හොඳම පුනර්ජනනීය බලශක්ති අදහස් සඳහා ජීවය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ දැරිය හැකි මිලකට විශ්වාසනීය පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමේ හැකියාව ඇති කරනු වස් නව ව්‍යාපෘතීන් සඳහා ආයෝජනය කරමින් අප සහාය වන්නෙමු. ජාතියේ අනාගතය බලගන්වන්නට ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම පුනර්ජනනීය ව්‍යාපෘති අදහස් සොයාගෙන ඒවා සඳහා අදාළ සම්පත් සැපයීම සිදුකරයි.

අප මෙම කර්තව්‍යයට දායකවන්නේ ව්‍යාපෘති සඳහා අරමුදල් ලබා දීම, දැනුම ලබා දීම, කණ්ඩායම් සඳහා නව අදහස් තුළින් පුනර්ජනනීය බලශක්තිය වෙළෙඳපොළට ගෙනයාම යනාදියට පූර්ණ සහයෝගය දක්වමිනි. මෙම ඉලක්කයන් සපුරා ගැනීමට දැනුම බෙදා ගැනීමත්, කළමනාකරණයත් ඉතාමත් වැදගත් දායකත්වයක් ලබදෙන බව අප අවබෝධ කර ගත්තෙමු.

නව බලශක්ති ප්‍රභේදයන්ට ළඟා වීමේ හැකියාව ඇති කිරීම තුළින් ජීවන තත්ත්වය වැඩි කර ගත හැකි බව අපගේ විශ්වාසය යි. පිරිසිදු, දැරිය හැකි මිල සහ විශ්වාසනීයත්වය යන ගුණාංගයන් සපිරි නව බලශක්තීන් පරිභෝජනය මගින් නව ජීවිත රටාවන් බිහිවේ. ජීවන රටාවන් වෙනස් වීම යනු නව භාණ්ඩ සහ සේවා රැසක් පරිභෝජනය කිරීමේ ඒ මහඟු අවස්ථාව හිමිවීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස බලශක්ති ඉල්ලුම ද වැඩිවේ. මෙම තත්ත්වය මගින් ඇති වන බලශක්ති ඉල්ලුම, ගෝලීය ප්‍රවණතාවයන් වන ජනගහනය ඉහළ යාම සහ නාගරීකරණය නිසා තව තවත් තීව්‍ර වේ.

ජීවිත රටාවන් වෙනස් වීම සමාන හෝ අවම බලශක්ති සහ අනෙකුත් ස්වභාවික සම්පත් ඉල්ලුමක් සහිත තත්ත්වයට ගෙන ඒම ලෝකයේ ඇති සීමිත ස්වභාවික සම්පත් ඉල්ලුම පාලනය සඳහා එකම විසඳුම යි.

දැනුම කළමනාකරණයට අදාළ ක්‍රියාකාරකම් සියල්ල මිනිස් හැසිරීම වෙනස් කිරීම, සමාජ විපර්යාය සහ ජීවිත රටාවන් වෙනස් කිරීම හා බැඳී පවතියි. අප දකින්නේ අනාගත පුරවැසි පරපුර අපේ දැනුම කළමනාකරණ වැඩසටහනේ ප්‍රතිලාභීන් සහ ජීවිත රටාවන් වෙනස් කිරීමේ නියමුවන් ලෙස ය.

දැනුම කළමනාකරණය විසින් දිරිමත් කෙරෙන ජීවිත රටා වෙනස් වීම සඳහා තාක්ෂණවේදයේ භූමිකාව අත්‍යවශ්‍ය ය. (1) නව දැනුම එළිදරව් කිරීම. (2) තත්ත්වයන් පිළිබඳව පුළුල්ව තේරුම් ගැනීම. (3) තාක්ෂණය ප්‍රචලිත කිරීම. (4) සමාජයේ හැසිරීම් රටාවන් වෙනස් කිරීම. (5)අනාගතයට අභියෝග කිරීම යනාදියට ක්‍රමානුකූලව ළඟා වීම දැනුම කළමනාකරණය තුළින් අවධානය යොමු කරන ප්‍රධාන කලාපයන් වේ.

call to action icon