බලශක්ති සඳහා වැඩිවන ඉල්ලුමත් සමඟ පුනර්ජනනීය බලශක්තිය ඵලදායී කළමනාකරණය සහ භාවිතය ඉතා වැදගත් වී ඇත. බලශක්තිය පිළිබඳ සවිඥානික ජාතියක් නිර්මාණය කිරීමේදී හෙට දවසේ තීරණ ගන්නන් වන පාසල් සිසුන් තීරණාත්මක ය. මෙම කරුණ හඳුනාගෙන පාසල් දරුවන් මේ සඳහා කාර්යක්ෂමව යොදා ගැනීමේ අරමුණින් අපි 2012 වසරේ පාසල් බලශක්ති සමාජ වැඩසටහන ජාතික මට්ටමින් දියත් කළෙමු. අද වන විට, බලශක්ති අධ්‍යාපන වැඩසටහනේ කැමති සෑම පාසලකටම පහසුකම් සලසමින්, පාසල් බලශක්ති සමාජ 3,000කට අධික සංඛ්‍යාවක් රට තුළ පිහිටුවා ඇත. තවද අනාගත පුරවැසියන්ගේ මනස බලශක්ති විඥානය වෙත යොමු කිරීම සඳහා බාලදක්ෂ වැඩසටහන සහ ළදරු පාසල් ගුරු අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ශිෂ්‍ය සටහන බලන්න මෙතැන ක්ලික් කරන්න

බලශක්ති කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා ඉහත විවිධ අධ්‍යාපනික මෙවලම්වලට අමතරව සංවර්ධනය වෙමින් පවතී. පියල් උදය සමරවීර මහතාගේ 'හුළං මාමා' කෘතිය ඇසුරින් නිර්මාණය වූ ‘හුලං මාමා’ කාටූනය ද එවැන්නකි. මෙම කාටූනයේ අරමුණ වන්නේ සුළං සෙල්ලම් බඩුවක් සමඟ සෙල්ලම් කරන දරුවා නිර්මාණකරුවෙකු, ඉංජිනේරුවෙකු හෝ බලශක්ති අංශයේ නවෝත්පාදකයෙකු වීමට පෙළඹවීමයි.

call to action icon