සුළං සහ හිරු එළිය සැපයුම විචලනය වන සම්පත් ය. එම නිසා මෙම ප්‍රභවයන්ගෙන් ලැබෙන බලශක්තිය පිළිබඳව පූර්ව නිගමනවලට එළඹිය නොහැකි ය. මෙම තත්ත්වය පහසුවෙන් වෙනස් කළ හැකිය. සුළං හෝ සූර්යය බලශක්ති පද්ධතියකින් අඛණ්ඩ සැපයුමක් ලබා ගැනීමට කළ යුත්තේ පද්ධතිය විශාල කර අතිරික්ත බලශක්තිය පසු ප්‍රයෝජනය සඳහා ගබඩා කොට තබා ගැනීම යි. ප්‍රයෝගිකව මෙම විසඳුම සරල නොවන්නේ වර්තමානයේ මහා පරිමාණ ගබඩා පද්ධතියක් සඳහා දැරීමට වන පිරිවැය වැඩි නිසා ය.

නුදුරු අනාගතයේ දී ම සූර්යය බලය සහ සුළං බලය සඳහා නව ගබඩා තාක්ෂණික ක්‍රමවේදයන් තුනක්.

  • ස්මාර්ට් බැටරි.
  • තාප ශක්තිය ගබඩා කිරීම.
  • හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ.

ස්මාර්ට් බැටරි - මෙම සංකල්පය මතක් කළ විගස ම මතකයට පැමිණෙන්නේ මෙය විය හැකිය. එපමණක් නොව ටෙස්ලා පවර් වෝල් තාක්ෂණය හඳුන්වා දීමේ සිට කැපී පෙනුනේ මෙය යි. මෙහි මූලධර්මය සරල ය. සූර්යය හෝ සුළං බලශක්ති පද්ධතියක් මගින් උත්පාදනය කෙරෙන අතිරික්තය බැටරි තුළ ගබඩාකර අවශ්‍ය හෝ පහසු වේලාවක භාවිත කිරීමයි.

නිවාස, ව්‍යාපාර කිහිපයක සවිකර ඇති ස්වයංක්‍රීය තාක්ෂණයෙන් සන්නද්ධ බැටරි සම්බන්ධීකරණය කර ජාලගත ඉල්ලුම ඉහළ අවස්ථාවක භාවිත කළ හැකි අතර ඉල්ලුම අඩු අවස්ථාවක අතිරික්ත බලශක්තියෙන් ප්‍රයෝජන ගත හැකිය. ස්වයංක්‍රීය බැටරි බැංකු යනු අතිශය ප්‍රයෝජනවත් විචල්‍යය බලශක්ති සම්පත් වන සූර්යය, සුළං සහ විද්‍යුත් බලය යන ශක්තීන් තුලනය කිරීමට සහය වන ස්වාරක්ෂකයෙකි.

වර්තමානයේ වෙළෙඳපොළ නායකත්වය හිමිවන්නේ ඊයම්-අම්ල බැටරි සඳහා ය. නමුත් මෙම වර්ගයේ බැටරි නිතරම චාජ් කිරීමට නොහැකි අතර ඔවුන්ගේ සේවා අයු කාලය කපා හැරීමට ලක්වේ. සෑම ආරෝපණ වාරයක දී ම අහිමිවන ශක්ති ප්‍රමාණය 15% පමණ වේ. මෙම සීමාවන් ජයගත හැකි ස්මාර්ට් බැටරිය පහසු වීම සූර්යය සහ සුළං බලශක්තිය සඳහා මහත් රුකුලකි.

තාප බලශක්තිය ගබඩා කිරීම - මෙම ක්‍රමය බොහෝ විට සුර්ය කෝෂ වලට වඩා කැඩපත් භාවිතයෙන් තාපය රැස්කරන තාප සූර්යය බලශක්ති බලාගාර සඳහා භාවිත වේ. මෙසේ රැස්කරන සුර්යය බලය නිශ්චිත ඉහළ උෂ්ණත්ව ධාරිතාවයක් යටතේ යම් කිසි සංයෝගයක උෂ්ණත්වය ඉහළ දැමීමට භාවිත වේ. නිසුනක් ලෙස ද්‍රවීකෘත ලුණු දැක්විය හැකිය. ඉන්පසුව ගබඩා කර තිබූ තාපය විසින් ජලය වාෂ්ප කර, වාෂ්ප උත්පාදක යන්ත්‍රය සහ විද්‍යුත් උත්පාදක යන්ත්‍ර ක්‍රියා කරවයි. රාත්‍රියක හෝ වලාකුළු සහිත දිනයන් සඳහා අවශ්‍ය වන්නේ අවශ්‍ය ප්‍රමාණයට තාප ශක්තිය ගබඩා ක‍ර තිබීම පමණි. මෙම තාක්ෂණික ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිලාභයක් නම් භාවිත කරන වාෂ්ප ටර්බයින සහ උත්පාදක යන්ත්‍ර ප්‍රයෝගිකව ෆොසිල ඉන්ධන බලශක්ති බලාගාරවල භාවිත කරන යන්ත්‍ර හා සමාන යන්ත්‍ර වීම යි.

හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ - තාක්ෂණික ක්‍රම තුන අතරින් වඩාත් ම සංකීර්ණ තාක්ෂණික ක්‍රමය මෙය විය හැකිය. එය විචල්‍ය පුනර්ජනනීය බලශක්ති පද්ධතියක විද්‍යුත් නිමැවුමක් භාවිත කරයි. මෙම නිමැවුම බිහි වන ක්‍රියාවලිය විද්‍යුත් විච්ඡේදනය ලෙස හඳුන්වන අතර එහි දී ජලය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට වෙන්වේ. හයිඩ්‍රජන් ගබඩා කර ඉන්ධන කෝෂයකට බලය ලබා දීමට යොදාගනියි, එහි දී විද්‍යුත් විච්ඡේදනයේ ප්‍රතිලෝම ක්‍රියාවලිය සිදුවේ. එය සිදුවන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ජලය බවට පරිවර්තනය වී විද්‍යුත් බලයක් සහ තාපයක් හට ගැනීමෙනි.

සම්ප්‍රදායික බැටරිවලට වඩා ඉන්ධන කෝෂවල ඇති වාසිය වන්නේ ස්ථිර හයිඩ්‍රජන් සැපයුමක් සහ ඔක්සිජන් ප්‍රමාණය නඩත්තු වේ නම් දින නියමයක් නොමැතිව නොනවත්වා ධාවනය වීම ට ඇති හැකියාවයි. මෙම ප්‍රතික්‍රියාවේ අතුරු ප්‍රතිඵලයක් ලෙස තාපය බිහිවේ. එය ජලය උණුසුම් කිරීම වැනි කර්තව්‍යයන් සඳහාද භාවිත කළ හැකිය. ඉන්ධන කෝෂයක නිමැවුම් දෙකකි.ඒ නිමැවුම් දෙක ම ප්‍රයෝජනවත් ය. ඒවා ඒකාබද්ධ තාපය සහ වෙනත් බලශක්ති කාර්යයන් සඳහා යොදාගත හැකිය.

හයිඩ්‍රජන් යනු අධිඝණත්ව ශක්ති රවාහකයෙකි. බොහෝ දෙනා පවසන පරිදි අද දවසේ අධිපත්‍යය දරන ෆොසිල ඉන්ධන මෙන්ම හයිඩ්‍රජන් මීළඟ ප්‍රධාන බලශක්ති වාහකය වීමේ සම්භාවිතාව පවතියි. බලශක්ති ගබඩාකරණය විශාල ප්‍රමාණයන්ගෙන් සිදුකළ හැකි අතර බලශක්ති ජාල සඳහා බෙදාහැරිය හැකිය. මහා විභව ගත බලශක්ති ගබඩා කිරීමට නිදසුනක් වන්නේ පොම්පගත ජලවිදුලි බලය යි. මෙම බලශක්ති බලාගාර වෙනස් කළ හැකි ජලවිදුලි බලාගාරයන් ය. මෙමගින් වැඩිපුර බලශක්තිය ජනනය වූ අවස්ථාවක ජලය, ජලාශයට පොම්ප කළ හැකිය. ඉල්ලුම ඉහළ මොහොතක සාමාන්‍ය පරිදි නැවත භාවිත කර බලශක්තිය සැපයීමට යොදාගත හැකිය.

ගබඩා ගත බලශක්තිය බෙදාහැරීමට අදාළ කදිම නිදසුනක් ලෙස ටෙස්ලා පවර්වෝල් සහ පවර්පැක් වැනි ස්මාර්ට් බැටරි හැඳින්විය හැකිය. ඒවා නිවාස සහ ව්‍යාපාර කිහිපයක සවිකර ප්‍රමාණවත් සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ගබඩා ධාරිතාවයක් අත්කර ගත හැකිය.

call to action icon