සමස්ත බලශක්ති වියදම් අඩු කරගැනීමට සහ තිරසාර ඉලක්කයන් ළඟා කරගැනීමට වැදගත් වන්නේ බලශක්ති පරිභෝජනය අවම සහ ප්‍රශස්ත මට්ටමකින් තබා ගැනීමයි. ඇතැම් විශාල වියදම් අවමවීම් අත්කරගත හැකිවන්නේ මෙහෙයුම් ක්‍රියාවලියක ඉතාමත් කුඩා වෙනස් කිරීමක් මගිනි.එයට ඇතැම් විට වැයවන්නේ සුළු වියදම් විය හැකිය. ඇතැම්විට වියදමකින් තොරව ද එවැනි වෙනස්කිරීම් සිදුකළ හැකිය. ගැටලුවලට උපදේශන සේවා ලබාදීමෙන්, ඉල්ලීම් මත දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්, අයිඑස්ඕ 50001 සහභාගි වීමෙන් අප විසින් කර්මාන්තයන්ට, ව්‍යාපාර සහ රජයේ ආයතන වලට ඔවුන්ගේ බලශක්තිය සම්බන්ධ ගැටළු සහ ව්‍යාපෘතිවලට වෘත්තීය සේවා සපයමින් සහය වෙන්නෙමු.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් බලශක්ති කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සංවර්ධනය සඳහා අපි විසින් මගපෙන්වීමම් කරන්නෙමු.

SLSEA හි ලියාපදිංචි බලශක්ති සේවා සමාගමේ (ESCO) ලැයිස්තුව ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න

call to action icon