ඇතැම් විට පැරණි දේ සැමවිට ම හොඳ ම දේ නොවේ.

බොහෝ ශීතකරණ, විශේෂයෙන් අධි ශීතකරණ සඳහා විශාල ලෙස බලශක්තිය වැයවේ. ඔබට එය අවබෝධ නොවූවත් සාමාන්‍ය නිවසක 30% - 50% අතර ශක්ති ප්‍රමාණයක් ශීතකරණ සඳහා වැයවේ.නමුත් බොහෝ ශීතකරණ පවතින්නේ ඌණ උපයෝජන මට්ටමක ය. එහි පහත දෑවලට වැඩි යමක් අඩංගු නොවේ.

  • වතුර බෝතල් කිහිපයක්
  • කරවල - පූසන්ගෙන් බේරාගැනීමට
  • සීනි සහ අනෙක් පැණි රස ආහාර - කූඹීන්ගෙන් බේරා ගැනීමට
  • ඉතිරි වූ කෑම

 

බොහෝවිට ශීතකරණයෙන් භාවිත වන්නේ 10%ක ප්‍රමාණයක් පමණි!!

හොඳම ශීතකරණයක් සොයාගැනීම සඳහා ගවේෂණය

ශීතකරණ මගින් ආහාරවලින් උෂ්ණත්වය ඉවත් කිරීමට යාන්ත්‍රික බලයක් යොදයි. ශීතකාරක යනුවෙන් හඳුන්වන ද්‍රවයක් මගින් උණුසුම උරා ගනියි. මෙම ශිතකාරකය සංවෘත ලූපයක් තුළ සංසරණය වෙයි. එමගින් උෂ්ණත්වය උරාගෙන එය වායුවක් බවට පරිවර්තනය වෙයි.( උණුසුමෙන් කොටසක් කන්ඩේන්සර් දඟර මගින් විසුරුවා හැරෙයි). ඉන්පසු එම වායුව සම්පිණ්ඩකයක් මගින් සම්පිණ්ඩනය කර අධි පීඩන වායුවක් බවට පත්කර, එය උණුසුම් වායුවක් වීමට හේතුවේ. උරා ගත් උණුසුම කන්ඩේන්සර් දඟර මගින් පරිසරයට මුදාහැරෙයි. උණුසුම විසුරුවා හැරුණුවිට (ඉවත්වූ විට) වායුව ද්‍රව වායු මිශ්‍රණයක් වී ශීතකරණය සහ අධිශීතකරණය තුළ ඇති පයිප්ප ජාලය හරහා නැවත සංසරණය වීමට ඉඩහරියි. ශීතකරණය භාවිතයේ ඇති තුරාවට මෙය නැවත නැවත සිදුවේ.

හොඳම ශීතකාරකය කුමක්ද?

ලෝකය පුරා ම ස්වභාවික ශීතකාරක වෙත නැඹුරුවීමක් දැකිය හැකිය. ඒ බොහෝ විට හයිඩ්‍රෝ කාබන් වන අතර ඇතැම් දියුණු සමාගම් විසින් ව්‍යාපෘති මට්ටමින් ශීතකාරකයක් ලෙස කබන්ඩයොක්සයිඩ් යොදාගනියි. ආර් 600 වැනි ශීතකාරක ඕසෝන් ස්ථරයට හානි නොකරයි. බොහෝවිට ඒවා ගෝලීය උෂ්ණත්වයට බලපාන්නේද අවම ප්‍රමාණයකිනි. හයිඩ්‍රෝ කාබන් විසින් ද්‍රව්‍ය දහනය කරයි. එබැවින් නග්න ගිනිජාලා ඇතිනොවන ලෙස වග බලා ගත යුතුය.

අද පවතින නවීන ශීතකරණ භාවිත කරන්නේ අවුරුදු 20කට පෙර නිපද වූ ශීතකරණයක් භාවිත කළ බලශක්තියෙන් 1/10 කි.

ඔබට ඇත්තේ ඉපැරණි ශීතකරණයක් නම් නව ශීතකරණයක් මිල දී ගන්න. එමගින් ඔබට මුදල් සහ බලශක්තිය යන සම්පත් දෙක ම ඉතිරි වේ.

ඔබගේ ක්‍රියාවන් පිළිබඳව සැලකිලිමත් වන්න

නිවැරදි ප්‍රමාණය තෝරාගන්න.

ශීතකරණය විශාල වන තරමට භාවිත කරන බලශක්තිය ද වැඩිය.

පස් දෙනෙකුගෙන් යුතු පවුලකට ඒ ලීටර් 190 ශීතකරණයක් ප්‍රමාණවත් ය.

දොර පිළිබඳව සැලකිලිමත් වන්න

දොර විවෘත කිරීමෙන් සෙල්සියස් අංශක 10 - 20 අතර ප්‍රමාණයක් පහත වැටේ.

ජලය පානය කරන තෙක් ශීතකරණයේ දොර විවෘත කර ගෙන නොසිටින්න.

ගබඩා කිරීම නුවණැතිව සිදු කරන්න

සෑමවිට ම සංවෘත ඇසුරුම් ශීතකරණයේ ගබඩා ඉඩෙහි තැන්පත් කිරීම සුදුසු ය. ඒවා හිස් වුවත් ශීතකරණය තුළ ම තබන්න. මනාව සංවෘත ශීතකරණයක් තුළ වාතය සඳහා ඇත්තේ අඩු අවකාශයකි. එම නිසා දොර විවෘත කළ විට ශීත වාතය පිටතට ගලායන්නේ ද අඩුවෙනි.

පිළිවෙලට තබාගන්න

ගබඩා කිරීමේ දී පිළිවෙලකට තබන්න. උඩ ම රාක්කයේ ශීතල ඉවත් කළ යුතු ද්‍රව්‍ය, පිසූ ආහාර සහ පලතුරු, එළවළු මැද රාක්කයේ ද තබන්න. පිළිවෙලට ඇති ශීතකරණයක් සැමවිට ම අවශ්‍ය දේ සොයා ගැනීමත් එයට ළඟා වීමත් පහසු කරයි. අනවශ්‍ය ද්‍රව්‍ය ශීතකරණයෙන් ඉවත් කරන්න. සතියකට වරක් හෝ ශීතකරණය පිරිසිදු කරන්න.

භාජන භාවිතා කරන්න

පලතුරු සහ එළවළු වැනි දේ දවසකට අවශ්‍ය ප්‍රමාණය බැගින් භාජන තුළ ගබඩා කළ හැකිය. එතැනින් මෙතැනින් අවශ්‍ය දේ ගැනීමට වඩා නිවැරදි භාජනය ගත් විට ඒ තුළ අවැසි සියලුම දේ තිබීම ඉතාමත් පහසු ය. ආහාර වායු සංවෘත බඳුන්වල බහාලන්න. එසේ නොමැති වුවහොත් ශීතකරණය විසින් එම ආහාරවල ඇති තෙතමනය උරා ගැනීම නිසා ආහාරයේ නැවුම් බව නැතිවේ.

දියර ශීතකරණයේ තැබීමේ දී වසා ඇති බඳුන් හි බහාලන්න

ආවරණය නොකළ ආහාර, විශේෂයෙන් ද්‍රව මගින් ශීතකරණයට තෙතමනය නිකුත් කරයි. මෙම තත්ත්වය විසින් සම්පීඩකය තදින් ක්‍රියාත්මක වේ.

උණුසුම් ආහාර ශීතකරණයට දැමීමෙන් වළකින්න

උණුසුම් ආහාර ශීතකරණයට දැමීමට පෙර කාමර උෂ්ණත්වයට සිසිල් කර ගන්න. උණුසුම වැඩිවන තරමට එම උණුසුම ශීතකරණයෙන් ඉවත් කිරීමට ශීතරකරණය බලය යෙදවිය යුතුය.

ශීත ආහාර පිටතින් තැබූ පසු ඒවා නැවත උණුසුම් වේ

ඒවා යළිත් ශීත තත්ත්වයට පත් කිරීම සම්පීඩකයට තදින් දැනෙන කාර්යයයකි.

සිසිල් වීම සහ දිය වීම

අධි ශීතකරණයේ සිට ශීතකරණයේ ප්‍රධාන කොටසට අවශ්‍ය දෑ දමන්න. ඒවා පහසුවෙන් ම පැය 10 -12 අතර කාලයකින් භාවිත කළ හැකි මට්ටමට සිසිල් වේ. දිය වූ දෑ මගින් ශීතකරණයේ ප්‍රධාන කොටසේ ඇති අනෙක් ද්‍රව්‍යවල උණුසුම උරාගනියි. එය ශීතකරණයට මහත් පහසුවකි. අධිශීතකරණයේ ද්‍රව්‍ය අඩුවෙන් ඇත්නම් සම්පීඩකයට පහසු ය. සෙන්ටිමීටරයක් පමණ ඝනව අයිස් බැදුනු විට ශීතකරණය පිරිසිදු කරන්න.

බීඩිම් පිළිබඳව සැලකිලිමත් වීම

දොර මනාව වැසෙන බවත්, පිරිසිදු බවත් ස්ථිර කරගන්න. නිතර අයිස් බැඳීම මනාව දොර නොවැසෙන බවට ලකුණකි. දොර කෙළවරේ ඇති පොලිමර් ගෑස්කටය මනාව ඇති බව තහවුරු කරගන්න. මෙය සැක හැර දැනගැනීමට රු.20 නෝට්ටුවක් ගෙන දොර සහ ශීතකරණය මැද තබා දොර වසන්න.ඉන්පසුව නෝට්ටුව ඉවත් කිරීමට තැත්කරන්න. නෝට්ටුව පහසුවෙන් නොගැලවේ නම්, එය දොරට හිරවී ඇති බව දැනේ නම් ගෑස්කටය මනා තත්ත්වයේ ඇත. නෝට්ටුව පහසුවෙන් ගැලවේ නම්, එහි යම් කිසි කාන්දුවක් ඇති බව නිගමනය කළ හැකිය.

මනා වාතාශ්‍රයක් ඇති බවට ස්ථිර කර ගන්න.

ශීතකරණය පිටුපස ඇති කොන්ඩෙන්සරයේ ඇති දඟර සඳහා නිසි ලෙස වාතාශ්‍රය ලබාදෙන්න. පිටතට නොපෙනෙන දඟර නොමැති විට ශීතකරණයේ දෙපසින් සහ පිටුපසින් මනා වාතාශ්‍රය ලබා දිය යුතුය.

නිසි ස්ථානයේ තැබීම

ඍජු හිරු එළිය / උණුසුම් මතුපිට සහ උෂ්ණත්වයෙන් පිරි ගෑස් උඳුන්, කේතල ඇති ස්ථානයන්ගෙන් වෙන් ව ශීතකරණය තබන්න.

පිරිසිදුව තබාගන්න

කොන්ඩෙන්සර් දඟර දූවිල්ලෙන් වැසී ගිය විට ශීතකරණයට ක්‍රියාත්මක වීම අපහසු කරයි. ශීතකරණය ඇතුළත පිරිසිදු කරන විට පිටත ද පිරිසිදු කිරීම පුරුද්දක් කර ගන්න.

නිවැරදි සැකැස්ම

අධි ශීත තත්ත්වයක් අවශ්‍ය වන අයිස්ක්‍රීම්, මස්, මාළු වැනි ද්‍රව්‍ය අධි ශීතකරණයේ නොමැති විට දී ශීතකරණයේ සුසර කිරීම අවම මට්ටමේ තබන්න. අධි ශීත කළ යුතු ද්‍රව්‍ය ශීතකරණයේ ගබඩා කළ විට 40% ප්‍රමාණයට ශීතකරණ මීටරය තබන්න. (1 සිට 5 දක්වා ඇති මීටරයේ 2 සහ 3 අතර තබන්න).

දින ගණනකට ඔබට ශීතකරණයක් වසා දැමිය හැකිය, නැතහොත් සැකසුම් අවම කිරීම සඳහා. මෙය අභ්‍යන්තර උෂ්ණත්වය පවත්වා ගෙන යාම සහ කොම්පෝස්ටර් අක්‍රිය කිරීම සඳහා ක්‍රියාත්මක නොවේ.

පරණ දේ ඉවත් කරන්න.

අවශ්‍ය දේ පමණක් ගබඩා කරන්න. ශීතකරණයක් යනු පැණි රස ආහාර සහ වියළි මාළු තැබීමට හොඳම ස්ථානය නොවේ. ඒවා සඳහා වෙනත් ක්‍රම යොදාගන්න.

call to action icon