පුනර්ජනනීය බලශක්තියට අදාළ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් උපාය මාර්ග නිර්මාණයට සහ කාබන් අවම කිරීමෙහි ලා ප්‍රධාන සාධකයන් ලෙස ක්‍රියාත්මක වේ. විද්‍යාව සහ ප්‍රතිපත්ති අතර සංවාදය වැඩි කිරීමෙන් විවිධ පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් පරිණත තත්ත්වයට ගෙන ඒමට ඉතාමත් වැදගත් ය.

දෘෂ්ටි කෝණයෙන් පර්යේෂණය සහ සංවර්ධනය ශ්‍රී ලංකාවට නව අත්දැකීමකි. ශ්‍රී ලංකාවේ පර්යේෂණ ප්‍රජාවට නායකත්වය සපයන්නේ රාජ්‍ය සහ පුද්ගලික අංශයන්ට අදාළ තාක්ෂණික විශ්ව විද්‍යාල විසිනි. අපගේ දැනුම කළමනාකරණය කිරීමේ වැඩසටහනෙන් එකම අරමුණක් සඳහා කැපවුණු විවිධ කණ්ඩායම් සම්බන්ධ කරමින් බලශක්ති පර්යේෂණ කාර්යයට දායකත්වය ලබාදෙයි. තවද ජාතික බලශක්ති සම්මන්ත්‍රණය ලෙසින් ඔවුන් සඳහා එකම වේදිකාවක් ද ලබා දෙමින් බලශක්තිය සඳහා වූ කතිකාව තවදුරටත් බලාත්මක කිරීමට අප සහය දක්වමු.

call to action icon