ගතානුගතික ක්‍රමවේදයට ආහාර පිසින්නන්ට අපි අභියෝග කරන කාලයයි මේ!

විනාඩි 20 - 4 ආහාර පිසීම ගැන ඔබ දැනුවත්ද? එය අත්දුටු යි, ප්‍රත්‍යක්ෂ යි.

  • එළවලු, මාළු සහ මස් කපා ගෙන ඒවා පසෙකින් තබා ගන්න.
  • තුනපහ කුඩු සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර ගන්න.
  • උඳුන ක්‍රියාත්මක කර මස් සහ එළවලු සැකසීම ආරම්භ කරන්න.
  • මේ අතරතුර සහල් සෝදා ගන්න.
  • වැඩිපුර ගින්දර අවශ්‍ය දේ පළමුවෙන් පිසීම ආරම්භ කරන්න. දෙවනුව අඩු වශයෙන් ගින්දර අවශ්‍ය දේ පිසගන්න.

 

බැදීම
තැම්බීම
ව්‍යංජන පිසීම
එළවලු පිසගන්න

කාර්යක්ෂම උඳුන සොයා ගැනීම

  • ශ්‍රී ලංකාවේ 78.5% ගෘහස්ත ආහාර පිසීමට භාවිත වන්නේ දැව ඉන්ධන වේ.
  • සමස්ත එල්.පි. ගෑස් භාවිතයන් 84% වැයවන්නේ ගෘහස්ත කාර්යයන් සඳහා ය.
  • එමෙන්ම දැව ඉන්ධන භාවිතය සඳහා ගතානුගතික ක්‍රමවේදයන් යොදා ගැනීම සහ කාර්යක්ෂම නොවන එල්.පි. ගෑස් උඳුන් භාවිතය නිසා ගෘහාශ්‍රිත ආහාර පිසීමේ කටයුතුවල දී විශාල වශයෙන් බලශක්තිය නාස්ති වේ.
  • ඒ ඒ කාර්යයන් සඳහා නිශ්චිත ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වන දාහකයන් සහ නියම ප්‍රමාණයේ භාජන මගින් අපතේ යාම අවම කරගත හැකිවේ. විශාල භාජන භාවිතයෙන් බලශක්තිය නාස්ති වේ. අඟල් 6ක විශ්කම්භයෙන් යුතු භාජනයක්, අඟල් 8 ප්‍රමාණයේ දාහකයක් මත තැබූ විට, දාහකය නිපදවන බලශක්තියෙන් හරි අඩක් නාස්ති වේ.

 

සම්ප්‍රදායික ගල් තුනේ ලිප

  • 5-8% වැනි ඉතාම අඩු කාර්යක්ෂමතාවයක් පවතියි.

 

අනගි ලිප

  • 17-20% කාර්යක්ෂමතාවයක් පවතියි.

 

කාර්යක්ෂමතාවය වැඩිකර ගත හැකි ක්‍රම

  • උඳුන් දෙක ම එකවර භාවිත කිරීම.
  • දර කුඩා කැබලි ලෙස ඉන්ධන සඳහා යොදා ගැනීම.
  • අවශ්‍ය ප්‍රමාණයට වාතාශ්‍රය ලබා දීම.

 

එල්.පි. ගෑස් උඳුන

 

කාර්යක්ෂමතාවය - දර ඉන්ධන ලිප්වලට සාපේක්ෂව බොහෝ කාර්යක්ෂම ය.

  • නිල් දැල්ල ලබා ගැනීමට උඳුන සකසා ගැනීම.
  • පීඩන උඳුන, මළ නොබැඳන වානේ උපකරණ.
  • ගිනි දැල්ල සහ භාජනය අතර උස අඩු කිරීම.
  • දාහකයන් පිරිසිදුව තබා ගැනීම.

 

විද්‍යුත් ප්‍රේරණ උදුන

 

 

කාර්යක්ෂම ආහාර පිසීමකට රහස වන්නේ ඔබගේ ආහාර පිසීමේ දී ඔබගේ පුරුදු තේරුම් ගැනීම යි.

  • මනා සමතුලිතතාවය පවත්වා ගැනීම.

ආහාර වේලට අනුව පිසීමේ ක්‍රමය ගලපාගන්න. පාන් ටෝස්ට් කිරීමට අවනය භාවිත නොකරන්න. එය කළ යුත්තේ ටෝස්ටරයක් මගිනි. රයිස් කුකරය මගින් බත් පිසිනවා මිස අනෙක් ව්‍යංජන පිසීමට භාවිත නොකරන්න.

  • නිවැරදි භාජනය සමග උඳුන භාවිත කරන්න.
  • භාජනයට පිටතින් ගින්දර පැතිරීම වළක්වන්න.

භාජනයට පිටතින් ගින්දර පැතිරීමෙන් බලශක්තිය අපතේ යයි.

  • පියන් වසා තබන්න.

පියන් සහිතව කෑම පිසීමට වඩා පියන් නොමැතිව ආහාර පිසීමේදී තුන් ගුණයක් බලශක්තිය අපතේ යයි.

ඉහළ සන්නායක අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇති භාජන භාවිත කරන්න.

  • එල්.පි. ගෑස් ලිප් සඳහා ඉතාමත් හොඳ මට්ටමේ සන්නයකතාවක් ඇති මල නොබැඳන වානේවලින් නිපදවූ භාජන භාවිත කරන්න.

ජලය අවම ප්‍රමාණයක් භාවිතා කරන්න

  • ආහාර තම්බා ගැනීමේ දී අවම ජල මට්ටමක් භාවිත කරන්න. වැඩිපුර ජලය උණුසුම් කිරීමට වැඩියෙන් ශක්තිය වැයවේ.
  • ආහාර උවමනාවට වඩා පිසීමෙන් වළකින්න
  • එසේ පිසීමට ලක්වූ ආහාරවල රසය ගුණය අඩුවනවා පමණක් නොව එමගින් බලශක්තිය ද අපතේ යයි.
  • උදුන භාවිතයේදී සැම විටම දොර වසා තබන්න
  • විවෘත දොරවල් තුළින් උණුසුම පිටවේ.
  • ආහාර නැවත නැවත රත් කිරීමෙන් වළකින්න
  • එකට එක්ව ආහාර අනුභවය පවුලක ඇති සතුටුදායක ම මොහොතකි. මෙය පුරුද්දක් කරගන්න. හැකි සෑමවිට ම සැම දෙනා ම එකතු වී ආහාර ගන්න. මෙමගින් වරින් වර කෑම උණුසුම් කිරීමේ අවශ්‍යතාවය පැන නොනගින අතර බලශක්තිය ද පිරිමසයි. සැවොම ආහාර ගැනීමට එකතු වූ විට වයි ෆයි සම්බන්ධතාවය සහ රූපවාහිනිය වසා දැමීම ද අනිවාර්යය අංගයකි.

ඔබගේ ආහාර රටාවන් නවීකරණය කරගන්න

  • නැවුම් පලතුරු සහ එළවලු ආහාරයට ගන්න. අඩුවෙන් පිසීම යනු අඩුවෙන් බලශක්තිය නාස්තිවීමකි.
  • සම්ප්‍රදායික ක්‍රමයට බත් පිසීමට වඩා රයිස් කුකරයෙන් බත් පිසීම කාර්යක්ෂම ය. පීඩන උඳුනක බත් පිසීමට ඔබ හුරු පුරුදු වූවොත් බත් පිසීමට හොඳම ක්‍රමය එය යි. එමගින් බත් පිසීමට යන කාලය විනාඩි 10 දක්වා අඩු කරගත හැකිය.
  • රාත්‍රිය පුරා ධාන්‍ය පෙගීමට තැබීම මගින් උදෑසන ඒවා පිසින විට අවශ්‍ය වන්නේ අඩු කාලයකි.
  • පීඩන උඳුනක් මගින් 50-75% අතර බලශක්තිය ඉතිරි කරයි

පහත වගුව මගින් විවෘත බඳුනක කෑම පිසීම සහ පීඩන උඳුනක කෑම පිසීම සන්දනාත්මකව ඉදිරිපත් කරයි.

අයිතමය විවෘත බඳුන (විනාඩි) පීඩක උඳුන (විනාඩි)
අල 50 8
බිත්තර 30 6
බත් 25 10
ධාන්‍ 90 20

 

ඔබ පීඩන උඳුන භාවිත කළ යුත්තේ කෙසේද?

  • අවශ්‍ය ප්‍රරමාණයට වතුර පුරවා ගන්න. වැඩිපුර වතුර දැමීමෙන් වළකින්න. අමතර වතුර සඳහා 50% අමතර බලශක්තියක් වැයවේ.
  • විභේදකය මගින් වෙන් වෙනව ආහාර අසුරාගන්න.
  • විහේදකය පීඩන උඳුන තුළ රඳවා පියන වසන්න.
  • කුඩා විවරයෙන් වාෂ්ප නිකුත්විමේ දී පීඩන උඳුනේ බරුව කුඩා විවරය මත සවි කරන්න.
  • යම් වෙලාවකට පසු උඳුනෙන් සිවුරුහන් හඬ නිකුත් වේ. මෙමගින් සන්නිවේදනය කරන්නේ උඳුනට අවශ්‍ය පීඩනය, උඳුන විසින් ලබාගෙන ඇති බවයි.
  • දැන් ලබාදෙන උණුසුම අවම කරන්න. පීඩනය පවත්වාගෙන යාමට අවශ්‍ය උණුසුම ලැබෙන බවට සහතික කරගන්න. පිසීමට ගතවන නිශ්චිත වෙලාවට පසු උඳුන අක්‍රිය කරන්න.

  • පියන විවෘත කිරීමට පෙර විනාඩි 10-12ක කාලයක් උඳුන සිසිල්වීමට තබන්න. පියන විව්‍යත කිරීමට පෙර විවරය මත බරුව උඳුනෙන් වෙන් කරන්න. බඳුන සිසිල්වීමට තබන මොහොතේ ම වෙසේ බරුව විසන්ධි කළ යුතුය. පසුව වාෂ්ප සියල්ල පිටවූ පසු හැඩලය ලිහිල් කරන්න.
  • උඳුනේ පියන විවෘත කිරීමට පෙර බරුව විසන්ධි කර ඇති බවට තහවුරු කර ගන්න.
  • වාෂ්ප සඳහා පැහැදිලි මාර්ගයක් අවශ්‍ය නිසා බරුව සහ වායු විවරය නිරන්නරයෙන් පිරිසිදු කරන්න. (ටූත් පික් භාවිතයෙන්)
call to action icon