උපකරණ මිලට ගැනීමේ දී බලශක්තිය යන සාධකය පිළිබඳව අවධානය යොමු කරන්න. ඇතැම් විට පරණ ශීතකරණය, කෙඳිරිගාමින් සිසිලස දෙන සිවිලිම් පංකාව ඉවත්කිරීම ඔබට අපහසු වීමට පුළුවන. දීර්ඝකාලීනව කාර්යක්ෂම උපකරණ විසින් එයට ඔබ දැරූ මිලය නැවත ලබා දී ඔබගේ ඉතුරුම් වැඩි කරයි. වැඩි වශයෙන් බලශක්තිය ඉතිරි කර ගැනීමට මෙම පරීක්ෂක ලැයිස්තුව ඔබට සහාය වනවා ඇති.

  • මම එය මිල දී ගත යුතුද?

මම එය මිලදී ගන්නේ හුදු වෙළෙඳ දැන්වීමක් නිසා ද? අසල්වැසියන් සමග කරට කර ගැටීමට ද? නැත්නම් ඇත්ත වශයෙන් ම මට එය අවශ්‍යද?

  • නිසි ප්‍රමාණය

ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල හෝ වැඩි බලයක් සහිත උපකරණ ගැනීමෙන් වළකින්න.

  • බලශක්ති සහ පරිසර ලේබල්කරණය පිළිබඳව සැලකිලිමත් වන්න

ලාම්පු, සිවිලින් විදුලි පංකා, ශීතකරණ, වායු සමීකරණ, පරිගණක යන මේ සියල්ල සඳහා බලශක්ති ලේබල් ඇත. ඔබ කාර්යක්ෂමතාවයෙන් ඉහළ උපකරණ මිල දී ගැනීමට ප්‍රවේසම් වන්න. මන්ද මිල දී ගැනීමේ දී වැඩි මිලක් දැරීමට වූවත් දීර්ඝ කාලීනව එමගින් ඔබගේ මුදල් ඉතිරි වේ. බලශක්තිය පිරිමසින විශේෂාංග සහ නිර්මාණ මිල දී ගැනීමට උනන්දුවන්න. ඔබ මිල සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව උනන්දු වනවා සේ ම උපකරණයේ බලශක්ති විශේෂාංග අයිතමයන් කෙරෙහි ද උනන්දු වන්න. බලශක්ති භාවිතය වැඩි කරන විශේෂාංග මොනවද යන්න ගැනත්, ඒවා ඔබට අවශ්‍ය ද යන්න ගැනත් අවබෝධයක් ලබා ගන්න. උදාහරණක් ලෙස රෙදි වියළීමේ යන්ත්‍රයකට වොට් 3000ක් වැයවන විට රෙදි සෝදන යන්ත්‍රයකට ඉන් පහෙන් එකක බලශක්ති ඒකක ප්‍රමාණයක් වැය වීම. ඇතැම් උපකරණවල උෂ්ණත්ව පාලක වැනි විශේෂ බලශක්තිය ඉතිරි කර දෙන අංගයන් ඇත.

  • මිල දී ගැනීම් සංසන්දනය

වෙළෙඳපොළේ පිරියත සහ උපකරණ බහුල බැවින් පිරිවැය වාසි ලබා ගැනීමට නම් අප විසින් උපකරණ විචක්ෂණව සංසන්දනය කර බැලිය යුතු ම ය. මිලදී ගැනීමක දී කාලය, පහසුව, මුදල් සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කළ යුතුවේ. ඇතැම් ලක්ෂණ සමාන යයි පෙණුනත් උපකරණවල බලශක්ති භාවිතයේ සැලකිය යුතු වෙනසක් ඇත.

call to action icon