අපි කවුරුද

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති විප්ලවයේ පුරෝගාමීන් වන අප, මෙරටේ වටිනා ශක්ති ප්‍රභාවයන් වන සුර්යය ශක්තිය, සුළඟ, ජලය සහ ජෛව ශක්තිය සංවර්ධනය කිරීමෙහි ලා අවධානය යොමු කරමු.

ලෝකයේ බලශක්ති අනාගතය යන විෂයේදී සුනිත්‍ය සහ පුනර්ජනනීය බලය ඉතාමත් වැදගත් කාර්යභාරයක් සිදුකරයි. සම්ප්‍රදායික ෆොසිල ඉන්ධන භාවිතයේ ප්‍රතිඵලයක් වන හරිතාගාර වායු විමෝචන ය මගින් පරිසරයට ඉතාමත් හානිකර බලපෑම් ඇතිකරයි. නැවත ජනනය කළ නොහැකි ෆොසිල ඉන්ධන වේගයෙන් ක්ෂයවෙමින් පවතින නිසා රජය, වගකිව යුතු පරිසර සංවිධාන සහ විවිධ කර්මාන්ත විසින් තමන්ගේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට පරිසරයට හිතකර විකල්ප බලශක්ති ප්‍රභවයන් සෙවීමට පෙළඹී ඇත. ඉදිරිය දක්නා රජයේ වගකිවයුතු ආයතනයක් ලෙස අපගේ සැලසුම වන්නේ ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳව අවධානයෙන් සිටිමින් ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සඳහා තිරසාර විසදුමක් සෙවීමත් ඒ සදහා මග පෙන්වීමත් ය.

අනාගතයේදී පිරිසුදු, සුනිත්‍ය සහ දේශීය වශයෙන් සපුරාගත් බලශක්ති පරිභෝජනයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු පිණිස අප විසින් බලශක්ති ක්ෂේත්‍රයේ උපායමාර්ගික ආයෝජනය දිරිමත් කිරීමට අපේක්ෂිතය. එමෙන්ම අප රට සතුව ඇති ශක්ති ප්‍රභවයන් සූරාකෑමෙන් ආරක්ෂා කරගෙන, පර්යේෂණ, සංවර්ධනය සහ දැනුම සඳහා සම්පත් සම්පාදනය කරමින් ජාතියේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය නව බලශක්ති විසඳුම් සහ පද්ධති සංවර්ධනය කිරීමට ත් අපේක්ෂිතය.

අපගේ දැක්ම

බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක්...

අපගේ මෙහෙවර

දේශීය බලශක්ති සම්පත් සංවර්ධනයට සහ ගවේෂණය, සම්පත් සම්පාදනය, පර්යේෂණය සහ සංවර්ධනය සහ දැනුම කළමනාකරණය මගින් බලශක්තිය සංරක්ෂණයට දායකවෙමින් ස්වභාවික, මානුෂික සහ ආර්ථික ධනය තිරසාර පුරුදු මාර්ගයෙන් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය අත්පත් කරගැනීමේ සමස්ත ක්‍රියාවලියේ දී ජාතියේ මගපෙන්වන්නා ලෙස කටයුතු කිරීම.

call to action icon