සරල වීම යනු දැනුවත්භාවය යි.

ඔබගේ නිවාස වටා ගස් වැවීම මගින් උණුසුම අඩු වීම විශිෂ්ට කාරණාවකි. විදුලි පංකා සහ වායුසමීකරණ වෙනුවෙන් ඉහළ වියදමක් දරන්නේ ඇයි? උපායශීලී වන්න. ඔබගේ නිවාස වටා ගස් සිටුවා ඔබේ විදුලි බිල අඩු කර ගන්න.

ගස් වර්ග තෝරාගැනීමේ දී කල්පනාකාරී වන්න. විශාල කොළ ඇති කොස් වෙනුවට කුඩා කොළ ඇති කොහොඹ සහ සියඹලා ගස් තෝරා ගන්න. කාණු හෝ වර්ෂා ජලය ගලා යන අගල් තුළ සිරවී බාධා කිරීමට ඒවාට ඇත්තේ අඩු හැකියාවකි. එමෙන්ම සාපේක්ෂව අඩු කොළ ප්රමාණයක් වැටෙන නිසා අවට පරිසරයද අපවිත්ර නොවේ.

මතක තබාගන්න,

වායුසමන යන්ත්‍රය භාවිතය මධ්‍යස්ථව තබා ගන්න. අවකාශය ඝන ශීතලෙන් නොව සිසිල්ව තබා ගැනීමට වග බලා ගන්න. උණුසුම් සහ තෙතමනය සහිත ශ්‍රී ලංකාවට ගැළපෙන ම උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 26 වේ.

වායුසමන යන්ත්‍රය පරිවෘත පෙට්ටිය නොමැති ශිතකරණයකි. එමගින් ශීතකාරකයේ වාෂ්ප යොදාගෙන අදාළ පරිසර අවකාශය සිසිල් කරයි.

සම්පීඩකය මගින් ශීතකාරකය සම්පිණ්ඩනය කර එය උණුසුම්වීමට ලක් කර අධි පීඩන වායුවක් නිපදවයි. (රූප සටහනේ රතු වර්ණයෙන් දිස්වේ).

උණුසුම් වායුව දඟර කිහිපයක් වටා ගමන් කර, (කන්ඩෙන්සරය) උණුසුම විසුරුවා හැර එය උණුසුම් ඝනීභවනය වූ ද්‍රව ශීතකාරකයක් බවට පත් කරයි.

මෙම උණුසුම් ද්‍රව ශීතකාරකය පුළුල් කපාටයක් හරහා ගමන් කර වාෂ්පීකරණය වී, ශීත, අව පීඩන ද්‍රව වායු ශීතකාරක මිශ්‍රණයක් බවට පත්වේ. (රූප සටහනේ ලා නිල් පැහැයෙන් දිස්වේ).

සිසිල් ශීතකාරකය දඟර කිහිපයක් (වාෂ්පකාරකය) වටා ගමන් කර වායු සමීකරණය වූ අවකාශයේ ඇති නැවත සංසරණය වන උණුසුම අවශෝෂණය කර එමගින් ගොඩනැගිල්ල තුළ ඇති වාතය සිසිල් කරයි.

වායුසමනයක් ක්‍රියාත්මක කිරීමට පෙර දෙවරක් සිතන්න. වායුසමනයක් අත්‍යවශ්‍ය නොමැති විට දී විදුලි පංකාවක් භාවිත කරන්න.

උෂ්ණත්ව පාලකය සෙල්සියස් අංශක 26 ට සුසර කරන්න. උෂ්ණත්වයේ ඇතිවන අමතර සෙල්සියස් අංශකයක වෙනසක් වෙනුවෙන් 4%ක් වැඩියෙන් බලශක්ති පිරිවැයක් දැරීමට සිදු වේ.

වායුසමනය කළ අවකාශයක විදුලි පංකා ක්‍රියාත්මක කර ඇත්නම් උෂ්ණත්ව පාලකය වැඩි උෂ්ණත්වයකට වුවද සකස් කළ හැකිය.

ඔබගේ භාවිත විස්තරය මැන ගැනීමට වැඩසටහන්කරණය කළ හැකි උෂ්ණත්ව පාලකයක් භාවිත කළ හැකිය.

ෆිල්ටර්, නළ, වා දොර පිරිසිදුව තබන්න. ඇහිරුණු ෆිල්ටර් මගින් නිසි පරිදි වාතය ගමන් කිරීමට අපහසු නිසා කම්ප්‍රෙසරය නොහොත් සම්පිණ්ඩකය වැඩියෙන් ක්‍රියාත්මක විය යුතුය.

වායුසමනය ක්‍රියාත්මක වන විට දොරවල් / ජනෙල් වසා තබන්න. කවුළු තීරයන් මගින් දිවා කාලයේ හිරු රශ්මිය ඇතුළතට ගලාගෙන ඒම බාධා / අවම කළ හැකිය.

වායුසමන ඒකකය ගොඩනැගිල්ලේ සෙවණ ම ස්ථානයක සවි කරන්න. ගස් වැවීමෙන් ඒකකය හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගත හැකිය.

බිඳුනු, පිපුරුණු ජනේල, බාහිර විදුලි සැපයුම් සහ බිත්ති ස්වීචයන් නිසි ලෙස මුද්‍රා කරන්න. එමෙන්ම නළ පද්ධති, නළයන් සහ විදුලි වයර් විනිවිද දැකිය හැකි බිත්ති මනා ලෙස ආවරණය කරන්න.

තිර රෙදිවලට ඇතුළතින් ඇති දුදුලන වීදුරුවලින් උණුසුම අවම කිරීමට / වැළැක්වීමට කිසිදු සහයක් නොදෙයි. එමනිසා සැමවිට ම මෙම වීදුරුවලින් පැමිණෙන හිරු කිරණ පිටතදීම වළක්වා ගැනීමට පියවර ගන්න.

විදුලි පංකා

සිවිලිම් විදුලි පංකා භාවිතය අවම කරගන්න. සිවිලිම් විදුලි පංකා සඳහා මේස විදුලි පංකා සහ පාදස්තල විදුලි පංකා සඳහා වැයවන බලශක්තියට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැයවේ.

පැරණි සිවිලිම් විදුලි පංකා පිළිබඳව අවදානය යොමු කරන්න. ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වුවද ඒවා බලශක්තිය නාස්ති කිරීමට දායක වනු ඇත.

ඔබගේ විදුලි පංකාව හොඳ මට්ටමින් තබාගන්න. නඩත්තු කිරීමට සහ සැලකිලිමත් වීම් සඳහා නිෂ්පාදකගේ නිර්දේශය පරීක්ෂා කරන්න.

නිවැරදි ස්ථානයේ විදුලි පංකාව තබන්න. එවිට ඔබට ඍජුව ම සුළං දැනෙයි.

ඔබ දන්නවා ද?

ගෙමිදුල් අලංකරණය ඔබගේ නිවස සිසිල්ව සුවපහසුව තබා ගැනීමට ස්වභාවික සහ අලංකාර ක්‍රමයකි. නිසි අවධානයෙන් යුතුව සිටුවන ලද ගස් මගින් නිසි ලෙස සෙවණ ලැබේ. මෙම ගස් මගින් සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිතව සැප පහසුව සඳහා වැයවන බලශක්තියෙන් 25%ක් ඉතිරි කර දෙයි.

call to action icon