ඔබගේ අංගාර පියසටහන යනු ඔබගේ ක්‍රියාකාරකම් නිසා විමෝචනය වන කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයන්ගේ එකතුව යි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරන්නේ වසරකට ය.

ඔබ සිදුකරන සෑම දෙයකින් ම කාබන්ඩයොක්සයිඩ් යම් ප්‍රමාණයක් විමෝචනය වේ. කාබන්ඩයොක්සයිඩ් හරිතාගාර වායුවක් බැවින් පෘථිවිය රැක ගැනීමට අප කළ යුත්තේ අපගේ පුද්ගලික ක්‍රියාකාරකම් මගින් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වළක්වා ගැනීම යි. කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුකිරීමට නම් ප්‍රථමයෙන් අප විමෝචනය කරන ප්‍රමාණය දැනගත යුතුය. එයට සහාය වීම සඳහා අප අධිකාරිය මගින් භාවිත කිරීමට පහසු කාබන් ගණකයක් මයික්‍රෝසෝෆ්ට් එක්සෙල් යොදවා සංවර්ධනය කර ඇත.

එම අංගත මෙතැනින් ඔබට ලබාගත හැකිය:

අපගේ ක්‍රියාකාරකම් හි දායකත්වය කෙබඳු ද?

ඔබගේ ක්‍රියාකාරකම් හි කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඔබ එය සිදුකරන ආකාරය අනුව වෙනස් වේ. නිදසුනක් ලෙස ඔබ මෝටර් රථයේ පාසල් යනවා නම් ඔබගේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය බසයක, කෝච්චියක හෝ පාසල් බසයක පාසල් යනවට වඩා ඉහළ ය. හිතන්න ඔබගේ නිවසේ සිට පාසලට ඇති දුර කිලෝමීටර් 10ක් නම් ඔබ මෝටර් රථයේ ගමන් ගන්නවා නම් එහි 4 දෙනෙකුට වඩා පිරිසක් ගමන් ගන්නේ නැත. මෝටර් රථයෙන් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හතරෙන් බෙදීමෙන් එක් අයකුට අදාළ කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණය ගණනය කළ හැකිය. මේ හා සමානවම ඔබ බසයක ගමන් කරන්නේ නම් බසයේ සම්පූර්ණ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය මගීන් 80 දෙනාගෙන් බෙදූ විට එක් අයෙකුගේ කාබන්ඩයොක්සයිඩ් විමෝචන බලපෑම ගණනය කළ හැකිය. එමනිසා ඔබ වැඩි වශයෙන් පොදු ප්‍රවාහනය භාවිත කරන්නෙක් නම් ඔබ පරිසර හිතකාමී රට වැසියෙකි.

පහත දැක්වෙන්නේ විවිධ ෆොසිල සහ විදුලි බලය මගින් විමෝචනය කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයන් ය. මතක තබාගන්න, විදුලි බලය වුවද නිපදවන්නේ තෙල් සහ ගල් අඟුරු පිළිස්සීමෙනි. සැමවිට ම සෑම දෙය ම අංග සම්පූර්ණ නොවේ. ඇතැම් ක්‍රියාකාරකම් සහ එමගින් සිදුවන කාබන් විමෝචනය පහත පරිදි ය.

ඉන්ධනය ඒකක කාබන් විමෝචනය
විදුලි බලය kg/kWh 0.71
ඩීසල් kg/l 2.74
පැට්‍රල් kg/l 2.28
එල්.පි.ජි. kg/kg 2.73
භූමිතෙල් kg/l 2.52
දැව ඉන්ධන kg/kg 1.51
call to action icon