පැවැත්වූ ඇතැම් සම්මාන ප්‍රදානොත්සව සහ ප්‍රදර්ශන මගින් බලශක්ති ක්‍ෂෙත්‍රයේ ශ්‍රී ලාංකීකයන්ගේ ජයග්‍රහණයන් සඳහා නිසි පිළිගැනීම ලබා දුනිමු. ඇප කැප වූයෙමු.

ඒවාට සහභාගිවන්නන් සඳහා ක්‍ෂෙත්‍රයේ තීරණගන්නා ප්‍රධානීන් මුණගැසී ඔවුන් සමග සම්බන්ධවෙමින් නව ව්‍යාපරික අවස්ථා නිර්මාණය කරගනිමින්, කර්මාන්තය තුළ ස්ථානගත වෙමින්, ඔවුන්ගේ ජයග්‍රහණයන් තම පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් සමග සමරමින්, ක්‍ෂෙත්‍රය මෙහෙයවන නව නිෂ්පාදනයන් සහ නවෝත්පාදනයන් පිළිබඳව දැනුම ලබා ගනිමින් ඉදිරියට ම යාමේ අවකාශය නිර්මාණය වේ.

 

අප විසින් පහත ප්‍රදර්ශන / සම්මානෝත්සව සඳහා පහසුකම් ලබා දෙන්නෙමු:

  • ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන
  • බලශක්ති කළමනාකරණ ක්‍ෂෙත්‍රය නියෝජනය කරමින් විදුල්කා ප්‍රදර්ශනය
  • බලශක්ති පුවත්පත් කලාවේදී සම්මානය

 

බලශක්ති පුවත්පත් කලාවේදී සම්මානය මගින් පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාලා වෙබ් අඩවි යන ඕනෑම මාධ්‍යයක බලශක්ති කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සහ රටේ බලශක්ති ඉල්ලුම් ක්‍ෂෙත්‍රයට අදාළ ක්‍රියාකාරකම් වාර්තාකරණයෙහි කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ මාධ්‍යවේදීන්ට ඇගයුම් ලබා දෙයි. ජනමාධ්‍යවේදීන් විසින් යොමු කරන ඉදිරිපත්කිරීම් විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චයට ලක් කරයි.

විනිශ්චය මණ්ඩලය සමන්විත වන්නේ ජන මාධ්‍යකරණයේ විද්‍යාර්ථයින්, ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම නියෝජනය කරන ජනමාධ්‍ය සහ තොරතුරු ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන්, විද්‍යුත් මාධ්‍ය ප්‍රවීණයන් සහ අප විසිනි. 

2019 වසරේ සිට මෙම සම්මාන ප්‍රධානය කරනු ලැබේ.

call to action icon