අප නව පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කරන්නේ කෙසේද?

වර්ෂ 2016 වන විට නව පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණික ක්‍රම මාර්ගයෙන් බලශක්ති ජනනය 10%කින් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරිණි. මෙම ඉලක්කය 2015 වර්ෂයේ දී සාර්ථකව ළඟා කර ගන්නා ලදී. තවදුරටත් වසර 2020 වනවිට මෙම ඉලක්කය 20% ප්‍රමාණයක් දක්වා වැඩි කර ගැනීමට නියමිත ය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ දේශීය බලශක්තිය වැඩි කර ගෙන, බලශක්ති සුරක්ෂිතතාවය සහ බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි කර ගනිමින් බලශක්තිය සැපයුමෙන් සහ භාවිතයෙන් තිරසාරත්වය අත්කර ගනිමින් නව තලයකට ගමන් කිරීමේ නියමුවා ලෙස කටයුතු කිරීමට යි. මෙම ව්‍යවස්ථාදායක සංධිස්ථානය මූලික කර ගෙන පණතේ 15 පරිච්ඡේදයේ විධිවිධානයන්ට අනුව අනෙකුත් ජාතික සම්පත්වලට අදාළ වන පරිදි ම සියලුම පුනර්ජනනීය බලශක්ති සම්පත්වල පරම අයිතිය ජන රජයට පවරා ඇත. අධිකාරියේ මූලික පරමාර්ථයන් නම් පුනර්ජනනීය බලශක්ති සම්පත් රටේ ආර්ථික සහ සමාජ ප්‍රතිලාභ සදහා හඳුනා ගැනීම, අවබෝධ කරගැනීම සහ සංවර්ධනය කිරීම යි.

 

නව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය යනු?

ඕනෑම අයෙකුට (තනි පුද්ගලයෙකුට හෝ ආයතනයකට) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සදහා අයදුම් කළ හැකිය. ඒ සඳහා එකී සම්පත හටගත් හෝ පවතින වත්කම හෝ දේපල තමාට අයිති දේපොළක් වීම අනිවාර්යය නොවේ. ලියාපදිංචි වීම සඳහා අදාළ ගාස්තුව ගෙවීමෙන් පසු අයදුම්පතක් ඉදිරිපත් කල හැක. ඉන්පසු අදාළ අනෙකුත් නියෝජිතායතනවලින් අවසර ලබා ගැනීම අයදුම්කරු විසින් සිදු කළ යුතුය. අයදුම්පත් අප වෙතින් ලබා ගත හැකිය.

Gazetted Renewable Energy Development Guideline

ව්‍යාපෘති අනුමත කමිටුවෙන් අනුමැතිය සහ අයදුම් පත් පරීක්ෂා කිරීම සිදු කරයි. ව්‍යාපෘති අනුමත කමිටුව පිහිටුවා ඇත්තේ පණතේ 10 පරිච්ඡේදයේ විධිවිධානයන්ට අනුව ය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට අදාළ සැලසුම් අවසරයන් ලබා දීමට අදාළ රාජ්‍යය ආයතනයන්හි ප්‍රධානීන්ගෙන්  ව්‍යාපෘති අනුමත කමිටුව සමන්විත ය.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ විකශනයේ  අඛණ්ඩත්වයත් සමග වර්තමානය වන විට එය අඩු පිරිවැයකින් සංවර්ධන කාර්යයේ නිරතවන්නන් සහ පැවති මිළ ගණන් යටතේ සංවර්ධනය කරන්නන් අතර තරඟකාරීත්වයක් ගොඩනැගී ඇත.

අප විසින් වාරික වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන කාර්යය දිරිමත් කිරීමට ය. අප විසින් දියත් කරන මෙම වැඩසටහන්වල මූලික ඉලක්ක කණ්ඩායම වන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සම්බන්ධ වන මෙන්ම එම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමට සහභාගි වන රේඛීය නියෝජිත ආයතන නිලධාරී පිරිසයි. වැඩමුළු පරමාර්ථ මෙසේය;

  • පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා රජයේ ප්‍රතිපතිය පිළිබඳව දැනුවත් කිරීම. ක්‍රියාවලියට සම්පත් යෙදවීම, බලශක්ති සංවර්ධන අංශ සහ NRE ව්‍යාපෘතීන්වලට අදාළ ජාල සම්බන්ධතා ප්‍රකාශයට පත් කිරීම.
  • ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම සහ අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලියේ දී නියෝජිතායතන නිලධාරීන්ගේ වගකීම පැහැදිලි කිරීම.
  • EnerGIS භූ තොරතුරු පද්ධනිය හරහා අප විසින් සම්පත් වෙන්කර පවත්වාගෙනයන සේවා පිළිබඳව දැනුවත් කිරීම.
  • සැලසුම්කරණ ගැටළු සහ සමීපව පිහිටා ඇති සහ දුරින් පිහිටා ඇති ව්‍යාපෘතීන්ට අනුමැතිය ලබාදීමේ දී විසඳුම් ලබා දීමට ඇති ශක්‍යතාවය පිළිබඳව සාකච්ඡා කිරීම.
  • ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටු නියෝජිතයින් සමග ගැටුම් නිරාකරණය සම්බන්ධව සාකච්ඡා කිරීම.
call to action icon